මාසයක් පුරා කකුලට බද්ධ කෙරුණු අතක් සහිතව ජීවත්වූ පුද්ගලයෙකි චීන ජාතික ෂියෝ වෙයි.
යාන්ත්‍රික කියතකට හසුව වෙන්ව තිබූ ඔහුගේ අත දුටු වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ෂියෝට සිදුව තිබූ තුවාළ අනුව එවෙලෙහිම අත යළිත් බද්ධ කිරීමේ සැත්කම සිදු කිරීම අවධානම් බවයි.මෙනිසා ඔවුහු අත ‘පණ පිටින්‘තබා ගැනීමට එය ෂියෝගේ දකුණු කකුලට බද්ධ කිරීමට කටයුතු කළෝය.ඒ මිීට මසකට ඉහතදීය.
මාසයක් පුරා කකුලට සවිවුණු අතක් සහිතව ලෙඩ ඇදේ වැතිර සිටි ෂියෝ දැන් යළිත් අත නියමිත ලෙස බද්ධ කිරීමේ සැත්කමට මුහුණ දීමට සූදානමින් සිටී.ඔහුගේ තුවාළ මේ වන විට සුවපත්වී තිබීම මීට හේතුවයි.
අත යළිත් බද්ධ කෙරුණද තවත් සැත්කම් කිහිපයකට මුහුණ දීමට ෂියෝට සිදුවනු ඇතැයි වෛද්‍යවරුන් කියයි.නමුත් ෂියෝට තම අතේ පූර්ණ හැසිරවීම ලබා ගනු හැකි වනු ඇතැයි ඔවුන් සහතික කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්යරුනි ඔබලාට බුදු සරණයි, දෙවි පිහිටයි.(දිල්)
පින්තුරෙත් දැම්ම නම් හොදයි. මොකද ඒක බලන්න වටිනවා. (අ)
මේවගේ වේදනාව උහුලගෙන ඉන්න රෝගියටත් බුදු සරනයි.(නදී);
නියමයි ලංකාවටත් අද හෙටම මෙවැනි විස්කම් දැකිය හැකිය.(නදී)
මිහි පිට සිටින දෙවිවරු ඔබලාය.(නදී)
මේවානම් හිත ගන්නවත් බැරි වැඩ (දිල්)