අධිකරණයේ බලය කප්පාදු කිරීමට සූදානම් වන බවට චෝදනා එල්ල වී සිටින ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි සහ නීතීඥ සංගම් අතර විශේෂ හමුවක් පෙරේදා (26) කයිරෝ අගනුවරදී පැවැත්විණි. ජනපති මොර්සිගේ රජය හඳුන්වා දීමට සැරසෙන නව නීති මගින් අධිකරණය දුර්වල කිරීමට බලාපොරොත්තු වන බව නීතීඥ සංගම් පවසන අතර එම සංගම් එක් වී ඉකුත් 24 වැනිදා වැඩ වර්ජනයක් ද පැවැත්විය. එම වැඩ වර්ජනය සහ ජනතා උද්ඝෝෂණත් මෙහෙයවනු ලැබුවේ ඊජිප්තුවේ විශාලතම විනිසුරුවරුන්ගේ සංගමය මඟිනි. විනිසුරුවරුන් එම අවස්ථාවේදී එක හඬින් කියා සිටින්නට වූයේ ජනපති මොර්සිගේ නව රජය බලයෙන් ඉවත් විය යුතුයි කියාය. රජයට විරෝධය පළ කරමින් දහස් ගණනින් කයිරෝ අගනුවරට රැස්ව විරෝධතා පෙළපාළි ගිය අවස්ථාවේදී එම පිරිස් මර්දනය කිරීමට පොලිසිය යෙදවීමට සිදු වූ බව ඊජිප්තු රජය පැවැසීය. හටගත් අර්බුදය සමථයට පත් කිරීමට මොර්සි සහ නීතීඥ සංගම් අතර සාකච්ඡුා ආරම්භ වූ බව විදෙස් පුවත් සේවා පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඒකාධිපතියෙක් (ස)
ඊළගට කොයි රටද? (නි)
අපේ අයව ආදර්ශයට අරන් වෙන්න ඇති !!! (ස)
මධු, ඕක අසුභවාදී දැක්මක්. (නි)
අනුන්ගේ අදහස් විවේචනය නොකර අදහසක් දාන්න මුතුකුඩ (නු)