එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාවට අයත් ටොනාඩෝ ජෙට් යානා මගින් ප්‍රථම වරට සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කළ බව එංගලන්ත ආරක්ෂක හමුදාව ප්‍රකාශ කරන බව බීබීසී පුවත් සේවය පවසයි. ගුවනින් බෝම්බ හෙලීමට එංගලන්ත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබි සුළු මොහොතකට පසු ටොනාඩෝ යානා සයිප්‍රසයෙන් ගුවන් ගත වී ඇත.
සිරියාවේ නැගෙනහිරින් පිහිටි හඳුනාගත් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී ඉලක්ක හයක් වෙත ප්‍රහාර එල්ල කළ බව ආරක්ෂක අංශ සනාත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවටම පිළිලයක් වී ඇති මෙම මිනීමරුවන් තුරන් වූ දවසක ලොවම සුන්දර තැනක් වේවි.එංගලන්ත ගුවන් ප්‍රහාර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.!(හේ)
ඇති යාන්තම් අපේ රූපවතී අක්කා ඉන්න රට ගැන කීවාට. (ර)
රුපවති, ඔබ දදන්නා දේ සුවල්පයක් වේ. (ර)
රූපවතීගේ දේශාභිමානය හොඳයි. අපි හැමෝම අපේ ලක් දෙරණට ආදරෙයි. රූපවතී අමුතුවෙන් කැපීපෙනෙන්න ගිහිල්ලා තමන්ගේ මෝඩකම පෙන්නලා වාගෙයි. තමන්ගේ දරු පවුල් එක්ක මැරෙන්නේ මොකටද? (නි)
මැදපෙරදිග අස්ථාවරවීම ආසියනුවන්ගේ රැකියාවලට තර්ජනයක් (නි)
අපරාදේ.....! ඒ දවස්වල රූපවතීගේ ඇඟේ බෝම්බයක් සවිකරලා ප්රභාකරන් ළඟට යවන්න තිබුනේ. වීර කාන්තාවක්නේ? (නි)
රූපවතී හිතාගෙන ඉන්නේ මේවා කියවන්නේ මෝඩයෝ කියලා වෙන්න ඇති.මෙයා මේ අදහස් ලියලා තියෙන්නේ බ්‍රිටිෂ් යුද බේස් එකක ඉඳන්ලු. සයිප්‍රසයේ තිබෙන බ්‍රිටිෂ් යුද බේස් එක මොනතරම් අධි ආරක්ෂක කලාපයක්ද? සාමාන්‍ය මිනිසුන්ට ළංවෙනවා තියා ළඟින් යන්නවත් බැහැ. කතාව හරියට ආර්-ඒ-එෆ් ප්ලයිට්ලා වාගෙයි. පුලුවන්නම් කියන්න බලන්න මොනවාද කරන්නේ කියලා යුද බේස් එක ඇතුළේ? (නි)
සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කරන ප්‍රධාන බ්‍රිතාන්‍ය යුද බේස් එකේ සිට රූපවතී සටහන් ලිවුවා යැයි කීම හාස්‍යයට කරුණකි. මම ලිවුවේ වැරැද්දක් නම් දන්නා කෙනෙක් පහදාදෙනු ඇතැයි සිතමි. (නි)
දැන්ම ලෝක බලවතුන් එකතු වෙලා මේ අයි එස් අයි එස් කාරයෝ නැති කරලා දැන්මා නම් ඉවරයිනේ.(හේ)
ගුවන් ප්‍රහාර හේතුවෙන් සාමන්‍ය ජනතාවත් මැරෙන්න පුළුවන්.(හේ)
සයුරෙන් එතෙර මා ඉතාමත් කැමැත්තෙන් කියවන තීරුවක්.මෙතනටත් සමහරු කඩා පැනලා නොදන්නා දේ දොඩා කෝලම් මඩුවක් කරලා.එංගලන්තය සිරියාවට ගහන එක ගැන නොවෙයි කතාව.ඔච්චර අමාරුවක් තියේ නම් අපේ හමුදාවට බැඳිලා ත්රස්තවාදීන් සමඟ සටන් කරන්නනේ තිබුනේ ලංකාවේ අළුගෝසු ජොබ් එකටත් එනවා කියපු අයනේ. (බ)
හොඳ තීරණයක්. (ර)
මෙතන රුපවති යන බොරු නමකින් පෙනී සිටින්නේ ත්රස්තවාදීන්ට උදවු කරන වෙනත් වෙනත් පුද්ගලයෙක් (බ)
ඔය වගේ එක දිගටම ගහන්න.(හේ)
අයිඑස් ත්‍රස්තයින් යුද වදින්නේ ආගමික නොමග යැවීමකිනුයි. දිව්‍ය ලෝකෙට යන්න කෙටි මාර්ගයක් හැටියට මිනිස් ඝාතන කළ යුතු බව ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටිකත්වයි. මෙය සෑම මුස්ලිම් වැරුම නොව එක් මුස්ලිම් කොටසකගේ පමණක් උමතු විශ්වාසයකි. (බ)
ගොඩ බිමින් ගහන්න බයද?(හේ)
අයි එස් අයි එස් කාරයෝ හරියටම මැරුණා කියලා දැන ගන්නේ කොහොමද?(හේ)
ත්‍රස්තවාදියෝ මැරුණට කමක් නැහැ. අසරණ මිනිසුන් මැරෙන එකටයි මට දුක.මේකටයි ගොඩක් අය විරුද්ධ වෙන්නේ. උඩින් ගැහුවත් බිමින් ගැහුවත් අහිංසක මිනිස්සුයි බිලිවෙන්නේ. (නි)
මේ යුධ ගිනිදැල් කවදා නිවේද? (නි)
මේ කලබල නිසා ජාත්‍යන්තරයෙන් අපට එල්ලවන මානව හිමිකම් ප්රශ්නවල යම්කිසි පසුබෑමක් පෙන්නුම් කරනවා. මේ අතර අපිත් අපේ දේශීය යාන්ත්‍රණය ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ගෙනියන්න ඕනෑ. මම මින් අදහස් කරන්නේ ත්‍රස්තවාදින්ගේ මානව හිමිකම් ගැන පමණක් නොවේ. අපේ පොලිසිය සහ වෙනත් රාජ්‍ය නිලධාරින් සහ දේශපාලකයන් කටයුතු කරන ආකාරයෙන් විශාල ලෙස සාමාන්‍ය ජනතාවගේ මානව හිමිකම් කඩවන බව පෙනේ (නි)
මම නම් කියන්නේ අයිඑස් පරදන්න පුළුවන් රුසියාවට. නමුත් ඒකට ඉඩදෙන්නේ නැත්තේ ඇමෙරිකාව. (නි)
රූපවතී, මොනවාද මේ කියන්නේ?බටහිර රටක වෙසෙමින් මෙයාලාගේ ප්‍රහාරයකට ඔබේ පවුලට මුහුණ දෙන්න වුණොත් මොකද කරන්නේ? මොවුන්ගේ ප්‍රහාරයකට බටහිර රටවල් මුහුණදෙන විට එහි ජීවත්වෙන ඔබ වාගේ අයවලුන්ටත් මැරුම් කන්නට වෙන බව නොදැනද වහසි බස් දොඩන්නේ? (නි)
ත්‍රස්තවාදියෝ කෙසේවෙතත් යුද්ධයෙන් අසරණ දරු පැටව් තුරුළු කරගෙන අඩන දෙමාපියෝ දකිද්දී නම් මේ ජීවිතේ වැඩක් නැහැ කියලා හිතෙන අවස්ථා අනන්තයි (නි)
දෙන එක දෙන්න ඇදුමේ මලපහ වෙන්න. (රේ)
මනම් හරිම අකමැතියි මේ යුද්ධයට රුසියාවයි චීනෙයි මැදිහත් වුණාට..ඇමරිකාවට ඕනේ කුදයක් ගහ ගන්න කියල නිකම් ඉන්නයි තිබුනේ..? දැන් අපිනේ මානව හිමිකම් කඩල තියෙන්නේ දැන් උදේ හවස උඩින් ගිහින් මිසයිල අතැරලා පිම්මේ දුවනකොට සිවිල් වැසියෝ ඝාතනය වෙන්නේ නැතිව ඇති..? අයි එස් ලාට තිබුනේ තවටිකක් දියුණු රටවලට ත්‍රස්ත බලය පෙන්නන්නයි. මොකද වසර 30 ක් අපි තනිවමයි බෝම්බ පිපිරෙන තැන්වල මැරිලා වැටුනේ ..ඔය බටහිර රටවලට කිසිම කැක්කුමක් තිබුනේ නැහැ අද වගේ, අද එයාලට ඉහ මොළ රත්වෙලා තියෙන්නේ ත්රස්තයන්ට ආයුධ විකුණා ගන්න බැරි නැති වීයන ඩොලර් ට්‍රිලියන් නිසයි...? නැතිව අපි මානව හිමිකම් කඩකරලා නැතිවග හොදින්ම දන්නවා ..ඒ වගේම ලෝකෙන් ත්රස්තයන් මර්ධනය කල එකම රට ශ්‍රී ලංකාව කියල ඒයාලට අපිව අභිෂේක් කරවන්න ඇති නොපහන් කම...?එමනිසා බලවත් රටවලට ගහපන් ත්රස්තයනේ... ඇති කරපන් අපි විදි දුකේ බැරෑරුම් කම එයාලටත් ...? (අ)
මට පේන්නේ මෙයාලත් ඉල්ලගෙන කන්න හදන්නේ..(බ)
නීල් ඔයා හරි. (ර)
නීල් හරි. රූපවතීගේ නොදැනුවත් කමට කනගාටු වෙමි. (ර)
බලවතුන් පිස්සු නටනවිට විරුද්ධ වීමට ත්‍රස්තයොත් ලොව සිටිය යුතුය. (ර)
රූපවතී අක්කා කියන්නේ සහතික ඇත්ත. නීල් මොකක් කියලද කියලා මමනම් දන්නේ නෑ. (ර)
රූපවතී අපේ රට ගැන කියලා තියෙන දේවල් හරි. (ර)
මේ ප්‍රශ්න කවදා අවසන්වේද? (නි)
එංගලන්තයේ ඉන්න අයත් එක්ක රූපවතී තරහයි වාගෙයි (නි)
ඇමරිකාව කවදත් කළේ ලෝකය පුරා ත්‍රස්තවාදය ඇතිකළ එක. කතා කරන්නේ මානව හිමිකම් ගැන. ඔවුන් තරම් නීති උල්ලංගනය කරන තවත් රටක් නැහැ. මේ අන්තවාදය හා ත්‍රස්තවාදය මුළු ලෝකයෙන්ම තුරන් කරන්න ඕනෑ. රූපවතී, ඔබ හරි (නි)
අපි අපේ රට ගැනත් අවධානයෙන් ඉන්න එක හොඳයි (නි)
ලංකාවේ හෝ බටහිර හෝ ලොවේ කොතැනක රුදුරු ත්‍රස්තවාදය ඇත්නම් එය මුලිනුපුටා දැමිය යුතුයි.ඇමරිකාව හෝ වෙන කුමන රටක් එම සද්ක්‍රියාව කළත් සැමගේ සහයෝගය ඔවුන්ට ලැබිය යුතු වේ. තම තමාගේ පුද්ගලික අමනාපයන්ට බටහිරට ගැසුවා නම් හොඳ යැයි කීම අනුවණකමකි. (නි)
මම මගේ පවුලේ සෑමදෙනා මැරුණත් කමක් නැහැ. මගේ රටේ අපි ගෙවූ ඒ ත්රස්තයන්ගේ බෝම්බ මැද ලෝකෙම අපිව හුදකලා කර සිටි ඒ යුගය මෙදා මුළු ලෝකෙටම දැනෙනවා නම්... අපේ රටේ අපි යුධ අපරාධ කර නැහැ. අපිත් කළේ ඔය දියුණු රටවල් මෙන් ත්රස්තයන් විනාශ කළ එක තමයි කියල යුරෝපය සහ ඇමරිකාව තේරුම්ගන්නවා නම් මම මැරුණත් කමක් නැහැ. මම මේක ලියන්නෙත් මුළු ලෝකෙම එකතුවෙලා අද සිරියාවට ගුවන් ප්‍රහාර එල්ලකරන බ්‍රිටිෂ් යුධ බේස් එකක සිටයි (නි)
රුපොවතියේ දුක හිතෙන කතා නොකිය ඉන්දහන් නංගියේ. (ර)
ඔව් රූපවතී ඔය බ්‍රිටිෂ් යුද බේස් එක තියෙන්නේ සයිප්‍රසයේ නේද? (ස)
රුපවති ඔබට මගේ ගෞරවය පුද කරමි. සියලුම ශ්‍රී ලාංකිකයනට මෙය හොඳ පාඩමක් ඔබ විසින් කියා දෙන ලදී. (ස)
බ්‍රිටිෂ් යුද බේස් එකක් සයප්රස් රටෙත් තිබෙනවා. තුර්කි සයිප්‍රස් දේශසීමාවේ සිට ප්‍රහාර එල්ල කරනවා. අයි එස් ත්රස්තවාදීන් බංග වේවා. (ස)