තමාට ලැබුණු දඩ කොළයක් සම්බන්ධයෙන් රුසියාවේ රියදුරකු පුදුමයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඔහුට තැපැල් මගින් දඩයක් නියමව ඇති බවට සඳහන් ටිකට් පතක් ලැබී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ ඔහු පැදවූ කාරයේ සෙවනැල්ල මාර්ගයේ තනි සුදු රේඛාව කැපීමයි.
තැපැල් මගින් රියදුරුට දඩ කොළයක් ලැබීම පිළිබඳ ඔහු නොසතුට පළ කරන අතර එහි ඡායාරූපයක් ද අන්තර්ගත කර ඇතැයි කියති.
මොස්කව් නගරයේ තමා රිය පදවමින් සිටියදී එසේ දඩ නියමව ඇතැයි ඔහු කියයි. ඔහු නිවැරදි මංතීරුවේ රිය ධාවනය කරන ආකාරය ඡායාරූපයේ දිස්වන අතර එම වාහනයේ සෙවනැල්ල සුදු ඉර කපන අයුරු එහි සටහන්වී ඇත.
මාර්ගයේ ඇති කැමරාවක එය සටහන්ව ඇති අතර මේ පිළිබඳ රියදුරා අන්තර්ජාලයට සටහනක් එක් කරමින් ‘ අඩු ගණනේ කාරයේ සෙවනැල්ල හෝ මාර්ග නීති කඩ කරන බව කියමින් අපට දඩ නියම කිරීමට කැමරාවලට වුවමනාවී ඇති බවයි‘ යනුවෙන් සටහනක් තබා ඇත.
රථවාහන පොලිසියට එරෙහිව ද ඔහු පැමිණිල්ලක් දමා ඇතැයි කියති.
බලධාරින් පවසා ඇත්තේ කැමරාවල තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙය සිදුව ඇති බවයි. ඔවුන් දඩය අවලංගු කරන බවටද පොරොන්දු වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් බැරිද මේ ක්‍රමය ඇති කරන්න , මෙහෙත් තාක්ෂණය දැන් දියුනුනේ (අ)
ලංකාවෙ හයි කලොත් ෆොටෝ ගහලම කැමරාව දවසෙන් කැඩෙයි (අ)
ලංකාවේ මේ ක්‍රමය ක්‍රියාත්මකයි, කොළඹ ආරක්ෂිත කැමරා ආවරණ ප්‍රදේශ වල රථ වාහන වැරැද්දක් කරලා බලන්න, දඩ කොලත් නෑ කෙලින්ම උසාවි.(අ)
ජනක ලංකාවේ තියෙන්නේ මේ ක්‍රමය නෙමෙයි, වංගුවක් ළඟ එහෙම හැංගිලා බලාගෙන ඉඳලා ඉර කැපුනත් නැතත් සමහරවෙලාවට පනිනවා. පැනලා හුඟක් වෙලාවට ගණනක් අතමිට මෙලෙව්වහම යන්න දෙනවා. මේවා මගේ පුද්ගලික අත්දැකීම්. නමුත් හුඟක් පුද්ගලික බස් වලට මේ නීතිය නැහැ (නි)
දැන් ඩිජිටල් ඇමතිලාගේ තාක්ෂණය හරි දියුණුනේ. ඉතින් අපිට මේවා ලංකාවේ කරන එක හරි සරලයි (නි)
ජයාත් ගේ කීමට මමත් එකඟයි කොළඹ සිට ගලෙන්බිඳුනුවැවේ මගේ ගමට ගිය කීප විටකම ඔය කුරුණෑගල පැත්තේ පාරේ ඉර කැපුන කියා 1000 ගානේ දීල ගිය මේ අය පිළිගන්නේ නැහැ අපේ වචනය .මේරටවල් කොතරම් නීතිගරුකද තාක්ෂණය සමග රටවල් දියුනුවෙලා නීතිය කාටත් එක සමානයි (බ)
හෙවනැල්ලට දඩ ගැහිල්ල කෙසේ වෙතත් බදු ගෙහිල්ලක් නම් වෙන්න පුළුවන් මේ යන විදියට... (ම)
අපේ පොලිසිය නම් මීට වෙනස්. මාව නතර කළා කන්දක් උඩ ඉස්සර කිරීමේ වරදට. පොලිස් නිලධාරියා ළඟ තිබුනා පොත් 2ක්. එක පොතක, කිසිම ලකුණක් නැහැ පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත්කළ පොතක් බව හදුඳුනාගන්න. එම පොතේ ඔහු ලියනවා මම කළ වරද. ඊළඟ දිනයේ මට විදේශගතවීමට ඇති බව ඔවුන්ට පැවසු විට, වරදට ගාස්තුව ලෙස රුපියල් 1000ක් මගෙන් ඉල්ලා සිටියා, ඔවුන් දඩ මුදල මා වෙනුවෙන් ගෙවන බව පවසා. මගේ විදේශ ගමන කල්දැමීමට නොහැකි නිසා මම අදාළ මුදල ඔවුන් අතට දී ගමන ගියා. අදාළ මුදල් කාට ගෙව්වද දන්නේ ඔවුන් පමණයි (නි)
රූප දෙස බැලීමේදී දියුණු තාක්ෂණයකින් නිවැරදිව ෆොටෝ ලබාගෙන ඇතිබව පෙනේ . වරද ඇත්තේ එය නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වසුපැටුවූ තුලය හා සූර්යා(ඉර) නැගෙන හිරින් පටන් ගෙන බස්නාහිරින් සැගව යන බව නොදන්නන්ය . ඔබගේ වාහනය නවතා අඩි 2 ක් පමණ ඈතින් හතර වටින් ඉරක් ඇද, වාහනයේ සෙවණැල්ල දෙස බලා ඉන්න. එවිට යම් දෙයක් තේරුම් ගියොත් ඔබ උගතෙකි.නොගියොත් සූර්යා(ඉර) ගේ දොෂකි. (අ)
ලංකාවේ ඩිජිටල් ඇමති තාම කැල්කියුලේටර් එකක් වත් හැදුවද ලංකාවේ ඔය ඇමති කම ළමයෙකුට දුන්නනම් හරි කියල හිතන්නද්ද (අ)
සාගර බණ්ඩාර, ඔයාලා කියන දේ හරි. මේ වගේ වෙලාවක එයාලගේ "අවම ගාස්තුව" රුපියල් දාහයි. මම සාමාන්‍යයෙන් ඉරි කපලා යන්නෙම නැහැ. නමුත් අවස්ථා 3-4 කදීම මට නිවැරැද්දේ ජරාව දෙන්න වුණා (නි)
දෙවියෝ සාක්කි! (නි)
මම ගම්පහ හරහා කඩුවෙල හයිවේ එකට දානකොට ඔය සිදුවිමටම මුහුණ දුන්නා. බියගමට ඇති හතරමං හන්දිය ළඟ බෝ ගහ ළඟ ඉඳලා ඉර කැපුවා කියලා මට රු.500 ක් ලිවුවා. සත්‍ය වශයෙන්ම එය නොකළ වරදක්. කොතරම් පැහැදිලි කළත් එම පොලිස් නිලදාරීන් දෙදෙනා කන් දුන්නේ නැහැ. එවැනි වෙලාවට අපි අසරණයි. සමහරවිට කීයක් හරි ජරාව ගන්න වෙන්න ඇති. නමුත් මම දඩය ගෙවලා කියන්න ඕනෑ දේ මුහුණටම කියලා ආවා. මෙවැනි පොලිස් නිලධාරීන් පොලිස් සේවයට එකතු කරන්නේ කළු පැල්ලමක්. (නි)
ලංකාවෙත් දඩ කොලය තැපෑලෙන් එන ක්‍රමය ඇති කළොත් අල්ලස් ගැනීම නැතිවේවි. රජයට දඩ මගින් වැඩි අදායමක් ලැබෙයි. මිනිස්සු වැරැද්ද පිළිගෙන දඩය ගෙවනවා නම් නඩු දාන්න අවශ්‍ය නැහැනේ. එතකොට අධිකරණයේ නඩුත් අඩු වේවි. ඩිජිටල් අැමතිතුමනි, මෙම ක්‍රමය ලංකවේ ක්‍රියාත්මක කළ නොහැකිද? අඩුම තරමේ කොළඹවත් ක්‍රියාත්මක කරලා බලන්න (නි)