ඉන්දියාව ස්ක්රෑම්ජෙට් රොකට්ටුවක් අද (28) සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දියා අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද පෙරවරුවේ මෙම වියදම් අඩු රොකට්ටුව ආන්ද්‍රා ප්‍රදේශ්හි ශ්රිහාරිකොතා හිදී අත්හදා බැලූ අතර එය අභ්‍යවකාශ ගමනක වියදම දස ගුණයකින් පමණ අඩුකරන බව කියති.
සුපර්සොනික් කොම්බස්ෂන් රැම් හෙවත් ස්ක්රෑම්ජෙට් නමින් හඳුන්වන එය උසස් තාක්ෂණික වාහනයක් (ඒටීවී) ලෙසද හඳුන්වයි. බර කිලෝ ග්‍රෑම් 3000කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් රොකට්ටුවක් අභ්‍යවකාශගත කළා නේද? (නි)
මේ සල්ලි වලින් තමිල්නාඩුවට වැසිකිළි සාදාදුන්නා නම් කොපමණ වටිනවද? රටට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ මේකටයි (නි)
එහෙම තමයි දියුණුවෙන මිනිස්සු (නි)
අඩු වියදමෙන් කියන්නේ, මොනවායෙන්ද මේක නිර්මාණය කරලා තියෙන්නේ. (නි)
ඉන්දියා අභ්‍යවකාශ මධ්‍යස්ථානය රොකට් අත්හදා බලද්දී බහුතරයක් ඉන්දියානුවන්ගේ දෙනෙතින් ආර්ථික අපහසුකම් වල දුක බේරෙනවා. හරි පුදුමයි! (නි)
අර මෙහෙත් පාරවල් පුරවා තිබෙන, අඩු වියදමට හදපුවා වගේද දන්නේ නැහැ (නි)
ඕකත් අර අඩු වියදම් නැනෝ කාර් වගේ ඇති. මග දිගට ගරාජ් හදන්න වෙයි! (නි)
අර අපට එවපු අැම්බුයුලන්ස් වගේ තල්ලු කරන්න වෙන විදිහේ එකක්ද දන්නේ නැහැ...(බ)
ඉන්දියාව අනිත් රටවල්වලට අයත් චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කිරීමෙන් මෙවෙනතුරු බිලියනකට වැඩි ආදායමක් උපයා ඇත!! හැම මගුලකටම වැසිකිලි කතාව අදින්න එපා ! (අ)
හැමදේටම කලින් වැසිකිළි තිබෙන්න ඕනෑ. නැත්නම් වෙන්නේ ලොකු ජරමරයක්. වැසිකිළි නැති එකේ අමාරුව දන්නේ තමිල්නාඩු වැසියෝ. (නි)
සමාජීය සහ සස්කෘතික ගැටලු නිසා එකපාර වෙනස් කරන්න අමාරුයි ඉන්දීයාව. (ර)
ඉන්දු, ඉන්දියාව ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ (නි)