දේහ ලක්ෂණ අනුව උපතේදීම තෝරාගන්නා දැරියන් හට ‘‘ජීවමාන ස්වරූපයෙන් සිටින දේවතාවියන්‘‘ යැයි සළකා පුද සත්කාර කිරීමේ පිළිවෙතක් නේපාලයේ ඇත.
මෙම දැරියන් උපතේදීම ශුද්ධවු ජීවිතයක් ගත කිරීමට තෝරාගැනෙන අතර ඔවුන් සැළකෙන්නේ බලයට අධිපති හින්දු දේවතාවිය වන කාලි ගේ මිනිස් ස්වරූපයන් ලෙසය.
තෝරාගැනීමේ පටන් දේවතාවියකට පරිද්දෙන් ඔවුන්ට උවටැන් කෙරේ.
මෙම දැරියන්ට ඇවිදීමටවත් පවා බැතිමතුන් හා පූජකයින් ඉඩ නොදෙන අතර මෙනිසාම ඔවුන් සාමාන්‍ය මිනිසා ඇවිදීමට ඉගෙනගන්නා කාලයද ගතකරන්නේ දෝලාවල,සිංහාසනවල, හා බැතිමතුන්ගේ කර මත නැගීගෙනය.
පාසල් යාම,මිතුරු මිතුරින් ආශ්‍රය කිරීම ආදී සියලූ දෑ ඔවුන්ට අකැපය.
කෙසේවුවද මෙම දැරියන්ට දේවතාවියන් ලෙස සදාකාලයටම නොසැළකේ.වැඩිවියට පත්වුනු පසු නැවත සමාජය වෙත යෑමට ඔවුන්ට සිදුවේ.
සමාජය ගැන ඉගෙනගැනීමට තිබූ කාලය දේවතාවියක ලෙස ගතකර ඔවුන් සමාජය වෙත යන්නේ සමාජය යනු මේ යැයි කිසිත් නොදැනය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයේ පමණක් නොවේ ලංකාවෙත් මෙවන් චාරිත්‍ර තිබෙනවා (නි)
මේක මහ පවක්නේ. පාසල් යන්න, යාළුවන් ආශ්‍රය කරන්න, ඇවිදින්නවත් දෙන්නේ නෑ. ලොකු වෙලා සමාජයට ගියාම අවුරුදු ගානක් පිටුපසින්. (දී)
ඉන්දියාවේ තත්වය ඕක තමයි (දී)
ලොගේස්වාරන් කියන්නේ බැට කෑ කාන්තාවක් වගේ. කාන්තවට දෙවඟනක් වීමට අවශ්‍යනම් ඇය මුලින්ම තම දරුවනට හා ස්වාමියාට ආදරය කලයුතුයි අවංක විය යුතුයි. (දී)
එක එක විශ්වාස (දී)
ශානගේ අදහසට මමත් එකඟයි (නි)
දැන් බලන්න ලංකාවේ කොච්චරක් කියල යන්ත්‍ර මන්ත්‍ර සාස්තර පේන කියන අය ඉන්නවද? එත් අවුරුදු 30ක් යුද්ද කරපු ප්‍රභාකරන්ව අල්ලලා දෙනවා තියා ඉන්න තැනක් වත් කියන්න පුළුවන් උනාද? ඔක්කොමල්ලම කරන්නේ තමන්ගේ පැවැත්ම උදෙසා අනිත් අයව ඇන්දවීමක් පමණයි. (දී)
එක පැත්තකින් කාන්තාවන්ව දුෂණය කරනවා . අනිත් පැත්තන් කාන්තාව දේවත්වයන් සලකනවා . මේක පුදුම හොල්මන් ලෝකයක් .(දී)
කාන්තාව හැමදාම දෙවගනකි.බුදු දහමට අනුව ගෙදර බුදුන් අම්ම කියල අහල තියනවා.වෙන මොනවද?කාන්තාවට සලකන එක හොදයි (දී)
හැම ගැහැණු ළමයෙකුටම මේ විදිහට සලකන්න ලැබුනොත් හොඳයි (දී)
එක එක රටවල එක එක චාරිත්‍ර, ඇදහිලි, විශ්වාස.... මනුෂ්‍ය සිතෙන් සිතන්න පුළුවන් නිසානේ මේ වගේ එක එක දේවල් හිතලා ඒවා කරන්නේ. (නි)
බලනකොට ඒකත් අමුතුම චාරිත්‍රයක්.... නමුත් එහි යම් අපූර්වත්වයක් තිබෙනවා (නි)
තවම මේ මින්ස්සු මේ මෝහ අන්දකාරයේ ඉන්නවනේ මේක මේ ළමයට කරන මොනතරම් අපරාදයක්ද සලකන එක හොද උවත් ළමයාගේ මුළු අධාපනයම විනාස වෙනවා සමාජය ගැන අවබෝදයක් නැ අනාගතය ගැන විශ්වාසයක් නැ ලොකු උනාම අසරණ වෙනවනේ අනේ මන්ද කවද මේවා නතර වේද (දී)
හරිම ශෝක් මටත් ඔය වගේ කෙනෙක් වෙන්න ආසයි (දී)
මෙම ගැහැණු ලමයින්ට විවාහ වෙන්නත් බැහැ . ඉතින් දිනේෂ් කීවවගේ ගැහැණු සන්හතියටම එහෙම සැලකුවොත් මිනිස් සංහතියට දෙවියන්ගේම පිහිටයි (දී)
මෙහෙම සලකන්න ගත්තොත් හොදට හිටී (දී)
මේ මොන පිස්සුවක්ද. ස්ත්‍රී පක්ෂයට හැමදාම මෙහෙම සලකනවා නම් හොඳයි . (නදී)