උතුරු කොරියා නායකයන්ගේ පඹයන් පුළුස්සමින්, පසුගිය දින කිහිපයේදි දකුණු කොරියානුවන් තමන්ට කළ අවමන්වලට ඔවුන් තමාගෙන් සමාව නොගන්නේ නම් එය නිසැක වශයෙන්ම යුද්ධයකට හේතුවක් වනු ඇතැයි උතුරු කොරියාව යළිත් වරක් ඊයේ (16) අනතුරු ඇඟවීමක් කළේය.
උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ ජන්ම දිනය ඉකුත් සති අන්තයේ යෙදී තිබූ අතර එම සැමරුමත් සමඟ කොරියා අර්ධද්වීපයේ යුද උණුසුම පහව යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළහ.
කෙසේ නමුත් ජන්ම දින සැමරුම් උත්සව දිනයේදී දකුණු කොරියානුවන් පිරිසක් කිම් ඉල් සුං, කිම් ජොං ඉල් සහ වත්මන් නායක කිම් ජොං උන්ගේ පඹයන් ගිනි තැබීමත් සමඟ දෙරට අතර යුද උණුසුම තවදුරටත් උත්සන්න විය.
මීට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාව කියා සිටියේ සිය ශ්‍රේෂ්ඨ නායකයන්ට කළ අවමානයට සමාව ගැනීමට කාලය ලබාදෙන බවත් එසේ නොකළහොත් ඕනෑම අවස්ථාවක කිසිදු දැනුම්දීමකින් තොරව ප්‍රහාරයක් එල්ල කිරීමට තමා සූදානමින් සිටින බවත්ය.
මේ අතර, උද්ගතව ඇති ගැටලූ විසඳා ගැනීමට උතුරු කොරියාව හා සාකච්ඡුාවලට එළැඹීමට බල කරමින් දකුණු කොරියානුවන් පිරිසක් සෝල් නුවර උද්ඝෝෂණයක නියැළුණු බව ද වාර්තා වේ.
ඉකුත් පෙබරවාරි මාසයේදී උතුරු කොරියාවට නව සම්බාධක පැනවීමත් සමඟ කොරියා අර්ධද්වීපයේ යුද උණුසුමක් මතු වූයේ දකුණු කොරියාවට ඇමෙරිකාවට සහ ජපානයට පහරදෙන බවට උතුරු කොරියාව තර්ජනය කිරීමත් සමඟය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැම්බේන් ගිනිතැබීම දකුනු කොරියා රජයෙන් කල වැඩක් නෙවෙයි. i එරට දේශපාලන අන්ත වාදීන්ගේ ක්‍රියා දාමයක්. සෝල් නුවර පෙලපාලී යාමෙන් යුද්ධයට ජනතාව අකමැති බව කියාපානවා. කිම් ජෝන් පුතා තදින් ඉන්න. ඉවසීමටත් පුරුදුවන්න.(නදී)
උතුරු කොරියාව බඩ පිරෙන්න කන්න වගේ.(නදී).
මේ අපේ රටෙත් ඉන්නවා ඇමරිකාවයි දකුණු කොරියාවයි ගුටි කනවා බලන්න කැමති කට්ටියක්. හැබැයි දන්නේ නැහැ එහෙම වුණොත් අපේ බඩටමයි වදින්නේ කියලා. (නි)
යුද්දයකට යනවා නම් අවට රටවල සහය අත්‍යාවශ්‍ය වේ. උතුරු කොරියාවේ නායකත්වයට අත්දැකීම් ද අවමය. ඉල්ලන් කන්නේ නැතිව පාඩුවේ හිටියොත් උතුරු කොරියාවට මෙන්ම අපටද ගැටලුවක් නොවී ජීවත් වෙන්න පුළුවන්. නැතිනම් යුද්ධය ප්‍රකාශ කළ සැනින් ලංකාවේ බඩුවල මිල ඉහළ දමාවි. තවත් ඉරාකයක් නොවේවා. (නි)
ඇමෙරිකාව යුද්ධ කරලා ආයුධ විකුණලා සල්ලි හොයා ගන්න රටක්. උතුරු කොරියාවත් ඒ වගේමයි. අපි කවදත් අමෙරිකාවෙන් යැපුණේ නැහැනේ. අපිට කන්න දුන්නේ චීනෙයි ඉන්දියාවයි හැමදාම. (නි)
බුරන බල්ලෝ සපා නොකතිනේ... (නි)
මටත් අවරුදු 28යි .මටම තේරෙනවා රටක් තියා ගමක්වත් මට පාලනය කරන්න බැරි බව. ඉතින් මේ දරුවා කොහොමද මේ විස්කම් වැඩේ කරන්නේ? (නි)