ඇමෙරිකා අත්අඩංගුවේ සිටි අල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ කෝකියාට පෙරේදා (11) නිදහස ලැබුණු අතර ඔහු ඔහගේ උපන් රට වන සුඩානයට යළි පැමිණියේය. ඉක්බාල් අල් කෝසී (50) නමැති එම සුඩාන ජාතිකයා ඇමෙරිකා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වී 2002 වසරේ සිට ඇමෙරිකාවට අයත් කියුබාවේ පිහිටි ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ රඳවා තැබුණි. අල් කෝසීට එරෙහිව නඩු විභාගයක් 2010 වසරේ දී පැවැත්වුණු අතර එහිදී ඔහුට 14 වසරක සිර දඬුවමක් ද නියම කෙරුණි. නමුත් එම අධිකරණ තීන්දුව පසුව වෙනස් කෙරුණු අතර පෙරේදා ඔහුට නිදහස හිමිවිය. ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ රැඳෙවියන්ගෙන් හමුදා අධිකරණයක් වෙත පමුණුවනු ලැබූ පළමු වැන්නා ද අල් කෝසීය. නිදහස ලැබීමෙන් පසු ඇමෙරිකා හමුදා ගුවන් යානයකින් අල් කෝසී සුඩානයට පැමිණියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම නිදහස දීලා ඔයාලාගේ අතේ ගෑවුන ලේ පැල්ලම් මකා ගන්න බෑ
ඒ ගාවට කාගේ කෝකිය වෙයි ද දැන් නැ ?
ඔය කෝකිවරු නිදහස් කලට කරපු පව් වලට දෙවියන්ගෙන් සමාවක් ලබන්නේ නැහැ ඔය කෝකිවරු නිදහස් කලට කරපු පව් වලට දෙවියන්ගන් සමාවක් ලබන්නේ නැහැ