උතුරු කොරියාවට අයත් සබ්මැරීනයක් අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
දකුණු කොරියාව හා ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් සිදුකරන ලද විශාලතම යුද අභ්‍යාසය අතරතුරදී මෙසේ උතුරු කොරියාවේ සබ්මැරීනය අතුරුදන්ව ඇති බවත් නමුත් සබ්මැරීනය අතුරුදන්වීම හා යුද අභ්‍යාසය අතර සම්බන්ධයක් නැති බවත් එරට වාර්තා කියයි.
මෙම යුද අභ්‍යාසයට විරුද්ධව උතුරු කොරියා නායක කිම් ජෝන් උන් අනතුරු අඟවා තිබිණි.
ඒ අනුව තම රට ආක්‍රමණය කරන බවට සලකුණක් හෝ තිබුණොත් පළමුව ප්‍රහාර එල්ල කරන බව උතුරු කොරියාව කියා සිටියේය.
උතුරු කොරියාව සතු විශාලතම සබ්මැරීන 70ක් පමණ ඔවුන්ගේ නාවික හමුදා සේවයට යොදාගෙන ඇති බවත් අතුරුදන්වූ සබ්මැරීනය සොයා පරීක්ෂණ සිදුකරන බවත් විදෙස් පුවත් සේවා කියයි. එය ගිලී ඇතැයි අනුමාන කරන බවද එරට වාර්තා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියන් ගුවන් යානයට වුනදේම , සිදුවුනාද දන්නේ නැහැ , ඇමරිකාව හරි දක්ෂයි ඕනෙම ඔය වාගේ දේවල් උන් හිටි ගමන් අතුරුදහන් කරන්න , උතුරු කොරියාවේ කයිවාරු වලට ඇමරිකන් ප්රතිචාරයක්ද දන්නේ නැහැ (බ)
මේ ආකාරට ගියහොත් තුන්වන ලෝක යුද්ධයක් ඇති වීම නම් වැලැක්විය නොහැකිවනු ඇත. දැන්ම සිට අපි කවුරුත් අවම වශයෙන් ආදී දහයක් තරම්වත් පොලව යට බිම් ගෙවල් හදා ගත්තොත් නරක නැත. (බ)
රූපසිංහ, න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවුවහොත් අඩි දහයක් පොළව යට බංකර වල සිටීමෙන් පලක් වන්නේ නැහැ. විකිරණ හමා යනවා. අවම වශයෙන් අඩි දොළහක ඝණකම සහිත වටේම එලෙස ආවරණය වූ බංකරයක නම් කාලයක් ඉන්න පුළුවන්. (නි)
ඉල්ලන් කන්න යන්නේ. (අ)
කොමියුනිස්ට් රටවල සබ්මැරින් හරියට අපේ පරණ කාලේ දිරච්ච බරකරත්ත වගෙයි. (බ)
කුමාර් (ගල්ෆ් ) කොමියුනිස්ට් රටවල සබ්මැරින් ඔයා දැකලා තියෙනවද ? ගල්ෆ් වලදී දකින පරණ බෝට්ටු වලට රැවටිලා වාගේ (බ)