එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැතිවරයා හා ඩුබායිහි එමීර්වරයා වන ෂීක් මොහොමඩ් බින් රෂීඩ්ගේ වැඩිමහල් පුතු හදිසි හෘදයාබාධයකින් මිය ගියේය.
එරට රජයේ ආයතනයන් වල ජාතික ධජය අඩකුඹු කර තිබෙන ආකාරය දැකගත හැකිවිය.
එම ආයතනයන් වල හා ඩුබායිහි පාසල් වල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාමට අගමැතිවරයා උපදෙස් දී ඇතැයි ඩුබායි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මියගිය ෂීක් රෂීඩ් දක්ෂ ක්‍රීඩකයෙක් ලෙසද මානව හිතවාදියෙක් ලෙසද නමක් දිනාගෙන සිටියෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ සැප සම්පත් තිබ්බත් මරණය කිසිවෙකුටත් වැලැක්විය නොහැක.එයට දුප්පත් පොහොසත් භේදයක් නොමැත.නිවන් සුව පතමි. (බ)
කුමරාණෙනි, ඔබට නිවන් සුව පතනවා. හොඳ කවදත් ඉදිරියට එනවා . (නි)
'ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම්' කියන්නේ ඔහුගේ වත්කම් ඔහුවත් දන්නේ නැති ධන කුවේරයෙක්. ඒ තරම් මුදල් තිබුනත් කාලේ ඉවර වුනාම යන්න වෙනවා. අපි ගොඩක් දෙනෙකුට නොතේරෙන සත්‍ය මේක තමා. (බ)
ඛේදජනක පුවතක් (නි)
අකල් මරණයන්ට හේතුව ඉහත ආත්ම හවයන්හි හෝ මෙවර ආත්ම භාවයේ කර ඇති ප්රාණඝාතයන්ගේ අකුසල කර්ම වේ (නි)
මම එයාව දන්නවා පෞද්ගලිකව ඔබ මොනතරම් විශිෂ්ට කුමරෙක්ද. (බ)
කණගාටුයි (නි)
රජ කුමරාණනි..ඔබට නිවන් සුව..(බ)
හොද අයෙක් නිවන් සුව ලැබේවා (ම)
යථාර්තයට සමීප අවමගුල් උත්සවයක් ,,,,,,,, (ම)
ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා !!! (ම)
ඔබට නිවන් සැප ලැබේවා (ම)
මානව හිතවාදියෙක් වූ සුන්දර කුමාරයාණෙනි......!මෙතරම් භද්ද්ර යෞවනයේ ජීවිතයෙන් සමු ගන්නට සිදුවීම ගැන මගේ සිතට දැනෙනේ ඉමහත් සොවකි......!ඔබට ස්වර්ගයේ දොරටු විවර වේවා....! (ම)!
ජීවිතය අනිත්‍ය බවත් මරණය නිත්‍ය බවත් එය දුප්පත් පොහොසත් රජවරුන්ටත් යාචකයන්ටත් පොදුය කියා මෙයින් මනාව ඔප්පුවේ (ම)
අකල් මරණයන්ට හේතුව ඉහත ආත්ම බහවයන්හි හෝ මෙවර ආත්ම භාවයේ කර ඇති ප්රාණඝාතයන්ගේ අකුසල කර්මයි. (ම)
මරණයට වයස් සීමාවක් පන්ති භේදයක් නෑ. අද අද එයි මාරු පින් කර ගන්නේ. (ම)
ලස්සන තරුණයෙක්. කොපමණ සැපසම්පත් තිබුණත් මරණය වළක්වන්න බැහැ (නි)
කොපමණ ලොකු සල්ලිකාරයෙක්ද? දොස්තරලා කීදෙනෙක් ඉන්නවද ගෙදරම? ඒක තමා මේ ලොවේදී හොඳ දෙය පමණක් සිතන්න, හොඳ දෙය පමණක් කරන්න,කාටවත් හිංසාවක් පීඩාවක් නොකර ජීවත්වෙන කාලේ ඉන්න ඕනෑ. (නි)