රුසියාව කළ යෝජනාවට කැමැත්ත පළ කරමින්, තම රසායනික අවි අන්තර් ජාතික පාලනයට යටත් කිරීමට සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය එකඟ වීමත්, ඒ ගැන සළකා බලා සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල නොකිරීමට ඇමෙරිකා ජනපති ඔබාමා තීරණය කිරීමත් සිරියානු කැරැලිකරුවන්ගේ දැඩි දෝෂ දර්ශනයට හේතුවක් වී ඇත.
සිරියාවේ රජයට එරෙහිව සටන් වදින කැරැුලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘සිරියානු ජාතික සන්ධාන පාලක මණ්ඩලය’ පවසා ඇත්තේ, ජනපති ඔබාමා ඔවුන් අමාරුවේ දැමූ බවත්, මිනීමරු පාලක අසාද්ට අනුකම්පා කරන බවත්ය.
‘සිරියානු ජාතික සන්ධාන පාලක මණ්ඩලය’ යනු සිරියාවේ විපක්ෂ දේශපලාන කණ්ඩායම් එක් වී පිහිටුවා ගත් දේශපාලන සන්ධානයකි.
”අප හුදෙකලා වුණා. දැන් අපට තනිවම සිරියානු රජය සමඟ සටන් කරන්න සිද්ධ වෙලා. ඔබාමා කටයුතු කළ ආකාරය නින්දාසහගතයි. ඔහුට යථාර්ථය අවබෝධ වුණේ නැහැ” යැයි කැරැලි නායක මොහොම්මද් ජවුද් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබාමා පමණක් නොව යුරෝපයද කරන්නේ එයමය . තමන්ගේ වාසිය වෙනුවෙන් ඔබාමා සහ යුරෝපයේ රටවල් සහාය දුන්න මිස . මානුෂික පැත්තක් බලා ත්රස්තවාදීන්ට උදව් කරා.ලෝකයේ ලොකුම ත්රස්තවාදීන් බිහි කිරීමත් පෝෂණය කිරීමත් මෙම රටවලින් කරති . ඕනෙම රටක මිනී මරපු ත්රස්තවාදීන් මෙම රටවල සරණාගත වීසා වලින්. එම ක්‍රියාවම කරති. (ස)
රේඩියෝ එකේ කිවුවා මේ රසායනික අවි සිරියාවට දීලා තියෙන්නේ සිරියාවට ගහන්න ඕනෑ කියපු බ්‍රිතාන්‍යයම තමා කියලා. (නි)
මේ රසායනික අවි සිරියාවේ හදපුවා නෙවෙයිනේ. හදලා සිරියාවට විකුනපු අයටත් දඬුවම් කළ යුතුයි. ඕනෑම දෙයක මුල සොයා ගත්තම විනාශය අවම කරගත හැකියි. (නි)
ඇමෙරිකාව කොහොමත් තෙල් වලටනේ ඉව අල්ලනේ (නි)
ඇමරිකාව කියන දේ කරන්න යන හැමදෙනාම අමාරුවෙ වැටෙනවා.බල තණ්හාවයි ධන තණ්හාවයි ආවිට ඇස් පෙනෙන්නෙ නැතුව යනවා. (නි)
යමක් පටන් ගන්න පෙර එයට බුද්දිමත් සැලැස්මක් තිබය යුතයි.මේ අය කැරලි ගහන්න පටන් ගත්තේ ඔබාමාගෙන් අහලා නොවේනේ.කැටපොල්ට් වලින් යුධ කරන්න බැ. හරියම් සැලැස්මක් නැතිව යමක් පටන් ගෙන වැරදෙන කොට අනිකුන් ගෙන් උදව් බලාපොරොතු වෙනවා . (දී)
රනිල් මහත්තයා කිවුව එක තමයි වුණේ (නි)
අසාද් කිව්වා වගේම රසායනික අවි අන්තර්ජාතික පාලනයට දුන්නොත් හොදයි. නොදුන්නොත් සිරියාවට ගහන්නේ රුසියාව (නි)
චින්තක, ඔබ හරියට හරි (නි)
ලෝකයේ බලය තුලනය කරන්න දැන් රුසියාව හා චීනය ඉන්න බව යුරෝපයත් අමෙරිකාවත් තේරුම් අරගෙන තිබෙනවා. ලෝකයේ පොලිස්කාරයා වෙන්න කැරලිකාර කණ්ඩායම් වලට සල්ලි, ආයුධ, රැකවරණ දීලා, ලෝකයේ තැන් තැන් වල යුද්ධ හදලා තමන්ගේ ආයුධ වෙළඳපොළ රැක ගන්න තව දුරටත් ඇමරිකාවට බැරි බව දැන්වත් තේරුම් ගන්න ඕනෑ. (නි)
බටහිර අය ඕනාවට වඩා විශ්වාස කරන සියල්ලටම උත්තරය ඕක තමා. (ස)
මොනවා උනත් තම රටෙ කිසියම් ප්‍රශ්නයක් උනොත් සාමකාමිව විසඳ ගැනීමට නොහැකි වූවොත් එය විසඳ ගැනීමට කොහොම කෙනෙකුගෙයි සහයද අවශ්‍යද කියන එක හොඳින් තේරුම් අරගෙන වැඩ කරන්ට මේක කාටත් හොඳ පාඩමක්. යුද්ධයක් සිදු නොවීමට කටයුතු සිදුවීම සියලු දෙනාගේම භාග්‍යයක්. (ස)
අඩුම වශයෙන් සිරියාව රසායනික අවි අන්තර් ජාතික පාලනයට යටත් කිරීමට මෙයින් එකඟ උනා (මේ වෙන කොටත් ඒ සියල්ලම තැන තැන හංගල ඇති කියලයි මම නම් හිතන්නේ) (ස)
ඕවා ත්‍රස්තවාදය වපුරන ගිවිසුම්. කොහොම උනත් දැන් තියෙන්නේ අර බින් ලාඩන් මහත්තයාව අනුගමනය කරන එක නේද ?? ජය වේවා !! (ස)
ඔබාමා කටයුතු කළ ආකාරය නින්දා සහගත නෑ.එන පොට හොඳ නැති වෙන කොට ඔහුට යථාර්ථය අවබෝධ උනා. (ස)
අර්ෂා, ඇමරිකාව ලංකාවට මොකුත් කලේ නැහැ.සෞදිය තමා ලංකාවේ ප්‍රශ්න ඇති කරන්නේ. (ස)
මමත් රසික සමග එකගයි. (නි)
සිරියාවේ තෙල් නැති නිසා වැඩේ පාඩුයි. ඔන්න ඔහේ වෙන අතක් බලාගමු කියලා ඔබාමාට හිතෙන්න ඇති. (නි)
හිතන්න ඔබාමා ලිබියාවට ගැහුවේ ලොකු රටවල් 4ක් එකතු කරගෙන. ලිබියාවට කිසිම රටක් උදව්වටත් නැතුව. එත් හය මාසයක් ගියා. ගඩාපි නැති කෙරුව. දැන් ලිබියාවට වෙලා තියෙන දේ මේ පිටුවේම තියනවානේ. මෙවර එමෙරිකවට UN සහය නැහෙ. තව එක රටයි එන්නේ. සිරියාවට රටවල් 4ක් සහය වෙනවා. ඉතින් ඔබාමා පස්සේ ගෞරවය බේරගෙන අයින් උනා. බොහොම හොඳ වැඩක් උනේ. නැත්නම් අවරුදු ගානක් යන ලොකු විනාසයක් වෙන්න තිබුන. (අ)
ඔන්න මේ ගමන නම් සිරියාව බේරා ගත්තේ ව්ලැඩිමීර් පුටින් නම් දෙවියා හා චීනය විසින්ය.. (ස)
සිරියාවේ කැරලිකරුවන්ට ඔබාමාගේ ජන්මාන්තර තරහ කාරයා බිල් ලාඩන්ගේ කල්ලිය උදව් කරනවා නේද. ඔබාමට හිතෙන්න ඇති මොකට දෙනවද කියලා. නැතිව රුසියාවට ඇති
ඔබාමාට එහෙම කරන්න සිදුවුණා ,රුසියාව සහ චීනය නිසා (නි)
සෞදි අරාබිය ලංකාවට කරන්න හදන්නෙත් ඔය ටික තමා. අපේ සහෝදර අයගේ මොළ හෝදලා.(නදී)
තව ගැහුවොත් ඇමරිකාව විතරක් මේ , මේ ලෝකේ සොබාවික ව්‍යසන වැඩි අතරේ තවත් ලෝකය දුර්වල වෙයි. කලිම්ම වෙනස් අය ලංකරගන්නවට වැඩිය හොදයි මෙහෙම දෙයක් වත් කරපු එක. (නදී)
ඔබාමා මොළේ ඇති වැඩක් කලාමයි. (ස)
ඇමෙරිකාව ලංකාවට කලෙත් ඔය ටිකම තමයි අපිට නොතේරුනාට. (ස)
උපාලි හරි. ඇමෙරිකාව යන්තන් ගොඩ ගියා.(නදී)
ලේ පිපාසයෙන් වෛරය වපුරලා අහිංසක ජීවිත විනාශ නොකර සාමයෙන් ජීවිත බේරා ප්‍රශ්න විසඳා ගන්න සැමට නුවණ පහල වේවා !!! (ස)