ඕස්ටේ්රලියාවේ සිඩ්නි හා බි්රස්බේන් නගර වල පසුගියදා අලුයම් සමයෙහි සිදුකළ හදිසි වැටළීම් කිහිපයකින් අන්තවාදී කණ්ඩායම් හා සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයින් 15 දෙනෙකු,මුදල් තොගයක් හා ගිනි අවි සමග අත්අඩංගුවට ගත් බව ඕස්ටේ්රලියා ආරක්ෂක අංශ කියයි.
මෙම මෙහෙයුම ඕස්ටේ්රලියා ඉතිහාසයේ ප්‍රථම මහා පරිමාණ වැටළීම ලෙස සැළකේ.
අත්අඩංගුවට ගත් අන්තවාදී අයිඑස්අයිඑස් සංවිධානය හා සම්බන්ධකම් ඇත්තවුන් බව සදහන්ය.
ඕස්ටේ්රලියා ජාතිකයින් 60 ක් පමණ අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයට බැදී ඉරාකයේ හා සිරියාවේ අන්තවාදී කි‍්‍රයා වල නියැළී සිටින අතර එම ඕස්ටේ්රලියා ජාතිකයින් සංවිධානයට බදවා ගත්තේයැයි සැළකෙන පුද්ගලයාද අත්අඩංගුවට ගත් අය අතර සිටින බව ආරක්ෂක අංශ පවසයි.
කණ්ඩායමේ මහ මොළකරු යැයි හඳුනාගෙන ඇති පුද්ගලයා ඕස්ටේ්රලියාවේ ජනතාව බියපත් කිරීමේ අරමුණින් සිඞ්නි නුවර වීදියකදී ප්‍රසිද්ධියේ පුද්ගලයෙකු හිස ගසා මරණයට පත්කිරීමට සැළසුම් කර තිබී ඇතැයිද පැවසේ.
මේ සදහා යොදාගැනීමට සිටි අතිවිශාල කඩුවක්ද තම භාරයට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
මෙවන් වැටළීම් දිගටම සිදුකරන බව ඕස්ටේ්රලියා බළධාරීන් කියයි.
අගමැති ටෝනි ඇබොට්ද ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඕස්ටේ්රලියාවේ අන්තවාදීන්ට හිස එසවීමට ඉඩ නොදෙන බවයි.මෙනිසාම රටේ අවදානම් තත්ත්වය සාමාන්‍ය මට්ටමේ සිට අතිශය අවදානම් මට්ටම දක්වා ඉහළ දමා තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා ඇත.
ඒ අනුව ගුවන්තොටුපල,පොදු ස්ථාන ආදීයෙහි ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති අතර අවැසි විටෙකදී සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට,සැකකටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හා ආරක්ෂක අංශ වලට බලය තිබේ.
මෙම වැටළීම් ආරම්භ කිරීමට මුල් වූයේ පසුගිය සමයේ තුර්කියට හා වෙනත් අරාබි රටවලට කෝටි ගණන් මුදල් අයථා ලෙස යවා හසුවූ ඕස්ටේ්රලියා ජාතිකයෙක් සම්බන්ධ සිදුවීමකිනි.ඔහුට තමන් මුදල් යැවූයේ කාහටදැයි තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකිවූ අතර එනිසා ඔහුගේ ව්‍යාපාරයන් මුද්‍රා තැබීමටත් ඔහුව සිරගත කිරීමටත් අධිකරණය නියෝග කළේය.
මෙයත් සමග අන්තවාදීන් සොයා වැටළීම් ආරම්භ කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර දැනුම්දීමකින් තොරව සිදුකෙරෙන හදිසි වැටළීම් ඒවායින් මුල් තැන ගෙන ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ධනුක බයද? (නි)
ඔවු ශිලා එහෙ තමයි අරින්න තියෙන්නේ.මොකද හේතුව, ඔස්ට්‍රේලියාවේදී නම් එවැනි සාත්තුවක් මේ හැත්තට ලැබේවි කියලා නම් හිතන්න අමාරුයි. (අ)
ඔය අල්ල ගත්ත අයව ග්වන්ටනාමෝ පැත්තේ ටුවර් එකක් ඇරලා දස වද දෙන්න පාන් කියා ගන්න බැරි වෙනකන්. (නදී)
මේ ආරක්ෂක නිලධාරීන්ගේ ඇදුම් පැළදුම්,ඇදුමේ වර්ණය,ඇගලා සිටින උපකරණ, උස මහත, අමුතුම ගාම්භීරත්වයක්, ඔවුන්ගේ පෙන්නුම් කරනවා.(නදී)
තාම අපේ රටෙන් ආපු ටොම් පචකාර සරණාගතයෝ අහු වුනේ නැහැ. එදාට තමයි නීතියට අනුව විසා අරන් ආපු කට්ටියත් එක්ක ඔක්කොම ලංකාවෙන් ආපු අයව ආපහු පටවලා එවන්නේ. (නදී)
බළලුන් ලවා කොස් ඇට බාන මේ වගේ බලවත් රටවලට හොද පාඩම් මේවා.මේ හැමෝම අපිටනේ ඇගිල්ල දික් කලේ ත්රස්වාදින්ව නැති කරලා දාද්දි. (අ)
ආයුධ පෙන්නන්න එක්කගෙන යා යුතුයි. (නදී)
නියමයි ඕස්ට්‍රේලියා! (නි)
චමත් බෝට්ටු වලින් විත් සරණාගත වීසා ගත් කට්ටිය ගැන කතා කරන්න ගියොත් අපේ ලේ කෝපවෙනවා. කරන තරමක් මෙහෙ නොපනත් වැඩ කරන්නේ ඔය කට්ටිය තමයි. (නි)
මේ අත්අඩංගුවට පත්වූ දෙදෙනෙක්, මීට අවුරුදු කීපයකට පෙර ඇෆ්ගනිස්තානයේ සිට බෝට්ටු වලින් පැමිණ සරණාගත වීසා ලබා ගත් අය බව මාද්‍ය පවසා සිටියා. (නදී)
මේ සඳහා ඕස්ට්‍රේලියාවේ සන්නිවේදනය ඉතා ඉහළ මට්ටමක තිබෙන්නේ. මේ පිළිබඳව ඔවුන් සූම පුරවැසියෙකුම දැනුවත් කරනවා. එහෙම නැතුව අර රහස් මේ රහස් කිය කියා බෝම්බය පිපිරෙනතුරු බලාඉන්නේ නැහැ. පන්සල් වලට පවා ආරක්ෂක අංශයෙන් පසුගියදා දැනුවත් කිරීම් එවා තිබුනා බැතිමතුන්ට දන්වන ලෙස ඉල්ලා. (නි)
ඕස්ට්‍රේලියාව එක්ක සෙල්ලම් බැහැ. නීතිය හරියටම ක්‍රියාත්මක කරන, වරදට දඬුවම් දෙන රටක්. ආයෙත් ඒකේ ලොකු පොඩි බේදයක් නැහැ. ඒ වගේම තමයි තමන්ගේ පුරවැසියෙකුට කරදයක් අසාධාරනයක් වුණොත් ඒ වෙනුවෙනුත් නොපැකිළව ඉදිරිපත් වෙනවා. (නි)
සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ මාස ගණන්,සමහර විට අවුරුදු ගණන් මෙවැනි පුද්ගලයන් ගැන ඇස ගසාගෙන සිටීමෙන් අනතුරුවයි, මෙවැනි වැටලීම් කරනු ලබන්නේ. ආරක්ෂක අංශ සෑම සැකකටයුතු ස්ථානයකටම එකම, නියම කරගත් වෙලාවකටම කඩාපනින බැවින්, කිසිවෙකුට පළායාමක් ගැන නම් සිතීමටවත් බැහැ. සමහර අවස්ථා වලදී එකවිට කඩාපනින මුළු නිලධාරී ප්‍රමාණය පන්සීයකට වඩා වැඩිවේ. (නි)
මේ වගේ සාමකාමී රට වලුත් ත්‍රස්ත ග්‍රහණයට හසුකර ගැනීමට ගන්නා උත්සාහය මුළු ලොවම හෙලා දකී. (නදී)
පේනවා නේද මෙයාලා ලෝකෙටම විනකරන හැටි. අපේ සමහරුන්ට මේවා බලලාවත් හැදෙන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද? (නි)
අයියෝ! ඒකත් එහෙමද? (නි)
අපේ රටෙත් හැංඟී හැංඟී වෙස් බදින අයි.එස්.අයි.එස් අන්තවාදීන් වෙලාව ආවම එලියට ඒවි (නදී)
කොටි සංවිධානය ලාංකික ජනතාවට බෝම්බ තබා, ගම්වලට පැන ඝාතනය කර ජන ජීවිතය අවුල් කල ආකාරය ඕස්ට්‍රෙලියානුවන්ට කියලා දෙන්න. මේය අවස්ථාවක් කර ගැනීමට තානාපති අංශ නිදි නැතිව ක්‍රියා කල යුතුයි. ඒ වාගේම ලංකාවේදී වද හිංසාවට ලක් වන බව පවසා ඔස්ටේලියාවට පැමිණීමට බලාපොරොත්තු වන්නන් ලගම ඇති ඉන්දියාවට නොයා භයානක ගමනකිනක් පසු ඕස්ට්රෙලියාවටම එන්නේ මන්දැයි තේරැම් ගන්නා ලෙසත් එරට ජනතාවට පැහැදිලි කර දිය යුතුයි (නදී)
ප්‍රමාද වුණොත් අපේ රටටත් ඔය ටිකම වෙනවා (නි)
අප රටටත් අවශ්‍යය රට, ජාතිය ගැන හිතන මෙවැනි බුද්ධිමත් රජයක් සහ පාලකයෙක් (ස)
මේවාට අදහස් ලියනවා තියා කට අරින එකත් භයානකයි. (ස)
ඕස්ට්‍රේලියාවේ බුද්ධි අංශය ඉතා ප්‍රබලයි. මේ මිනිසුන් ඇෆ්ගනිස්ථාන් වැනි රටවලින් මෙහෙට පැමිණි සරණාගතයින්. ටෝනි ඇබට් කොන්ද පණ ඇති හොඳ නායකයෙක්. ලංකාවත් අවදියන් සිටියොත් හොඳයි. (නි)
අන්තවාදී හා බෙදුම්වාදී ත්රස්තවාදයට මුළු ලොවම එරෙහිවිය යුතු අතර එවැන්නන්ට අනුබල දීමෙන්ද වැළකී සිටිය යුතුයි. (නි)
අත්අඩංගුවට ගත් අය අතර,ඇෆ්ගනිස්තානයෙන් බෝට්ටු වලින් පැමිණි සරණාගත වීසා අයදුම් කොට, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වීසා ලබා ගත් ඇෆ්ගන් ජාතිකයන් දෙදෙනෙකුද සිටිනවා.ඕකට තමයි කියන්නේ නයි ගෙන්න ගෙන, පස්සේ කැවෝ කැවෝ කියනවා කියලා. (ස)
ඔය පටන් ගැම්ම විතරයි. පහු වෙනකොට අයි.එස්.අයි.එස් විතරක් නෙමෙයි බෝට්ටුවලින් බැහැපු අයට ඊලමකුත් දෙන්න වෙයි. (නදී)