ඇමරිකාවේ ජනපති ධූරයෙන් නික්ම යන බැරක් ඔබාමාට සමුදීම නිමිත්තෙන් වර්ජිනියා ප්‍රාන්තයේ පැවැති උළෙලකදී ඇමරිකා හමුදාවේ ආරක්ෂක නිලධරයකු ඔබාමා ඉදිරිපිටදී බිම ඇදවැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සිය ජනපතිවරයාට අවසන් සමාචාරය දැක්වීමට සූදානම් වූ සෙබළා එසේ සිහිමුර්ජා වී ඇද වැටුණු බව එම වාර්තා සඳහන් කරයි.
එම උළෙල ඇමතූ ඔබාමා ආරක්ෂක හමුදාවේ සාමාජිකයන් ගේ සේවය හා කැපකිරීමට ස්තූතිය පළ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතර ඇමරිකානු සෙබළුන් ඉන්නේ මානසික චිත්ත පිඩාවෙන් , හමුදා සේවය අනිවාර්ය නිසා මේ සේවයට ආවට ඔවුන්ගේ කැමැත්තක් නැහැ , මොහුත් එවැනි කෙනෙක් වන්න ඕනේ (හේ)
ඇමෙරිකාවේ හමුදා සේවය අනිවාර්ය නැහැ. අත්‍යවශ්‍ය සේවාවන්ට ලියාපදිංචි වීම නම් අනිවාර්ය කර තිබෙනවා? එහෙත් එය හමුදා සේවය නොවෙයි.(හේ)
ඇමෙරිකාවේ හමුදා සේවය අනිවාර්ය නෑ. කැමති කෙනෙකුට සම්බන්ද වෙන්න පුළුවන්, කැමති කෙනෙකුට සම්බන්ද නොවි ඉන්න පුළුවන්. (ර)
අනේ අහිංසකයා! මම කල්පනා කළේ මේක මට වුණා නම් කියලා. (නි)
යහම්පත්, ලියන්න කලින් හරියට හිතලා බලන්න ලියන එක හරිද කියලා. අපි ජීවත්වෙන්නෙ ඔය ඔබ කියන රටේ. හමුදා සේවය අනිවාර්ය නැහැ මෙහෙ (නි)
ලංකාවේ හිටපු පොලිස්පති කෙනෙක්ව මතක්වුණා මට මේක දැකලා.... (නි)
ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති වෙලා අවරුදු 8 හිටියට නටපු තොවිලයකුත් නැත බෙරේ පලුවකුත් නැත. ඇමෙරිකාවේ ස්වභාවය අඩුවෙලත් නැත. මිනිසුන්ට නොමිලයේ වෛද්‍ය පහසුකම්වත් ලැබී නැත (නි)
සෙබළා ඔබාමා ඉවත්ව යාම ගැන කම්පනයෙන් ඉන්න ඇති. (නි)
ඔබාමා කරපු කැත වැඩ ගැන මතක්වෙලා වෙන්නැති. (ම)
ඇමරිකාවේ හමුදා සේවය අනිවාර්ය උනේ වියට්නාම යුද්ධය කාලේ නේද. (ර)