සෞදි අරාබියා රජතුමාගේ බෑනා කෙනෙකු, ප්‍රකෝටිපති
අල් වඩීඩ් බින් තලාල් කුමාරයා ලෝකයේ උසම ගොඩනැගිල්ල සෑදීමට යයි.
සෞදි අරාබියාවේ ජෙඩා නුවර කාන්තාර පසුබිම කැරගෙන කිලෝමීටරයක් උසට ඉදිකෙරෙන මෙම නව මහා ගොඩනැගිල්ල නම්කර ඇත්තේ " රාජධානි අටල්ල " ලෙසටයි.
අද ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙසට පිළිගන්නා එක්සත් අරාබි එමිරේට් හි ඩුබායි නගරයේ පිහිටි "බර්ජ් කලීෆා" ගොඩනැගිල්ලට වඩා "රාජධානි අටල්ල " මීටර් 830කින් උස වැඩිවෙයි.
මෙම වසරේදී ඉදිකිරිම් අරඹා 2018 දී වැඩ නිම කිරීමට නියමිතය.
වර්තමාන සෞදි අරාබියානු රාජ්‍යයේ "ධනවත්කම සහ බලවත්කම" සංකේතවත් කෙරෙන කාලයක් පවතින ප්‍රභල නිර්මාණයක් ලොවට හඳුන්වාදීම තමන්ගේ අභිප්‍රාය බව තලාල් කුමරු පවසයි.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජය, මටත් ගොඩක් දේවල් මැවුණා. ඒත් ඒවා සිහින විතරයි. (නි)
නිල්මිණි, වැඩිහිටියෙක් දෙන අවවාදයක් පිලි ගැනීම වැදගත් කෙල්ලෙක්ගේ උතුම් ගුනයක්.(නදී)
කෙනත් (එක්සත් ජනපදය) ඔයා කියන කතාව ඇත්ත. ඒ විද්‍යා දැනීම සැම හිතකම ඇතිවේවා. බුදුසරණයි. (නි)
රූපය දකින ඇසෙහි ඇතිවන ඒ ගැන ඇතිවන දැනීම විද්‍යා පහළ කරගෙන අනිත්‍ය, දුක්ඛ,අනාත්ම වශයෙන් දැක්කොත් එකෙන්හිම තණ්හාව පහළ නොවේ, උපදාන නොවේ,භාවය ඇති නොවේ, උපතක් නැත, ජාති ජරා මරණ රෝග දුක් පීඩා අවසන් වේ. විදින්නෙක් නැත්නම් දුකක් කොහෙද පවතින්නේ? (නි)
දුක් මහන්සිවෙලා හම්බු කරපු මුදල් වලින් පවුලෙ අයට සැප විදින්න පුලුවන් තැනක්. (නි)
මොනවා කළත් වැඩක් නැහැ හිතක් පපුවක් නැත්නම්. (නි)
තෙලේ බලෙන් වැජඹෙන සෞදි කුමාරයින්ට මේවත් වැඩද? (නි)
දැන් බරැක් ඔබාමා කිලෝ මීටර් දෙකට එකක් හදයිද දන්නෙ නැහැ. (නි)
මෙච්චර දිග එකක් (දී)
හරියට මිස්ටර් බීන් වගෙයි.(නදී)
මාර නිර්මාණයක් තමයි (දී)
අජිත්, ඔයා කියන කතාව ඇත්ත. (නි)
සැබැවින්ම මෙය හදුන්වන්නේ සැතපුමේ කුළුණ නමින්. ඒ එහි උස කිලොමීටර 1.6 නැතිනම් සැතපුමක උසකින් යුක්ත නිසා. මේ පිළිබදව වැඩිපුර දැනගැනීම සදහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න. http://en.wikipedia.org/wiki/Kingdom_Tower (නි)
නිල්ම්ණි, හොද නංගි වගේ අගහිග නැති සිංහල කොල්ලෙක් කසාද බැදගන්න. දරුවෝ මේ ගොල්ලන්ගේ රුව ලස්සන වුනාට වැඩ ගැන මතක ඇතිනේ.(නදී)
මුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැහැ. මෙහෙ කන්න නැතිව මොනතරම් මිනිස්සු ඉන්නවද?(නදී)
බොරු නම් වලින් පෙනී සිටිමින් අදහස් දැක්වීම ලැජ්ජාසහගතයි. (නි)
මැද පෙරදිග පාලකයෝ මිනිසුන් වෙනුවෙන් යමක් කරනවා. (නි)
මේගොල්ලෝ කොච්චර නවීන ගොඩනැගිලි හැදුවත් මෙයාලගේ මානසිකත්වය තියෙන්නේ ගල යුගයේ. අපොයි ඔය පැත්ත පළාතේවත් යන්න එපා. අමාරුවේ වැටුනොත් ජනාධිපතිටවත් බේරන්න බැහැ.(නදී)
ගොඩනැගිලිවලට අහස්යානා යවල බිද හෙලන ත්‍රස්තයින්ට කප්පන් ගෙවන්නත් සිදුවෙයිද කියන්න බැහැ.(නදී)
මොනවා අවුරැදු හතරයි! අපේ හයිවේ එකට අවුරුදු 30යි. කටුගස්තොට පාලමට අවුරුදු 8යි. (නි)
නිල්මිණි, වෙන මොකුත්ම හිතුනේ නැද්ද?(නදී)
තලාල් කුමරු කියන්නේ හොද කෙනෙක් කියලා මමත් දන්නවා. (නි)
අපරාදේ සල්ලි. මැරෙනවා කියලා හිතන්නේ නැතිව ඇති. ඒකයි.(නදී)
මෙයාව විවාහ කරගන්න හිතෙනවා.. ලස්සන කොල්ලා.. (ස)
බුදු අම්මෝ! උසට හදන්න පුළුවන් තමා. ඒත් කිලෝමීටරයක්? මෙච්චර උසට හදන්න අත්තිවාරම කොච්චර යටට දාන්නද ? (නි)
උසට හදන්න පුළුවන් තමා. ඒත් කිලෝමීටරයක් ...! මෙච්චර උසට හදන්න අත්තිවාරම කොච්චර යටට දාන්නද බුදු අම්මෝ ....(ස)
සාගින්නෙන් කෝටි ගණන් මැරෙද්දී කරන මෙවන් වැඩ වලට අල්ලාහ් දෙවිදුන් ඉදිරියේ උත්තර බදින්න වේවි. (නි)
මොනවා හැදුවත් වැඩක් තියෙයිද, කාන්තාවකගේ අතක් දුටුවිටත් හිත් පාලනය කරගන්න නොහැකි නම්. (නි)
ලෝකයේ ලොකුම ගොඩනැගිල්ල හදන්න අවු. 4යි.. අපේ අයට බෝක්කුවක් හදන්න අවු. 2යි (ස)
අල්ලා දෙවියන්ගේ පිහිටයි...!(ස)
මැද පෙරදිග රටවල් වල වෙළඳ පොළට ගියාම ‘‘මේඩ් ඉන් ඕමාන්“, යු එස් ඒ, කියලා හදපු භාණ්ඩ ගොඩක් තියෙනවා. මේවා කරන්නේ පිටින් ගිය ශ්‍රමිකයෝ.. නමුත් ඕන නම් මෙයාලට ඒකත් නොකර ඉනන තිබුනා.. අපේ වෙළඳ පොළට ගියොත් තියෙන්නේ ඉන්දියාවේ බඩු...(ස)
දැන් ඉතින් කට්ටිය මේකේ ඇද කුද එහෙම හොයනවා නෙමෙයි ඔන්න. (නි)