ඕස්ටේ්රලියානු මහ මැතිවරණය අද (7) පැවැත්වීමට නියමිත අතර පාලක කම්කරු පක්ෂයේ නායක අගමැති කෙවින් රුඞ්ට දිගටම බලයේ රැඳී සිටීමට ජනවරමක් හිමිවනු ඇතැයි ජනමත සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත.
ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ලිබරල් පක්ෂයේ නායක ටෝනි ඇබොට්ට මෙවර ද පරාජය හිමිවනු ඇතැයි එම ජනමත සමීක්ෂණයෙන් පෙනී ගොස් ඇතැයි ඕස්ටේ්රලියා මාධ්‍ය වාර්තා කර ඇත.
මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 14 වැනිදාය. ඒ, අගමැති ධුරයේ සිටි ජුලියා ගිලාඞ්ගේ තීරණයකට අනුවය. කම්කරු පක්ෂයේ නායිකාව ද වූ ඇයට මීට මාස කිහිපයකට පෙර පක්ෂ නායකත්වය අහිමි විය. ඒ, පක්ෂය අභ්‍යන්තරයේ හටගත් කුමන්ත්‍රණයක් නිසාය. කුමන්ත්‍රණය මෙහෙයවනු ලැබුවේ කෙවින් රුඞ් විසිනි. ගිලාඞ්ට අගමැති ධුරයත් පක්ෂ නායකත්වයත් අහිමි වූයේ ඇය රටේ ජනතාවගේත් පක්ෂ සාමාජිකයන්ගේත් අප්‍රසාදයට පත් වීම නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් දන්නේ නැහැ මේ කියන ජනමත සමීක්ෂණය කලේ කව්ද කියලා. මම මේ ලියන්නේ ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් හවස 3.00 ට. තව පැය 3 කින් ඡන්දය ඉවර වෙනවා. අගමැති රඩ් බරපතල පරාජයකට මුහුණ දෙන බව මේ රටේ සියලුම සමීක්ෂණ වලින් තහවුරු වී දැන් මාස ගානක් වෙනවා. ඉහත ප්‍රවුර්තිය දැක්කම මට මතක් උනේ 1977 ලංකාවේ ඡන්දය දවසේ දිනමිණ ශීර්ෂ පාඨය "" එජාපය දැන් පැරදිලා "" (නදී)
රූඩ් නායකත්වය ගන්න දඟලල එක වතාවක් ඉල්ලන් කෑවා. ඊළඟ වතාවේ යම්තම් මොකක්දෝ ජිල්මාට් එකක් දාල නායක කම ගත්තා. හැබැයි මහත්තයෝ මේ පාර පරාද උනොත් නම් දේශපාලනෙන් සමුගන්නයි වෙන්නේ. මැන්ඩරින් බාෂාව කතා කලා විතරක් මදි. අනෙක් වැඩත් තියෙන්න ඕනි.(නදී)
ඇයි මේ බොරු කියන්නේ. මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. (නදී)
හැම සමීක්ෂනයකින්ම රූඩ් පාරද වෙන බව කියනවා. මෙහෙ හැමෝම දන්නවා ඒක.(නදී)
අපෙත් චන්දයක් ලග ලගම එනවා (දී)
බොරු , අගමැති බරපතල පරාජයකට (දී)
මුලින්ම කෙවින් රුඩ් මහජන ඡන්දයෙන් දිනු නායකයෙක්. මේකේ කිසිම කුමන්ත්‍රණයක් නැහැ. ඔක්කොම සිද්දවෙනේ ප්‍රජාතන්ත්‍රවාදිව. ජනමත සමීක්ෂනවලින් කිව්වේ කෙවින් 47 ටෝනි 53.(නදී)
ටෝනි එන එක හොදයි (නි)
අගමැති රූඩ් පරාද වෙයිද? (නි)
රූඩ්ට මොනවා වෙයිද? (නි)
ඇත්තද? (නදී)
මහගෙදර, බොරු කියන්න එපා.කෙවින් මහජන ඡන්දයෙන් ආ නායකයෙක්. පක්ෂයේ සහ ජනතාවගේ නොකැමැත්ත නිසා තමා ජූලියට යන්න වුණේ. ආපහු රූඩ් ආවා.මේ රටවල ආපු එක බදාගෙන ඉන්නේ නැහැ.රටට සේවයක් කරනවා මිසක්. හැම දෙයක්ම ප්රජතාන්ත්රිකව කෙරුනා. (නි)