ඇමෙරිකා රජයේ ඔත්තු බැලීම් සම්බන්ධ රහස් ලොවට හෙළි කළ එන්.එස්.ඒ. කොන්ත්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් රුසියාවේ කොටු කිරීමට ඇමෙරිකාව
|
රුසියානු ජනපති පුටින් |
කටයුතු කළේ යැයි රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පැවැසීය.
ජනාධිපති පුටින් මේ බව කියා සිටියේ, පෙරේදා (15) ඔහුගේ ‘එක්සත් රුසියානු පක්ෂයේ’ යොවුන් සේනානංකය හමුවූ අවස්ථාවකදීය.
30 හැවිරිදි ඇමෙරිකන් ජාතික ස්නෝව්ඩන්, මේ වනවිට රැඳී සිටින්නේ රුසියාවේ මොස්කව් නුවර ගුවන්තොටුපොළකය. ඇමෙරිකාව ඔහුගේ ගුවන් බලපත්‍රය අවලංගු කර ඇති නිසා ඔහුට වෙනත් රටකට යෑමට හැකියාවක් නැත.
ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකානු රටවලින් ආරක්ෂාව ඉල්ලා ඇති අතර වෙනිසියුලාව ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.
රුසියාව ද ස්නෝව්ඩන්ට ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇත. ඒ, ඇමෙරිකාවට හානියක් වන ආකාරයේ රහස් පිටකිරීම වහා නැවැත්විය යුතුය යන කොන්දේසිය මතය. එම කොන්දේසියට ස්නෝව්ඩන් එකඟ නොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව බින් ලාඩන් හැදුවෙත් මැරුවෙත් ඇමරිකාවේ ආරක්ෂාවට. ලියොන් ට්‍රොස්කි හැදුවෙත් අජන්ටිනාවට පැනල ගිහින් ඉන්දැද්දී අර්ජන්ටිනාවේදී රුසියන් කෙජිබි එක විසින් ඔහු මරා දැම්මෙත් රුසියාවේ ආරක්ෂාවට මාවෝ කොටි ගානක් මැරුවෙත් ස්ටාර්ලින් කොටි ගණනක් මැරුවෙත් තමරටේ ආරක්ෂාවට. ඇඩොල්ෆ් අයික්මාන් ලෝක යුද්දෙන් පස්සේ අර්ජන්ටිනාවට පැනල ගිහින් ඉන්දැද්දී මොසාඩ් එකෙන් ඉස්රයලේට පැහැරගෙන ඇවිත් මරා දැම්මෙත් ආරක්ෂාවට,විරප්පන්ට ඉන්දියාව වෙඩි තිබ්බෙත්, ප්‍රබාකරන්ට අපි වෙඩි තිබ්බෙත් හිට්ලර්ට රුසියාවයි අනෙකුත් මිත්‍ර හමුදාවයි වෙඩි තිබ්බෙත් ලෝකෙම ආරක්ෂාවට. අපේ රටේ කෝකටත් රුසියන් සරණ පතගන හිටපු ඉනියා ඇමරිකන් විරෝදී කුහක රැලට පුටින් මහත්තය ටොක්කක් ඇනල (අ)
අපේ රටෙන් පැනලා ගිහින් යුරෝපේ ඉදන් අපට විරුද්ධකම් කරන උදවියගේ ගමන් බලපත්‍රය අවලංගු කරන්ට අපට බැරිද... (නි)
රූපා,ඔයා කවුද කියල ඔයා දන්නවා.ගොඩක් අයට නොතේරුනාට සමහර උදවිය දන්නවා. "අත ඊසොප්ගේ හඬ ජාකොබ්ගේ" ඔයතරම් දිග අදහසක් ලියන්නේ ලංකාව වෙනුවෙන් නොව ඇමෙරිකාව වෙනුවෙන්.ඔහොම යං ඔහොම යං.සමහරු ලංකාවේ නායකයටත් අපහාස කරනවා. (නි)
නිසල් කියන එක සම්පුර්ණ ඇත්ත. රූපාගේ අදහස් කියවපුවම තේරෙනවා කකුල් 2 විතරයි ලංකාවේ අනිත් ඔක්කොම ඇමෙරිකාවේ කියලා. (නි)
කාගේ කාගේත් කිල්ලෝටර් වල හුණු නැතැයි. (නි)
විනාසේ විනාසේ (නි)
ඉතිහාසය තුලින් උපහාසය... සත්තයි. හැබෑවයි (නි)
මෙයට වැඩි ආයුස නැහැ,ලගදීම ආරංචි වේ මොකද වුනේ කියල (අ)
රූපා,කවුරු මොනවා කළත් ඉර හඳ සහ සත්‍යය දීර්ග කාලයක් වසන් කළ නොහැක ! (නි)
රූපා,ඇයි කාගේවත් සරණ පතන්නේ?මනසින් උසස් මිනිසෙක් වෙලා ඉපදිලත් ඇයි අනුන්ගේ සරණ පතන්නේ?මොකා වුනත් අයුක්තියට එරෙහි විය යුතුයි. එයයි මිනිසත්කම.ඇමෙරිකාවට තේරෙන්නේ නැත්තේ (තම ගඳ වසා අනුනගේ කුණු ඇවිස්සු-මනසින් උසස් හින්දලු අපි මිනිස්සු) (නි)
ඇමෙරිකාව කියන කපටියට පුටින්වයි ඉන්දියාවයි අදුර ගන්න බැරුව ඉන්නේ. අදුනා ගත්තත් ඇමෙරිකාවට කරන්න දෙයකුත් නැහැ. (නි)
ජාත්තන්තර රාජ්‍ය තාන්ත්‍රික කපටි කයිරාටික උප්පර වැට්ටි, බොරු බේගල් නොදන්නා ළදක් රූපා. (අ)