ඉරාන යුද නැව් දෙකක් යළිත් වරක් පෙරේදා (8) සුඩානයට පැමිණි බවත් ඒ ගැන තමන් විමසිල්ලෙන් පසුවන බවත් ඇමෙරිකාව පවසයි. සති පහක් ඇතුළතදී ඉරාන නැව් සුඩානයට පැමිණි දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර ඉරාන යුද නැව් දෙකක් සුඩානයට පැමිණියේ ඉකුත් නොවැම්බර් 30 වැනිදාය. ටොන් 1,400 ක් බරැති ජමාරාන් නමැති යුද නැව සහ ටොන් 4,700 ක් බරැති බුෂීර් නමැති යුද නැව සුඩානයට ගිය බව ඉරාන නාවික හමුදාව ද නිවේදනය කර ඇත. සුඩානයේ ඉහළ පෙළේ නාවික හමුදා නිලධාරීන් එම නැව් සාදරයෙන් පිළිගත් බව ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන ඊශ්‍රායලය පවසා ඇත්තේ ඉරාන යුද නැව් සුඩානය සමඟ එක් වී ආයුධ ජාවාරම් කටයුතුවල යෙදෙන බවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ මොනවා වෙන්න් යනවද මන්දන්නේ නැහැ
ඇමරිකාව අනුන්ගේ දේවල් වලට ඇගිලි ගහන්න යනවා. (නි)
යුදෙව්වන්ගේ අවසන් කාලය අතලඟයි (ස)
ජය වේවා, සුභ පැතුම් (ස)
යාත්‍රා දෙක ලඟදිම විනාස කරගන්න වගේ (ස)
ඒ නැවකින් කෑවොත් නම් ..... (දී)
ඉරාණයට මගේ සුභ පැතුම්! (නි)
ඒක නම් ඒ තරම් හොද නැහැ (දී)
බොහොම ළගයි වගේ. (නි)
ඉරානේ ඉල්ලන් කන්න ළඟයි. (නි)
අනේ බණ්ඩාර, නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)
මොකාක් හරි ලොකු දෙයක් තියෙනවා (දී)
ඉරානය නම් ළගදිම හොද පාඩමක් ඉගෙනගනීවි. (නි)
ඉරානයෙන් තමයි ඇමරිකාව කවදාහරි පාඩමක් ඉගෙනගන්නේ. (නි)
මොකද්ද හේතුව එලෙස එවන්නට (දී)
නැව් දෙක අවසන් ගමන් යන පාටයි. ජුවිෂ්ලාට ජයවේවා !!! (නි)