පදික වේදිකාවට අලූතින් සිමෙන්ති ඇතිරීමට බාධා වන අයුරින් ගාල් කර තිබූ කැබ් රියක් එහි හිමිකරුවා සමග ඇතිවූ බහින්බස් වීමකින් පසුව සිමෙන්ති යොදා පදික වේදිකාවටම ‘‘සවිකර‘‘ යාමට බ්රසීලයේ කම්කරුවන් පිරිසක් ක්රියා කළහ..
වාර්තා වන ආකාරයට මෙම රියේ හිමිකරු වසර ගණනක සිට මෙම ස්ථානයේ තම රථය ගාල් කිරීමට පුරුදුව සිට ඇති අතර කම්කරුවන්ගේ ඉල්ලීම පරිදි එය මදකටවත් ඉවත් කර ගැනීමට කැමැත්ත පළ කර නොමැත.
මෙනිසා කෝපයට පත්ව ඇති කම්කරුවන් පිරිස කර ඇත්තේ කැබ් රියත් පදික වේදිකාවටම ඇලී සිටින සේ බදාම යොදා පදික වේදිකාව පිළිසකර කිරීමය.
මෙය සැළවූ බළධාරීන් කැබ්රිය ඇදගෙන යාමට පැමිණ ඇතත් ඔවුන් පැමිණි පසු දැකගත හැකිව තිබෙන්නේ ක්ෂණිකව ඝන වන බදාම වර්ගයක් භාවිතා කර ඇති හෙයින් කැබ් රිය හෙල්ලීමටවත් නොහැකි වන අයුරින් පදික වේදිකාව හා බැඳී තිබෙන අයුරුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයතිලක, මේ වගේ දඬුවම් දෙන්න ඕන දේශපාලුවන්ගේ වාහන එලවන රියදුරන්ට. (නදී)
පින්තුරය බලපුවහමනම් පෙනෙන්නේ බ්රසීලය නොවේ ඉන්දියාව වගේ. දැන් අපේ රටේ පාරවල් මීට වඩා කොයි තරම් ලස්සනද?(නදී)
කම්කරුවන් දීපු දඩුවම නම් හරිම ශෝක් නපුරු මිනිසුන්ට මෙවැනි දඩුවම් ලැබිය යුතුයි නේද ? (නදී).
කම්කරුවන් දීපු දඩුවම නම් නියමයි! (නදී)
නියම වැඩක්.(නදී)
බ්රසීලයේ එහෙම උනාට අපේ රටේ එහෙම වෙන්නේ නැහැ (අ)
ජයතිලක ඔයා හරි, කම්කරුවන් නීතිය අතට අරන් වගෙයි. ඒත් කෑබ් එකේ අයිතිකාරයා ලොක්කෙක් නම් පොලිසියට කතා කරලා වෑඩක් නෑ. ඒක නිසා වෙන්ඩ ඕනේ මේ වගේ වෑඩක් කරන්න ඇත්තේ.(නදී)
119 කතා කරලා කිව්වා නම් හරිනේ වාහනය ඉවත් කරලා දෙන්න කියලා.(නදී)
අපේ මිනිස්සුන්ට වාහන තිබුනට මොළේ නැහැ.(නදී)
ජයතිලක කම්කරුවන්ට දොස් කීම වැරැදියි (දිල්)
නියම වැඩක් ලංකාවේ ලොක්කන්ට හොඳ ආදර්ශයක්.(නදී)
කැබ්රිය අයිතිකරුට දීපු දඬුවම් නම් හොඳයි. කවදාවත් අමතක නොවන්න හොඳ දඬුවමක්.ර ථ වහාන පරිහරණය කරන්නන්ට හොඳ ආදර්ශයක්. (නදී)
නියමයි! (නදී)
නියම වැඩේ.(නදී)
මගේ අදහස නම් කම්කරුවන් නීතිය අතට අරගෙන. ඔවුන්ට තිබුනා පොලිසිය කැදවා වාහනය අයින් කීරීමට. නීතිය හරියට ක්රියාත්මක නොවන,දුෂණයෙන් පිරුණු බ්රසීලයේ වගේ රටක මෙවැනි දේවල් පුදුමයකට කරුනකුත් නෙවෙයි බලන් ගියහම.(නදී)
මරු වැඩක්නේ.(නදී)
නියමයි, මේ විදිහට ලංකාවේ ඉන්න සම- හරක් රියදුරන්ට, ( විශේෂයෙන්ම ලොක්කන්ගේ ලොකු වාහන එලවන ඔලුව ඉදුමුන රියදුරන්ට) මේ වගේ දඬුවම් දෙන්න ඕනා.(නදී)
අපේ රටේ කම්කරුවන්ගේ ජීවය ඊනියා මාක්ස්වාදීන් විනාශ කර දමා ඇති නිසා මෙවැනි එඩිතර වැඩක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. වැඩේ නම් නියමයි! (නදී)
මේ බදාම වර්ගය අපේ රටට නම් හොදට ගැලපෙනවා. පාරවල් හදන්න යොදාගන්න පුළුවන්. (නදී)
මෙය හොද දඩුවමක් තමයි, නමුත් පාර හදන අය නීති ගරුක විය යුතුයි. (අ)
හොද වැඩේ උනේ ,ඔය වගේ අය කොතැනත් ඉන්නවා (අ)