කැනඩාවේ නව අගමැති ජස්ටින් ට්රුඩෝ තම ආරක්ෂක ඇමැති වශයෙන් තෝරාගෙන ඇත්තේ එරට පුරවැසිභාවය ලබා කැනඩාවේ හැදී වැඩි පසුව කැනඩා පොලිස් සේවයේ සහ යුද හමුදාවේ සේවය වෙනුවෙන් ගෞරව බුහුමානයට ලක්වූ ඉන්දිය ජාතික හර්ජිත් සිං සජාන්ය.
1970 වේදී ඉන්දියාවේ උපත ලද ඔහු කැනඩාවට පැමිණියේ වයස අවුරුදු පහේදිය. වැන්කුවර්හි ජීවත්වූ ඔහු මුලික අධ්‍යාපනය අවසන් කළ පසු කැනඩා පොලිස් සේවයට බැඳී රහස් පරීක්ෂකයකු ලෙස කටයුතු කර ඇත. 1989 දී ඔහු කැනඩා යුද හමුදාවට බැඳී ඇත. යුද හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ ඔහු බොස්නියාව සහ ඇෆ්ගනිස්ථානය ඇතුළු විදේශ සටන් පෙරමුණු කිහිපයකම එක්සත් ජාතීන්ගේ හමුදා සේවයෙහි කටයුතු කර ඇත්තෙකි. කැනඩා හමුදාව තුළ ඔහු දැක්වූ රණශුරත්වය හේතුවෙන් 2011 දී ඔහු බ්‍රිටිෂ් කොලොම්බියා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට පත්කරනු ලැබිය.
කැනඩා යුද හමුදාවේ එවන් වගකිව යුතු තනතුරක් සඳහා උසස් වීමක් ලද ප්‍රථම ඉන්දියා ජාතිකයා වීමේ ගෞරවය හිමිවන්නේද ඔහුටය.
ඔක්තෝබර් මාසයේ පැවැත්වුණ මහ මැතිවරණයේදී වැන්කුවර් දකුණ මැතිවරණ කොට්ඨාසය සඳහා ලිබරල් පක්ෂයෙන් තරඟකොට ජයග්‍රහණය කළ ඔහු නොවැම්බර් 4 නව රජයේ ආරක්ෂක ඇමති වශයෙන් දිවුරුම් දුන්නේය.
කැනඩාවේ නව ආරක්ෂක ඇමැති ලෙස දැවැන්ත වගකීමක් තමන් වෙත පැවරෙන බව පැවසු ඔහු තම රටේ ආරක්ෂාව උපරිම මට්ටමෙන් රැකගැනිම, නවීන මාදිලියේ එෆ් 35 ප්‍රහාරක ජෙට් යානාවක් නිර්මාණය කිරීම සඳහා ඇමෙරිකාව සමඟ කැනඩා රජය ඇතිකර ගත් ඇති සහයෝගිතා සම්මුතියෙන් ඉවත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම, කැනේඩියා හමුදාවන්හි සේවය කරන භටයින් වෙත එල්ලවී ඇති බරපතල ලිංගික විෂමාචාර චෝදනා පිළිබඳව සොයාබලා එවැනි ක්‍රියාදාමයන් සිදුවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම සහ යුදමය වාතාවරණයක් ඇති විදෙස් රටවල සේවය සඳහා යොදවා ඇති කැනේඩියා සේනාංක හැකි ඉක්මනින් ආපසු ගෙන්වා ගැනීම සඳහා පියවර ගැනීම ප්රමුඛ වන බවද කිවේය.

![Harjit_Sajjan2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Harjit_Sajjan21.jpg)
![harjit-sajjan-2014[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/harjit-sajjan-20141.jpg)
![harjit-sajjan-and-family[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/harjit-sajjan-and-family1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලන්න ඒ රටවල් වල වෙනස! (නි)
මහා බැංකු අධීපති මහා දවල් ගෙවල් බිදිදීත් ඉන්දියාවෙන් ඇවිත් අහක බලන් හිටපු ශිලාචාර ඇමරිකානුවන්ට වැඩිය හොද ජාතියක් අපි (ම)
සික් ජාතිකයෝ කොහොමත් බොහොම ශක්තිමත් රණශූරයෝ කියලා ඉන්දියානු ජාතිකයෝ කියනවා. (නි)
අපිට වෙන රටක පුරවැසිකම ලැබුනහම ලංකාවේ පුරවැසිකම අහෝසි කරනවා. එහෙම එකේ ඇමතිකම් තියා මන්ත්‍රීකමක්වත් දෙයිද දන්නෙ නැහැ (නි)
ලංකාවේ මිනිසුන් දුරදිග හිතන්නේ නැති කොටසක්. හැබැයි අතීත අපේ මුතුන් මිත්තන් කර තිබෙන වීරකම් ගැන පම්පෝරි ගහන්න නම් හරිම දක්ෂයි (නි)
ඒක තමයි ඒ රටවල් දියුණු... (නි)
ඇසළ, ඔබ හරි (නි)
අපේ රටේ වෙන ජාතිකයෙක් ඔය වගේ තනතුරකට පත් වුණා නම් ලංකාවේ මිනිස්සු ජාතිවාදෙ අවුලන හැටි බලන්න තිබුණා.ලංකාව කවදා මේ වගේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් දිහා මීට වඩා ප්රගතිශීලී විදියට බලන තැනකට පත් වෙයිද දන්නේ නෑ ..(රේ)
අපේ රටේ නම් කවදාවත් මෙහෙම දෙයක් දකින්න ලැබෙන එකක් නැහැ (නි)
හින්දි චිත්‍රපටියක් සැබෑ වෙලා. (ස)
කැනඩාවේ, ඇමරිකාවේ සහ බටහිර රටවල ඔහොම වුණාට අපේ ලංකාවේ ඕවා වෙන්නේ නැහැ (නි)
ඔන්න අපි ජය වේවා කිවුවා අපේ අසල්වැසියාට! (නි)
පොඩි වෙනසයි තියෙන්නේ. එහෙ ඡන්දෙන් දිනලා ඇමතිකම ගන්නවා. අපේ ඡන්දෙන් පැරදිලා ඇමතිකම ගන්නවා. කොහොමද වෙනස? (නි)
යහපාලනය නෙමෙයි දැන් නම් (ම)
ඔන්න නියම යහපාලනය! (නි)
මේ රටවල සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. (නි)
ඒක ඉතින් එයාගේ කැමැත්තනේ! (නි)