නෙල්සන් මැන්ඩෙලාගේ අවමගුල් උත්සවය අතරතුරදී ඇමරිකන් ජනපති බැරක් ඔබාමා හා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හැසිරුණු ආකාරය මාධ්‍ය අවධානය දිනා ගැනීමට සමත් විය.
ප්‍රෙක්ෂකාගාරයේ සිටිනාතුර තම තමන්ගේ ඡායාරූප ගැනීමට කටයුතු කළ ආකාරයත් සතුටු සාමිච්චියේ යෙදී සිටි ආකාරයත් දැක ගත හැකි වුණි.
මේ දෙන්නා ඩෙන්මාර්ක අගමැතිනී හෙල්ලේ තෝර්නින්ග් ෂ්මිඩ්ට් සමග ඡායාරූපයකට පෙනී සිටියහ. බරක් ඔබාමාට පසෙකින් සිටි ඔහුගේ බිරිද මිෂෙල් ඔබාමා ඒ දැක මුහුණ නරක්කරගෙන සිටිනු දැක ගත හැකි විය.
ප්‍රේක්ෂකාගාරයේ රැස්ව සිටි අති බහුතරයකට සංවේදී අවස්ථාවක් වූ මෙහිදී ලෝක ප්‍රබලයන් හැසිරුණු ආකාරය මේ වන විට දැඩි සේ විවේචනයට ලක් වී තිබේ.
ඇමරිකා ජනපති බැරක් ඔබාමා අවමංගල්‍ය උත්සවයට සහභාගී වූයේද පැයක් ප්‍රමාදවය. නමුත් ඔහු සාදරයෙන් පිළිගැනීමට රැස්ව සිටි සියල්ලෝම කටයුතු කළහ.
නෙල්සන් මැන්ඩෙලා සම්බන්ධයෙන් ඔහු කළ කතාවද සියලූදෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවායේ ඡායාරූප එහෙම නැද්ද අපිට බලන්න. (නි)
පල ඇති රුකටම ගල් ගහන්නේ? අපේ ඉන්න මෝඩ එවුන්ට ඔබාමාගේ හැසිරීම පංකාදුයි. අනේ මන්දා. මම නම් දන්නවා ඔවුන් එතනට ගියේ මැන්ඩෙලාට තියෙන ආදරේට නෙවේ. (ස)
මදු ඔබ හරි ! (ස)
ඔය සුදු ඇඳුම් ඇඳගෙන ගෞරවනීය විදිහට හැසිරෙන ඉන්න අය තමයි ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. ශ්‍රී ලාංකික අපිට ඔයගැන අත්දැකීම් තියෙනවනේ හොඳට (නි)
මදු,ප්‍රංශය,ඔයාගේ ප්රශ්නය බුද්ධිය අවමවීමයි. ඔයා ප්‍රංශයටම වෙලා ඉන්න. ඒක ලංකාවේ මිනිස්සුන්ට කරන ලොකු උදව්වක (නි)
ලෝක නායකයින්ගේ ළමා හැසිරීම .... (ස)
අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හැසිරීම ඉතා ප්‍රශංසනීයයි. (නි)
සුද්දා කොහොමටත් කල්ලන්ට කැමති නැහැ (නි)
එන්න එපා පද හදන්න...ලොකු කපුවෝ ඕනෑම දේවාලෙක පහරනවා...බලන්නකෝ මුනේ ආතල් එක...(අ)
ඕකනේ කියන්නේ කිරි කළයක් දොවලා ගොම ටිකක් එක් කළා වගේ කියලා (නි)
ඒ විදිහට හැසිරෙන නායකයෝ දෙන්නෙක් කියලා කියන්න පුළුවන්ද මේ ජනාධිපතිවරු? (නි)
ලංකවේ වගේ ඇමතිලා, සභාපති ලා වගේ නම් හැසිරිලා නෑ. ඔබාමා කියන්නේ හොද නිහතමානි නායකයෙක්. පල ඇති රුක ට නේ ගල් මුල්. ඇමරිකාවට ජය ! (නදී)
ඔය දෙන්නගේ හැසිරීම බින්දුවයි කියලා අපි නම් කලින්ම දන්නවා.(නදී)
ඔහුගේ සංවරකම ගැන අපි දන්නවා (නි)
අවමංගල උත්සවයේ දී කැපී නොපෙනෙන ලෙසින් හිටියත් මම නම් කැපී පෙනුනු චරිතයක් දැක්කා. ඒ තමා ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබර්ට් මහතා. ඉතාම ගෞරවනීය ලෙස හැසිරුණ ආකාරය මම බලාගෙන හිටියා. (නි)
ඉන්නකන් විතරයි මේ හැමදෙයක්ම (නි)
කොහොමත් දිය යටින් ගින්දර දෙන කට්ටියනෙ. (ස)
ඇමරිකාවෙන් නිසා පොල් පිත්තක් ගියත් හැමෝගෙම සැලකිම ලැබෙනවා. ලෝකයේ පොලිස් කාරයා නිසා. (ස)