තමන්ට සුදුසුයැයි හැගෙන ගණනක් ගෙවා ආහාර ලබා ගත හැකි අවන්හලක් චීනයේ ෆස්හු ප්‍රදේශයේ ඇත.
මෙහි හිමිකරු වන්නේ ආයෝජකයෙකු වන ලියු පෙන්ග්ෆෙයි ය. බයිබලයේ සදහන් ජේසුස් වහන්සේ පන්දහසකට කෑම දුන් සිදුවීම තමන් මෙවැනි අවන්හලක් ආරම්භ කිරීමට මෙහෙයවූ බව ඔහු කියයි.
එම අවස්ථාව සිහිගැන්වීමට ඔහු තම අවන්හලට නම තබා ඇත්තේත් ‘පාන් රාත්තල් පහ හා මාලූ කූරි දෙකේ‘ අවන්හල ලෙසය.
මෙම අවන්හලට පැමිණෙන්නෙකුට ආහාර මෙනුවේ ඇති ඕනෑම කෑමක් ඇනුවුම් කර ඊට සාධාරණ යැයි තමන්ට හැගෙන ඕනෑම ගණනක් ගෙවා යා හැක.
නමුත් අවන්හලට පැමිණෙන ඇතැමුන් මුදල් කිසිත් නොගෙවාම ආහාර ගෙන පිටව යන බව ලියු පවසයි.මේ නිසාවෙන් තමන් මෙම ව්‍යාපාරය කරගෙන යන්නේ පාඩු පිට බව ඔහු කියයි.
නමුත් මෙතැනට පැමිණෙන අවංක පුද්ගලයිනුත් නැතුවාම නොවේ.අවන්හලට දිනපතාම පැමිණෙන බැංකු සේවකයෙකු වන ෆෙන්ග් වෙයි එවැන්නෙකි.දිනපතාම තම කුඩා පුතණුවන් සමග අවන්හලට පැමිණෙන ෆෙන්ග් රිසි සේ ආහාර ගෙන එම ආහාර ගෙවීමක්ද සිදුකරන්නෙකි.
‘මෙය ඉතා හොද සංකල්පයක්.සමහරු ඉන්නවා තමයි කාලා බීලා මුකුත් නොදීම යන අය.ඔවුන් අවංක පුද්ගලයින් ලෙස මා දකින්නේ නැහැ.මම මගේ පුතාවත් මෙතැනට රැගෙන එන්නේ ඔහුට අවංක කම ගැන කියාදීමට.තමන්ට නිකන්ම දෙයක් ලැඛෙන විට එයට කෘතගුණ සැළකීම යුතුකමක් බව පෙන්වාදීමට‘ යැයි ඔහු කියයි.
පාඩු ලැබුණත් අවන්හල දිගටම පවත්වාගෙන යාමට තමන් අදහස් කරගෙන සිටින බව හිමිකරු ලියු කියයි.ඉදිරියේදී කිසිත් නොදී පිටව යන පුද්ගලයින් කොටු කර ගැනීමටත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන සිටින බවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අවන්හලක් මෙල්බර්න් වල තියෙනවා. ඒක ආරම්භ කලේ ශ්‍රී ලාංකිකයෙක්. ඒකේ නම "ලෙන්ටිල් වගේ ඕනේ දෙයක්" එකේ හැම ජාතියකම කෑම තියනවා. කෑම කාල තමුන්ට සුදුසු ගණනක් දීල යන්න පුලවන්.(නදී)
නියමයිනේ (නි)
අපෙත් මීට වඩා හොද ඒවා තියෙනවා ඡන්ද කාලෙට (නි)
ඔව් අමිල, කාලා අරක්කු ටිකකුත් බීලා සල්ලි ටිකකුත් අරන් යන්න පුළුවන් ඒවා ලංකාවේ තියෙන්නේ. (නි)
එතකොට එම ආපන ශාලාවේ මස්,හුනෝ මස්,මි මස්,ගෙඹි මස්, කැරපොතු මස්, ගැරඩි මස්, බලුමස්,පුසෝ මස්, ගැඩවිල් පනුවෝ,කටුසු මස් ආදි වශයෙන් මේ ලෝකේ ඉන්න සියලුම ප්‍රාන ජීවීන් ආහාර පිණිස තියලද? ඔව් ඉතින් එතකොට නිකන් කන්න දෙන්න මොකෝ බැරි. (නදී)
කෙනෙක් යමක් කරන විට වැරදි විදියටම බලන්න පුරුදු වෙන්න එපා, කුමාර, මේ ගැන හුගක් බැරිනම් ටිකක් හරි සුභාවාදිව බලන්න පුරුදු වෙන්න. අපේ පුරුදු අපේ දරුවොත් කරනවා. (නි)
ලංකාවෙත් ඔය වගේ පිනට කන්න දෙන තැනක් තියෙනවා (නි)
ඕක ඉතින් අපිට අලුත් දෙයක්යෑ? අපේ බත්තරමුල්ලේ හෝටලේ නිකන් කන්න දීලා මාසේ පඩියත් දීලා පැන්ෂන් එකකුත් දෙන්නේ (නි)