ඉන්දීය ආරක්ෂක අංශ කුරාන පිටපත් ගිනි තැබීමේ සිද්ධියකට විරෝධය පාමින් ඉන්දු කාශ්මීරයේ ආරම්භ වූ විරෝධතා ඊයේ (22) වන විටත් අවසන් නොවූ හෙයින් පැනැවූ ඇඳිරි නීතිය ඉවත් නොකිරීමට ප්රාන්ත බලධාරීහු තීරණය කළහ.
ප්රාන්ත රජයටත්, ආරක්ෂක අංශවලටත් විරෝධය පළ කරමින්, ඉන්දු කාශ්මීරයේ ශී්ර නගර් ඇතුළු නගර කීපයක වැඩ වර්ජන ද පැවැත් වීමට ආගමික නායකයෝ සහ වෘත්තීය සමිති ඊයේ දිනයේ දී ද තීරණය කර තිබුණු බව පුවත් සේවා පවසයි.
ඉන්දු කාශ්මීරයේ ගැටුම් වර්ධනය වූයේ ඉකුත් සිකුරාදා සිටය. එදින විරෝධතාකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම් හට ගත්තේය. එහිදී විරෝධතාකරුවන් පලවා හැරීමට පොලිසිය වෙඩි තැබූ අවස්ථාවේදී හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරන්න හොඳ විදිහකුත් හොයාගෙන. නිකන් පව් පුරවා ගැනීමක් විතරයි සත පහක විමුක්තියක් නැහැ. කි දවසකටද මේක.(නදී)
ආගමට හානි කෙරුවොත් සමාවක් නැහැ, වෙන ඕනෑම දෙයක් කරලා දෙවියන්ගෙන් සමාව ගන්න පුළුවන් වුනත් (නි)
මේ කට්ටිය ඉල්ලගෙන කනවා .(අ)
හින්දු , මුස්ලිම් ආගම් වාදී අරගලයකට නැවතත් මුල පුරන වගයි පෙනී යන්නේ !! (අ)
පොතක් නිසා මරා ගන්නේ ඇයි මෙහෙම? (නි)