මිහිපිට ජීවත් වන ධනවතුන්ටද ශ්‍රේණියක් ඇත්තේය. ඒ අනුව අකාරාදි පිළිවෙළට ලක්ෂපතියන් , කෝටිපතියන් , ප්රකෝටිපතියන් ආදි ලෙස ශ්‍රේණි ලැයිස්තුවේ සටහන්වී ඇත්තේය.
පසුගියදා එම ලැයිස්තුවට අළුත් සටහනක් එක් කළේය. ඊට අනුකූලව ලෝකයේ ප්රකෝටිපතියන් වැඩියෙන්ම ජීවත් වන නගරය ලැයිස්තු ගත කළේය.
ඒ අනුව ලෝකයේ ප්රකෝටිපතියන් අතරින් වැඩි දෙනකු එනම් 72 දෙනෙකු ජීවත් වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරය . රුසියාවේ මොස්කව් නගරයේ 48 දෙනෙක් ද නිව්යෝර්ක් නගරයේ 43 දෙනෙක් ද සැන්ප්රැන්සිස්කෝ හී හතලිස් දෙදනෙක් ද ලොස් ඇන්ජලීස් නගරයේ 38 දෙනෙක් ද ලෙස ජීවත්වෙති. මේ අනුව පවුම් කෝටි 3001 (රුපියල් කෝටි 65121.7 ) ධනවතුන්ගේ මුදල් ලන්ඩන් නුවර බැංකු වල එහා මෙහා සැරි සරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොෂ්, ඒ අය එකම පවුලේ නේද? (නදී)
අනේ අහිංසක දුප්පත් මිනිස්සු. කාටවත් කරදරයක් නැතුව හම්බකරගත් සොච්චම්ට විරුද්ධකම් කිරීම හරි නැහැ. ලෝකේ පින්කළ උදවිය. එත් එය ඇත්තටම පිලිගන්නට පුලුවන්ද? (ස)
අපේ ගඩාපි ඔය ගොඩේ නැද්ද ????????????? (දී)
අනේ හප්පෝ ...මගේ යාලුවනේ.. අපේ ආසියාවේ අස්චර්යේ , කෝටිපතියෝ කොච්ච්චර ඉන්නවද . (දී)
අපේ රටෙනුත් ඔය ගොන්නට එකතු කරන්න බැරි නැහැ. ඔය කුහක දේශපාලනය, ඊර්ෂියාව හා ජාතිවාදී වැනි ම්ලේච්ච අදහස් වපුරන්නන්ට එරෙහිව වැට බැන්දොත්. හැමෝම ලාංකිකයින් කියන අදහසින් එකිනෙකා අන්‍යෝන්‍ය සහයෝගයෙන් ක්‍රියා කලොත් අපිටත් දියුණුව කියන මිහිරි වචනෙන් එපිට යතාර්තවාදීව අත්විඳින්න පුළුවන් වෙයි නුදුරේදීම.අවශ්‍ය වෙන්නේ කුහක අදහස්වලින් බැහැරවෙලා උපරිමයෙන් හා හරි මග පෙන්වීමකින්ම පමණයි. "පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා " (ස)
ලංකාවේ පවුල් කිහිපයක්ම ඉන්නවා. තව ටික කාලෙකින් ඔය ගොඩට වැටෙන. (ස)
අපේ අයත් ඇති නේද? (නදී)
සමන් ඇත්තම කියන්න මම ලංකාවේ ගත කළ නිවාඩු දින 30 හේ ලංකාවේ සත්‍ය තොරතුරක් දැන ගන්න බැරි වුනා. ඒ මාසෙම මම හිටියේ ලිදේ ඉන්න ගෙම්බෙක් වගේ තමයි මෙහෙට පය ගහපු දවසෙම දින 30 තුල ලංකාවේ සිදු වෙලා තිබෙන විනාශය දැන ගත්තා.(නදී)
ඒ අනුව ලෝකයේ ප්රකෝටිපතියන් සැන්ප්රැන්සිස්කෝ හී හතලිස් දෙදනෙක් ද ? අපේ අය නිතරම ඉතාලි යන්නේ මොකද කියල මම කලපනා කලා. (නදී) .
ලෝකයේම මෝඩ ජනතාවක් ඉන්නේ මොන රටේද කියල සමීක්සනයක් කරලා නැද්ද?(දී)
එළිකලේ නැති උනාට මේ ආණ්ඩුවේ ඉන්න ගොඩක් ලොක්කෝ ඔය ලිස්ට් එකටත් වඩා උඩින් ඉන්නවා . වෙනස තියෙන්නේ ඔය විස්තර මොකවත් ලංකාවේ අපිට දැනගන්න බැරි එක.
අපේ බෙලිඅත්තේ කඩය විකුණලා ලන්ඩන් නගරයෙන් කඩයක් ගන්න ඕනේ. (ස)
අපිත් මේ ගොඩට එකතු වෙන්නේ කොහමද කියලා කල්පනා කරන්න (දී)
ඔය ගොඩට දාන්න පුළුවන් 3 දෙනෙක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. (ස)
අපි නම් ලන්ඩන් නුවර ඉඳගෙන වේලෙනවා. (නි)
අපේ අයත් ළඟදීම ඔය ශ්‍රේණියට වැටෙන්න ඉන්නේ . ආසියාවේ ආශ්චර්ය නිසා (ස)
ඔය ගොඩේ දේශපාලුවෝ. කුඩු කාරයෝ එහෙමත් ඉන්නවද දන්නේ නැහැ. මෙහෙම ලෝකේ එදා වේල කන්න නැතුව කොපමණ පිරිසක් ඉන්නවද. දෙවියෝ මේක මොනවට මැවුවද දන්නේ නැහැ. (අ)
හොයලා බැලුවොත් අපේ රටෙත් ඇති (නි)
කෝ අපේ රටේ කෙනෙක් නැහැනේ (නි)
කොහොමද අපේ රටේ තත්ත්වය? (නි)
අපේ රටෙන් නැද්ද කවුරුත්? (නි)
ඔය ගොඩට දාන්න පුළුවන් කෙනෙක් ලංකාවේ ඉන්නවා..(දිල්)
මේ පුවත දැක්කම අපේ ලංකාවේ ගොඩක් අයට පපුවේ අමාරු හැදෙයිද දන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඉක්මනින් මේ ගොඩට එකතුවෙන්න තව මොනවා කරයිද කියල බයත් හිතෙනවා! (දී)