යුද්ධයෙන් දිවි බේරා ගැනීමට වනයට පලාගොස් යුද්ධය අවසන් වූ බව නොදැන වනයේම වසර 40 ක් ජීවත්වූ වියට්නාම පියපුතු දෙපළක් සොයාගැනීමට
වියට්නාම බලධරයෝ සමත් වුහ.
පියා හෝ වැන් ත්න්හ් (81) ලෙසද පුතා හෝ වැන්ග් ලැන්ග් (41) ලෙසද හදුනාගෙන තිබේ.පියාට වියට්නාම බස කතා කිරීමට යම් තරමකට හැකියාව තිබුණද පුතාට හැක්කේ යන්තම් වචනයක් දෙකක් මිමිණීම පමණි.
වසර 40 කට පෙර ඇමරිකා වියට්නාම යුද සමයේදී ජීවත්වූ ගම්මානයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පවුලේ සාමාජිකයින් තිදෙනෙකු මියයාමෙන් පසු තමන්ගේ ජීවිතද අනතුරේ බව වටහාගත් මේ පියපුතු දෙපල දිවිබේරා ගැනීමට වනගතව තිබේ.වනයේ ඉතා දුරට ගමන් කර ඇති මොවුන් දෙදෙන එදා සිට ජීවත්ව ඇත්තේ වනයේමය.
මොවුන් සොයාගැනීමට හැකිව ඇත්තේ දර කැඞීමට වනයට ගිය ගම්වාසීන් පිරිසක් තමන් ‘‘කැළෑ මිනිසුන්‘‘ දෙදෙනෙකු දුටුවේයැයි බළධාරීන්ට පැමිණිළි කිරීම මාර්ගයෙනි.
ඔවුන්ගේ ඇදුම් නිමවා තිබී ඇත්තේ ගස් පොතු වලින් වන අතර නිවහන වී ඇත්තේ පොළවට මිටර 5 ක පමණ උසකින් ගසක ඉදිකරගත් පැලකි.
ආහාර වනයෙන්ම සපයාගෙන ඇති අතර තිරිගු වගාවක්ද පවත්වාගෙන ගොස් තිබේ.
පියපුතු දෙපළ දැන් සිටිනුයේ රෝහල් ගතවය.ඔවුන් යළිත් සමාජගත කිරීමේ වැඩකටයුතුද ඉක්මනින් ආරම්භ කරන බව බලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුක හිතෙන කතාවක්.(නදී)
කතාවේ මුල් ටික නම් දුකයි. ඒත් වනාන්තරය කියන මිහි මවගේ සෙවනෙන් සමාජගත කරනවාය කියන මිනිසුන්ගේ තිරිසන් ලෝකයට ගෙන එන එක යුද්ධය වගේම කටුකයි?(නදී)
මහා ලොකු බලාපොරොත්තු නැති , කිසිම තරග කාරී ජීවිතයක් නැති ,මානසික ආතතිය නැතිව නිදහසේ ජීවත් වෙන්න ඇති. ඒකත් නැති කරා මේ මිනිස්සු ගිහිල්ලා. ෂුවර් එකට සීනී නෑ, කොලොස්ටරෝල් නෑ, අදික රුධිර පීඩනය නැහැ. මොකද නිදහස් ජීවිතේ. ගමේ හිටියනම් 81ක් ඉන්නේ නැහැ. එක්කෝ ලෙඩක් හැදිලා මැරෙනවා. නැත්තම් එකක් ඇවිල්ල මරනවා කැලේ සත්තු මිනිස්සු තරම් නරක නෑ. කට්ටිය ටාසන් ගේ ෆිල්ල්ම් එක එහෙම බලලා ඇති නේද ? අන්තිමට ටාසන් ඔක්කොම දාලා අපහු කැලේට ගියා.(නදී)
අපරාදේ ඒ මිනිස්සුන්ට පාඩුවේ ඉන්ඩ හරින්නැයි තිබුනේ ජීවිතේ ඉතිරි කාලයත්..( ඒ රටේ සමාජයත් අපේ රටේ වගේ නම්.) නැත්නම් සමාජගත කිරීමේ වටිනාකමක් තියෙනවා. පුද්ගලිකව මම නම් කැමතියි මේ කෲර සමාජයෙන් මිදිලා ඈත කැලේකට යන්න තියෙනවනම්. ගස් වැල් සතුන්, කුරුල්ලන්, වතුර, සිසිල හරිත වනය තුල මොනතරම් සැනසීමක්ද?(නදී)
ඕක මොකක්ද අපේ රටේ දෙසිය විසි ගානක් ඉන්නේ.(නදී)
ඔවුන් ගේ නිදහස ඔවුන්ට දෙන්න.(නදී)
ඇමරිකාව තමයි වග කියන්න ඕනේ (දී)
මේ කියන්නේ ඇමෙරිකාව මොන තරම් කුරීරු යුද්දයක් වියට්නාමයේ ගෙනගියද කියන එක තාමත් සාධක සහිතව ඔප්පුවෙනවා කියන එක තමයි.. මේකට තමයි කියන්නේ සත්‍ය කවදාවත් සැඟවිය නොහැක කියන එක... මේවා අපේ දේශපාලනඥයන්ටත් හොඳ පාඩම්.
සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ කැමැත්ත අනුවයි. උන් වහන්සේ ඔබ දෙන්නාව කැළෑවෙන් පිටතට එවීමට තීරණය කළ පසු පිටතට ගෙන ඒමට බාහිර මිනිසුන් අවශ්‍ය නැත. (නි)
දෙපාවුන් සමග ජීවත් වෙනවාට වඩා වනයේ සිව්පාවුන් සමග ජීවත් වීම අගය ඔවුන්ට දැනේවි වැඩිකල් නොගොසින්ම. (ස)
අසරණ මිනිස්සු...අපේ රටේ මිනිස්සුත් ඔය අත්දැකීම කාලයක් වින්දා. (නි)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ ගැන දරන අදහස මොකක්ද දන්නේ නැහැ?පිල්ලේ මහත්මිය ලංකාවට ආපුවහම යනගමන් වියට්නාමේ පැත්තටත් ගොඩවැදිලා යන්න කියමු. (නි)
තිබුණු හොද ජීවිතේ මේ කට්ටිය නැති කළා (නි)
මේ දෙන්නා කැළේට ගියෙත් කාගෙහරි කැමැත්තටද නැත්නම් ජීවිතේට ඇති ආදරයටද? යුද්ධය අවසන් වී වසර තිහකටත් වැඩි කාලයක් යනතුරු,අප්පෙකුයි පුතෙකුයි දුක්විදින අයුරු බලා ඉන්න තරම් මහා කාරුණික හදවතක් ඇති පරම දයාබරයා කවරෙක්ද? (නි)