ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි වනරසී නගරය ආසන්න ඩුල්හිපර් ගමේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එකම පවුලේ 13 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොලිසිය පවසා ඇත්තේ කඩා වැටුණේ ඉදිකිරීම් කරමින් පැවති ගොඩනැගිල්ලක් බවයි. එහි බිම් මහලේ පවුලේ සියළු දෙනා තද නින්දේ පසුවන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි.
දොළොස් දෙනකු සුන්බුන්වලට යටවී මියගොස් සිටි අතර එක් අයකු රෝහල්ගත කිරීමෙන් පසු මියගියේය. අනතුරින් තිදෙනකුගේ දිවි බේරිණි.
විදෙස් මාධ්‍ය පවසන්නේ පසුගිය කාලයේ මෙවැනි අනතුරු ගණනාවක් ඉන්දියාවේ සිදුව ඇති බවයි. ගොඩනැගිලි ඉදිකිරීමේ දි අනුගමනය කරණ ප්‍රමිතීන්වල පවතින අඩුපාඩු මෙයට හේතුව බව විශේෂඥ මතයයි.
පසුගිය වසරේ ජූලි මාසයේදී චෙන්නායි නගරයේ තට්ටු 11 කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් 61 ක් දෙනෙක් මියගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ නිෂ්පාදිත වාහනයක් මිලදී ගැනිමේදීත් මේ ගැනත් හිතන්න. (නදී)
මනෝජ් - හරියට හරි. මේ රටේ වැඩි හරියක් රිය අනතුරු සිද්ද වෙන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත වාහන වලින්. බොරුනම් විශ්ලේෂණයක් කරලා බලන්න. (නදී)
කවදා අපේ අය මේක තේරුම් ගනියිද දන්නේ නැහැ (නදී)
නිවාස ඉදිකිරීමට ලංකාවට පුහුණු ශ්‍රමිකයන් ඉන්දියාවෙන් ගේනවා කියලා පසුගිය දිනක පුවත්පතක පළවී තිබුනා නේද? (නි)
ලංකාවේ කොහොමටත් තියෙන්නේ ඉන්දියන් වාහන තමයි.අනිත් එක අනතුරට බොහෝවිට හේතුවන්නේ එය පදවන්නා වගකීම නොසළකා හැරීමයි. නැතුව වාහනය නිෂ්පාදනයේ දෝෂ නෙමෙයි. (නි)