පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පුස්තකාලයක් හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩින්ගේ නමින් නම් කිරීමට එහි හිමිකාර ඉස්ලාම් පූජක තැන කටයුතු කර තිබේ.
මෙම පූජකයා ත්‍රස්ත ක්‍රියාවන්ට සහය පළකරන්නෙක්යැයිද ඒ සදහා තම අනුගාමිකයින් උසිගන්වන්නෙක් යැයිද සදහන්ය.
ඔසාමා බින් ලාඩින් බොහෝ දෙනාට ත්රස්තවාදියෙකුවූවත් තමන්ට හා තම අනුගාමිකයින්ට ඔහු විරුවෙක් යැයි ඔහු මේ පුස්තකාලයට නම් තැබීම සම්බන්ධයෙන් කැදවා තිබුණු මාධ්‍ය හමුවකදී පැවසීය.
2011 මැයි මාසයේදී ඇමරිකා ආරක්ෂක අංශ අතින් ඔසාමා බිල් ලාඩින් මරණයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට අදහස් නැත්තේ මොකද? (නි)
කාගේ නමින් උනත් පුස්තකාලයක් නේ..... (දී)
ත්‍රස්තවාදීයෙක් නේද? (නදී)
මොනවා වුණත් යහපත් උත්සාහයක් (නි)
ත්‍රස්තවාදියෙක් නෙවෙයි. අැමරිකා විරෝධියෙක් විතරයි. ඹහු හරි. (ස)
ඕක මොකක්ද? මිනීමරු ප්රභාකරන් වීරයෙක් කියල සලකන මිනිස්සු තවත් අපේ රටේ ඉන්න කොට.(නදී)