ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පෙරේදා (11) පාකිස්තානයේ ස්වාබී නුවර පැවැත් වූ දේශපාලන රැලියකට අත් බෝම්බ සහ වෙඩි ප්‍රහාර එල්ල විය. ප්‍රහාරයෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්වූ අතර 12 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් අතරේ පොලිස් නිලධාරීන් හත් දෙනකු සිටින බව ආරංචි මාර්ග පවසයි. ප්‍රහාරය එල්ල වෙද්දී ඉම්රාන් ඛාන් හෝ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ නායකයන් හෝ එම ස්ථානයේ නොසිටි බවත් ප්‍රහාරය එල්ල වූයේ ඔවුන් එතැනින් පිටවී ගොස් විනාඩි කිහිපයකින් බවත් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාර ගනු ලැබ නැති අතර එය ඉස්ලාමීය සටන්කාමීන්ගේ ම්ලේච්ඡු කි්රයාවක් යැයි තමන් සැක කරන බව පාකිස්තාන පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd