අභ්‍යාවකාශයට යැවෙන චන්ද්‍රිකා 180 ක් ආධාරයෙන් මුලූ ලොවටම අන්තර්ජාල පහසුකම ලබා දීමේ සැළසුමක් ක්‍රියාවට නැංවීමට ගූගල් සමාගම කටයුතු කරමින් සිටී.
අන්තර්ජාලය පහසුකම වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග ලොව සියලූ දෙනාට ලැබී ඇතැයි සිතිය හැකි මුත් තවමත් බිලියන 4.8 ක් පමණ දෙනාට අන්තර්ජාලය පරිහරණය කිරීමට පහසුකම් නොමැත.
ගූගල් සමාගම පවසන ආකාරයට මෙම ව්‍යාපෘතිය මගින් ලෝවැසි සියලූ දෙනාට අන්තර්ජාලය පරිහරණය කිරීමේ අවස්ථාව සැළසේ.
අවශ්‍යතාවය අනුව අභ්‍යාවකාශයට යැවෙන චන්ද්‍රිකා ප්‍රමාණය වැඩි කිරීමටද නියමිතය.
මෙම චන්ද්‍රිකා සාමාන්‍ය චන්ද්‍රිකාවකට වඩා ප්‍රමාණයෙන් කුඩාය.තවද එම චන්ද්‍රිකාවක් පෘථීවියේ සිට අභ්‍යාවකාශයේ රදවා තිඛෙන දුරට වඩා අඩු දුරක සිට පෘථීවිය වටා ගමන් කරන සේ රැදවෙනු ඇත.
සියලූ දෙනාට අන්තර්ජාල පහසුකම් ලබාදීම සදහා ගූගල් සමාගම තවත් ව්‍යාපෘතීන් දෙකක්ද දියත් කිරීමට සැළසුම් කර තිබේ.
ඉන් එකක් හීලියම් බැලුන ආධාරයෙන් ගුවනේ රැදවෙන සම්ප්‍රේෂක ආධාරයෙන් අන්තර්ජාල පහසුකම් ලබා දීමයි.මෙය ඇතැම් රටවල ළගා වීමට පවා අපහසු ප්‍රදේශයන් ඉලක්ක කර කි‍්‍රයාත්මක කිරීමට සැළසුම් කර ඇත.
අනෙක ගුවනේ රැදවෙන නියමුවන් රහිත ඩ්‍රෝන යානා අධාර කරගෙන අන්තර්ජාල පහසුකම් සැපැයීමයි.මේ වෙනුවෙන් නියමුවන් රහිත හා සූර්ය බලයෙන් කි‍්‍රයාත්මක වන ඩ්‍රෝන යානා නිපදවන සමාගමක් වන ‘ටයිටන් එරෝස්පේස්‘ මිලයට ගැනීමටත් ගූගල් සමාගම පසුගිය සමයේ කටයුතු කළේය.
අන්තර්ජාල පහසුකම් සැළසීමට පොළව හාරමින්,රැහැන් එළමින් කරන වියදම් අධික සාම්ප්‍රදායක ක්‍රමවේදයන් වෙනුවට මෙවන් නව අදහස් ඉදිරිපත් වීම හොද ප්‍රවණතාවක් යැයි විශේෂඥයෝ පෙන්වා දෙති.
මේ අතර ෆේස්බුක් සමාජ ජාලයද ඩ්‍රෝන යානා ආධාරයෙන් ලෝකයේ දුෂ්කර ප්‍රදේශයන්ට අන්තර්ජාල සේවා සැපැයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල් සමග මාත් ඒකඟයි. පුද්ගල පුද්ගල වශයෙන් බොහෝ පහසුකම් සැපයුනද, ජාතික මට්ටමින් ගත්තම රටවල් වල සියලු විස්තර එක සමාගමක් වෙතට එකතුවීම ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් වීමට පුළුවන්. දැනටමත් ඇමරිකාවෙන් අනිත් රටවල නායකයින්ගේ දුරකථන සංවාද නිරීක්ෂණය කිරීම ප්‍රසිද්ධ රහසකි. (ස)
අන්තර්ජාල පහසුකම් සැමට දීල හැම දෙනාගේම පුද්ගලික තොරතුරු රැස් කර ගැනීම ගැන කාටවත් ප්‍රශ්නයක් නැහැ වගේ. තාක්ෂනය දියුණු වෙන තරමට පුද්ගලිකත්වය සීමා වන බව කාටවත් තේරිලා නැහැ වගේ..... (දී)
ඔය මොනව කලත් වහින වෙලාවට සිග්නල් නැතිවෙනව (දී)
දැන් මොන බාධක දැම්මත් අන්තර්ජාලය කාටත් ලෝකයේ එක සේ ලැබේවි. කොච්චර බැන්නත් ඇමරිකන් අය තමයි අවසානයේ උදව්වට ඉන්නේ (නි)
ඔය ඇමරිකාවට වැඩිපුරම බනින්නෙ ඇමරිකාවෙ පරිඝනක දත්ත සොරකම් කරන අය මුලු ලෝකෙම හොරු එකසිය ගානට ඇමරිකාවෙ දත්ත සොරකම් කරනව බොරුවට ඒව ඇමරිකාවෙන් කරන විදියට හඟවනව. එහෙන් බැංකුවලින් සල්ලි අදිනව. ඕන කරන සත්කාරයට ඇමරිකාවට පිං දෙන්න. (දී)
අහසින් පොලවට විශාල උල්කාපාතයක් එනවා කිව්වොත්, කියවී, "අනේ නාසා එකට බැරිද මේ විපතින් අපිව මුදවාගන්න. එතකොට ඇමෙරිකාව හොද රටක්. මේ වගේ වියාපෘතියක් ක්‍රියාත්මක කරන කොට එකෙන් ඔත්තු බලනවා කියනවා, මොන රට ද ඔත්තු බලන්නේ නැත්තේ, අනුන්ගේ කුණු කන්දල් අවුස්සන එක ඔය හැම රටම ඒ ඒ රටේ වත්කම අදායම් තත්වය ආරක්ෂක තත්වය අනුව අඩු හෝ වැඩි වසයෙන් කරනවා. සමහර ඒවා අපට අවබෝධ වෙන්නේ, විනාසේ කරලා ගියාට පස්සේ. දැන් අපට ඉතාම හිතවත්ව ඉන්නබව පෙන්වන රටවල් කීපය පවා කරන්නේ ඒ ගොල්ලන්ට අනාගතයේදී වියහැකි උපද්‍රව වලින් බේරෙන්න මේ රටේ ඒ ගොල්ලන්ගේ වියදමින් විවිධ ඉදිකිරීම් කරලා අපටම එකේ නයත් අවුරුදු 30ක් හෝ 50 තුල ගෙවන්න කියල, ඉදිකිරීම්වල පලප්‍රයෝජන ඒ රටටම හරවගන්නවා. (දී)
අර ලංකාවේ තොරතුරු තාකෂණය දියුණු කරන්න බොරුවට කෑ ගහන කට්ටියට ගානක් දුන්නා නම් මේ චන්ද්‍රිකා ටික උස්සගෙන ඉදියි. (නදී)
දැන් ඉතින් ලංකාව ඇතුළු මුළු ලෝකෙටම හරියාවි. මිනිස්සුන්ට අන්තර්ජාලේ විතරයි අඩුවෙලා තිබුනේ. කාට හරි බැරිද මුළු ලෝකෙම බඩගින්නේ ඉන්න බිලියන ගණනක දරුවන් ඇතුළු ජනතාවට කන්න දෙන්න ක්‍රමයක් සොයාගන්න. (නදී)
ඉතාමත් හොඳයි (නි)
රොෂාන් හරියටම හරි. ලංකාවේ අන්තර්ජාල සම්බන්ධ ආයතන විශාල මුදලකට අන්තර්ජාල සේවා දෙනවා. ඒකත් දෙන්නේ සමහර දත්ත සීමා කරලා. බලන්න ගූගල් වලට තේරිලා තිබෙනවා ඇත්ත. (නි)
මේ වැඩේ හොඳට වෙයිද නරකට වෙයිද කියන්න පුළුවන් කාටද? ඇමෙරිකන් කාරයා කවදාවක් අපිට නම් සෙතක් කරයි කියල විශ්වාස කරන්න අමාරුයි. අනුන්ගේ රටවල ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමක් වෙන්නත් පුළුවන්. තමන්ගේ රටවලට අහිතකර දේවල් පාලනය කරන්න ක්‍රමවේදයක් තිබිය යුතුයි. මා දන්නා විදියට නම් අපේ අන්තර්ජාල ගාස්තු අනික් බොහෝ රටවලට වඩා අඩුයි. තාක්ෂණයත් හොඳයි. (ස)
දර්ශන, ලෝකෙට ණය වෙලා ලංකාවෙන් උඩ ඇරපු චන්ද්‍රිකාව දැන් තියෙන්නේ චීන බැංකුවේ වහලය උඩ. ණය ඕන කියන හඬට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. කාටද ආඩම්බර? (ස)
ගූගල් සමාගම අපට ආදරේට කරන වැඩක් නම් නෙවෙයි මේක, අන්තර්ජාල භාවිතය වැඩි වෙනව කියන්නෙ ඒගොල්ලන්ට තව තවත් ආදායම් වැඩි වෙනව කියන එකයි. ඇමරිකානු රජයට තමන්ගෙ රහස් පරීක්ශකයන්ට අලුතින් වැඩ දෙන්නත් පුලුවන්. කොහොම උනත් වැඩේ හොඳයි. මොකද අපේ ගොයියල අපට පෙන්නන්නෙ ඉන්ටනෙට් තවමත් මැජික් එකක් විදියටනෙ. 24 පැයේ අන්තර් ජාල සම්භන්දතාවක් ගන්න ලංකාවෙ, ඉඩමක් උකස් තියන්න ඕනෙ. සමහර රටවල් වල නම් රු. 6000ක් විතර වියදම් කරද්දි ගන්න පුලුවන්. (ස)
අපේ අය කොච්චර බැන්නත් ඇමෙරිකාව නිසා තමයි ලෝකයට හැමදේම ලැබෙන්නේ. (නි)
දර්ශන ලංකාවෙ චන්ද්‍රිකාව ඇරියේ මනිවානන් නමැති දෙමළ ජාතිකයෙකුට අයත් සුප්‍රීම් සෙට් කියන පුද්ගලික අයතෙනයෙන් ..ඒ ගොල්ලන්ට අපේ රටේ ජංගම දුරකතන ආයතන සල්ලි ගෙවනවා පිටරට ඇමතුම් වලට. (ස)
ලංකාවෙන් යවපු එකෙන් තමයි අපි මේ හැමදේම කරගන්නේ.(නදී)
ලංකාවෙන් යවපු චන්ද්‍රිකාව මතක් උනා හදිස්සියේම. කාට හරි කියන්න පුලුවන්ද දැන් ඒක කොහෙද කියලා?(නදී)
රටවල් තමන්ගේම ස්වාධීන සංනිවේදන පද්ධති ගොඩ නගා ගැනීමත් වැදගත්. දියුණු රටවල මෙම ක්‍රම වලට අප හුරුවූ විට ඉදිරියේදී ආර්ථික සම්බාධක වෙනුවට දත්ත හුවමාරුව නවතා දමන ක්‍රම භාවිතා කිරීමට ද ඹවුන් මත අප යැපෙන තත්ත්වයට පත් කර ගැනීමට ද දියුණු රටවල් මාන බලාවි. (ස)
ගූගල් සමාගමට ස්තූතියි! (නි)
ඕවා අපිට ගන්න පුලුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
මේක සතුටුදායක විදියට අවසන් වෙන සැළැස්මක් වුණොත් නම් හොඳයි (නි)
අපේ රටේ අසාදාරන ව්දියට අන්තර්ජාල සේවා , මිනිසුන්ට මාස් පතා අන්තර්ජාල අය කරන කොම්පැනි වලට , දුරකථන ජාල පවත්වන් යන කොම්පැනිවලට , අහෝ දුකකි , ඉරකි , තිතකි (නදී)
අපේ අය පිකටින් කරාවිද ? තව දන්නේ නැතුව ඇති (නදී)
නියම වැඩේ සිංහරාජ අඩවියටත් හොඳට සිග්නල් ඇති වෙයි.(නදී)
එක් එක් රටවල් අන්තර්ජාල සේවා වලට දා ඇති තහංචි නැති කරන්න මේක හොඳ අවස්ථාවක් (නි)