චීනය කලාපීය රටවලට බලපෑම් කිරීම පිළිබඳ සැලකිලිමත්විය යුතු බවද දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් අවම කළ යුතු යැයිද ඇමරිකා ජනපති බැරක් ඔබාමා පවසයි.
දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් කලාපීය නාවික ක්ෂේත්රයට බාධාවක් බව කියමින් ඇමරිකාව රතු නිවේදනයක් ද නිකුත් කැර ඇත.
ලබන සතියේ චීනයේ පැවැත්වෙන ජී 20 ආර්ථික සමුළුව වෙනුවෙන් ඔබාමා චීනයට පැමිණි අවස්ථාවේ එසේ කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කකුළුවා පැටවුන්ට කිව්වා වගේ කෙළින් අැවිදින්න කියලා. (නි)
ඔබාමාට නියමිත පිළිතුර ළඟදීම ලැබෙයි (නි)
හොඳමයි සර්. සුබ ගමන්! (නි)
ජයන්ත, චීනය හොංකොං නිත්‍යානුකූලව භාරගත්තා තමයි. නමුත් චීනයේ තරම් ඒකාධිපති පාලනයක් හොංකොං වල නැහැ. මොකද වසර ගණනක් බ්‍රිතාන්‍ය පාලනයේ සිටි නිසා හොංකොං වැසියන් චීනුන්ට වඩා ප්රජාතන්ත්රවාදය, මානව නිදහස ආදිය ගැන දන්නවා. මාවෝ සේතුන්ට කොමියුනිස්ට්වාදයෙන් ඔවුන්ගේ මොළ සෝදන්න බැරිවුණා. (නි)
කපුවා දේවාලේ මළපහ කළාට ගඳ නැතිලුනේ. ඇමරිකාවට හොඳ වුණාට අනිත් රටවලට තහනම්. (නි)
ඇමෙරිකාවට හොඳා, එ්ත් වෙන කාටවත් බෑ, ලෝකයා මේවා හැමදාම ඉවසන්නේ නෑ. (බ)
එහෙනම් ජයන්ත මට කියනවාද හොංකොං විෂයෙහි චීනය ක්‍රියාකරන ආකාරය හඳුන්වන නම මොකක්ද කියලා. ඔයා කියනවානේ ඒක ආක්‍රමණයක් නෙවෙයි කියලා. චීනයට කලින් බ්‍රිතාන්‍යය හොංකොං ආක්‍රමණය කරලා තිබුණේ. ඒ ආක්‍රමණය දැං චීනය විසින් පවරාගෙන තියනවා. ඒකට කියන නම ආක්‍රමණය නෙවෙයිනම් මොකක්ද? (ර)
රවී, අනේ ඔය නොදන්නා දේවල් කතා කරන්න එපා. හොන්ග් කොන්ග් කොහොමද ආක්‍රමණය කළේ? කවුද එහෙම කළේ. නොදන්නා දේවල් දන්නවා වගේ කතා කරන්න එපා. අපේ මිනිස්සු කොහොමත් දන්නවා වගේ තමයි කතාව. (බ)
චීනෙටවත් ඇමරිකාවටවත් නැති රණ්ඩුනේ මෙතන තියෙන්නේ (නි)
චීනය ටිබෙටය, හොංකොං ආක්‍රමණය කළා. අද ඒවා චීන යටත් විජිත. හැබැයි චීනය ලංකාවට හිතවත්. බෞද්ධ රටක් නොවුණට ඇමරිකාව චීනයට වඩා ප්රජාතන්ත්රවාදීයි. (බ)
අනුන්ට රෙදි අන්දන්න කලින් තමන් ඇඳගෙන ඉන්න එපැයි (බ)
චීනය ඕවා නොකළොත් ඔහෙලා මොකද කරන්නේ? මේ වෙනකොට එයාලා චීනයට ඩොලර් ට්‍රිලියන 4 වඩා ණය බව ඉන්ටර්නෙට් එකේ කියවෙනවා. එ්ක ඇත්තද? (නි)
චීන ජනාධිපතිතුමා මොකද නිශ්ශබ්ද මේ කතාව කියපු වෙලේ? අහන්න තිබුනේ නැද්ද එයාලගේ කලාපේ රටවල් වලට බලපෑම් කරනවා වගේම, කලාපෙන් පිට රටවල් අද අමුසොහොන් කළේ කව්ද කියලා. අහිංසක දරු පැටව් දහස් ගණන් මැරෙනවා. චීනය නිසා යුද්ධ ඇතිවුණ රටක් නැහැ. මේ කතාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඇහුවා නම් පැත්ත ගියත් ඇත්ත කියලා තමයි එන්නේ (නි)
රූපසිංහ, පැනමාවේ අවුරුදු 25 කලින් පන්නා දැමුවේ ඒකාධිපතියෙක්. කලින් ඔහුගේ කෙරුම් අන්තර්ජාලයෙන් හොයාගෙන කියවලා ඉන්න (නි)
චීනයට තියෙන්නේ ඇමරිකාව මීට දශක 2කට කලින් හොයාගත් තාක්ෂණය. චීනය වගේ එකාධිපති රටක් ලෝක බලවතා වෙනවාට වඩා ඇමරිකාව වගේ ප්රජාතන්ත්රවාදී රටක් ලෝක බලවතා වීම සිය ගුණයකින් හොඳයි (නි)
අනේ! එයාටම ගිය ලෝකය!! (නි)
චීනය මේවා අහගෙන කට පියාගෙන ඉන්නවද? (නි)
මට මතකයි ඇමරිකාව දැනට වසර 25 කට විතර කලින් පැනමාවට හමුදාව යොදවලා තිබුණු ආණ්ඩුව රටේ ජනතාවත් සමග එකතුවී බලහත්කාරයෙන් පන්නා දමා රූකඩ ආණ්ඩුවක් පත්කොට හමුදාව රටින් ගියේ. කාට කියන්නද. (බ)
මෙන්න මෙයා බයවෙලා (බ)