වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 2050 වර්ෂය වනවිට අතිවිශාල ලෙස ඉහළ යාමේ හේතුවෙන් ලෝකයේ ආහාරවල අන්තර්ගත තුත්තනායගම් හෙවත් සින්ක් සහ යකඩ යන මුලද්‍රව්‍යයන්හි වෙනස්කම් ඇතිවේයැයි පර්යේෂකයෝ අනතුරු හඟවති.
ඇමෙරිකාවේ හාවර්ඩ්හි මහජන සෞඛ්‍ය විද්‍යායතනය විසින් කරන ලද නව අධ්‍යයනයකින් මේ බව හෙළිවී ඇත. ඔවුන් පවසන්නේ පැලෑටිවල මේ පෝෂ්‍ය කොටස් සාන්ද්‍රතාව අඩුවෙමින් පවතින බවයි.
දැනට සොයාගෙන ඇති දත්ත අනුව ලෝක ජනගහනයෙන් කෝටි 200ක් පමණ තුත්තනායගම් සහ යකඩ ඌනතාවයෙන් පෙලෙති. මේ හේතුවෙන් ඇතිවන මන්දපෝෂණයෙන් ලොව පුරා වසරකට මියයන සංඛ්‍යාව කෝටි ලක්ෂ 630කි.
ආහාරයේ අඩංගු පෝෂ්‍ය කොටස් හිඟවීම සැළකිය යුතු සෞඛ්‍ය තර්ජනයක් බවත් එයට හේතුව දේශගුණික විපර්යාසය බවත් හාර්වඩ් මහජන සෞඛ්‍ය විද්‍යායතනය කරන ලද පරීක්ෂණ වාර්තාවේ දක්වා ඇත.
පළමුව වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩිවිම පාලනය සඳහා විසඳුම් දිය යුතුය. මෙයට හේතුවක් ලෙස පර්යේෂණයේ ප්‍රධානී විද්‍යාඥ සැමුවෙල් මයර්ස් පවසන්නේ කාර්මික විප්ලවය මගින් මානව පෝෂණය වෙත තර්ජන එල්ල වී ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ මදි කවුරු හරි ඉන්නවා නම් දන්වන්න. අපේ ගෙදර පිටිපස්ස පැත්තෙ පරණ මලකඩ කාපු යකඩ ගොඩක් තියනවා. සල්ලි ඕනත් නැහැ! (ස)
දැන්වත් අදාළ බලධාරීන්ගේ ඇස් ඇරේවා. (ස)
රොකී,මෝඩයෙක් වගේ කියවන්න එපා.වැදගත් දෙයක් මෙතන පෙන්නලා තියෙන්නේ. (නි)
රොකීලා වගේ අය තමන්ගේ බෙල්ලට තොණ්ඩුව වැටෙනකල්ම ඔහේ කෑගගහා ඉඳීවි. (නි)
රොකී,මෝඩයෙක් වගේ කියවන්න එපා කියලා තමයි මමත් කියන්නේ (නි)
නුවන්/ධනංජය, පෙන්වා දී තිබෙන්නේ බොහොම වැදගත් දෙයක් නේද? එහෙනම් ඉතින් බල බලා ඉන්න. මගේ බෙල්ලට තොණ්ඩුව වැටෙන්න මම යකඩ හොරෙක් නෙමෙයි. (නි)
අපේ ගෙදර බලු පැටියෙක් ඉන්නවා රොකී කියලා (නි)
පරිසරය විනාශ කර ලබාගන්න දියුණුව ඇත්තම අපේ විනාශයි.. (අ)
නිවිති වැඩියෙන් වවලා කෑමට ගන්න සියළුම කට්ටිය (නි)
අපේ ගෙදර හරකෙක් ඇති කරනවා උගේ නම රොකි.(නදී)
"අපේ ගෙදර බලු පැටියෙක් ඉන්නවා රොකී කියලා" ඒකාත් මළකඩ ටකරන් කන මෝඩයෙක්ද? (නි)
මිනිසුන්ට පරිසර විනාශය ගැන නැවත හිතන්න කාලය අැවිල්ලා (නි)
කලබලවෙන්න එපා. රොකිගේ උගත්කම නැත්නම් දන්නා තරම තමයි ඒ පෙන්නුවේ.(නදී)
වායු ගෝලයට කාබන්ඩයොක්සයිඩ් පිට කිරීම වැඩිවශයෙන් ම සිදුවන්නේ පොසිල ඉන්දන දහනය මගින්.දිනකට පෙට්‍රෝලියම් තෙල් බැරල් මිලියන් ගණනින් ගොඩ දමමින් අනවශ්‍ය පරිදි, කිසිම විද්‍යාත්මක පරිපාලනයකින් තොරව,පුලුස්සා දමන මෙම විනාශය දැන්වත් නතර කළ යුතුය.ඒ වෙනුවට පරිසරයට හිත කාමී බලශක්ති උපයෝගී කරගෙන පොසිල ඉන්දන දහනය ක්රමාණුකූලව අඩුකරගත යුතුය. (ස)