ඇමෙරිකාවේ ජනගහනයෙන් 52%ක් එරට හිටපු ජනපති බැරැක් ඔබාමා අවශ්‍ය යැයි ඉල්ලන බවට සමීක්ෂණයිකින් හෙළි වී තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට ජනපති වී දින 13ක් ගත වී ඇති අතර ඔහුගේ ජනපති ධූරය ගැන සතුටු වන්නේ ඇමෙරිකානුවන්ගෙන් 43%ක් පමණි.
එමෙන්ම 40%ක් නව ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කැමැත්ත පළ කර තිබේ.පසුගිය සතියේ එය 35%ක් ලෙස සඳහන්ව තිබිණි..
දෝෂාභියෝගය සඳහා වූ පෙත්සමක් අත්සන් කරමින් සිටින අතර මේ වන විට ඒ සදහා අත්සන් 500 000ක් පමණ ලැබී ඇත.
ට්‍රම්ප් මහතා නියමිත ඡන්ද කොට්ඨාස 270 ජයගත් නමුත් ප්‍රසිද්ධ මනාප වලින් මිලියන තුනකින් පමණ පරාජය වූවේය.
රටවල් හතක පුද්ගලයින්ට පනවා ඇති තහනමට පක්ෂව සිටින්නේ එරට ජනගහනයෙන් 26%ක් පමණක් බව එම සමීක්ෂණයෙන් හෙළි වී ඇත.
ට්‍රම්ප්ට එරෙහිව කැරෙන උද්ඝෝෂණ වලට හිලරි ක්ලින්ටන්ගේ බිලියනපති අනුග්‍රාහක ජෝර්ජ් සොරෝස්ගේ සහය ලැබෙනවා යැයි එරට ජනගහනයෙන් 48%ක් විශ්වාස කරන බවත් ජනගහනයෙන් 54%ක් මෙක්සිකානු දේශසීමාව හරහා තාප්පයක් ඉදිකිරීමට ඇමෙරිකාවේ මුදල් වැය කිරීමට විරුද්ධ බවත් හෙළී වී ඇත.
එම තාප්පය ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 14ක් වැය වනු ඇත.
වයස 30ත් 31ත් අතර ලියාපදිංචි ඇමෙරිකානුවන් 725 දෙනකු ආශ්රයෙන් මෙම සමීක්ෂණය සිදු කැරිණි.ඔවුන්ගෙන් 80%ක් ස්ථාවර දුරකථන සම්බන්ධතා භාවිත කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබමා වටේ මේරටේ නූගත් කොල්ලෝ ටිකකුයි, සහෝදර සමාගමකුයි නැති නිසා ඔබමා බේරුනා,,ලංකාවේ හිටපු කොබාමට එහෙම බෑනේ, වටේට රටේම සල්ලි කාපු ජෝනිල,රත්තරන්ලා, මෙර්වින්ලා,,,නාමල්ල,බැසිල ල ,,ගෝටා,,,විමල්, කියල 10මහ යෝදයෝ සෙට් එකක් උන්න නේ. නඩත්තු කරන්න,,,ඒත් අපේ නුගත් මිනිස්සු ඉල්ලන්නේම මේ පරණ උලකන්නෝ සෙට් එකම නේ වැඩේ. (අ)
ඩිලාන්, ඔයා කොයී ලෝකෙද ජීවත්වෙන්නේ? කවදද සංක්රමණිකයෝ රුසියාවට ගියේ? ඔවුන් කවදත් ගියේ බටහිරට සහ ඇමෙරිකාවට. ට්‍රම්ප්ගේ සදාචාරවිරෝධී සෑම ක්රියාදාමයක්ම කොහොමහරි නවත්වන එක අපි කාගේත් යුතුකම සහ වගකීම වේ (නි)
සමීක්ෂණය කරලා තියෙන්නේ අවුරුදු 30-31 අතර ගැටව් ටිකක් අතරද? (නි)
බලය ලැබිලා දින කීපයකින්ම මෙසේ ලෝක අප්‍රසාදයට පත්වෙලා. අපි දැක්කා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පවා ට්‍රම්ප්ව, මානව සමුල ඝාතකයින් සේ සැළකෙන හිට්ලර් සහ මුසෝලිනි සමඟ සම කරනවා. ඔවුන් දුරදක්නා නුවණකිනුයි කතා කරන්නේ. "සියල්ලෝම මනුස්සයෝය" කියන එකයි ඔවුන්ගේ තර්කය. ඔහොම ගියොත් වැඩිකල් යන්න කලින්, ට්‍රම්ප්ට ඡන්දෙ දීපු ඇමෙරිකානුවන් විසින්ම ඔහුව බලයෙන් පහකරනවා නොඅනුමානයි. (නි)
ඉදිරියේදී ලංකාවටත් පැත්තක් තෝරාගන්න වෙනවා. ඔබ කාගේ පැත්තේදැයි තීරණයක් ගන්න. හිලරිලගේ පාරේ ගිහින් හොරු ආරක්ෂකරලා, බටර් ගාලා වගතුවක් වෙන්නේ නැහැ. දේශපාලනය හරියට කරන්න. බැරිනම් යන අතක යන්න. (නි)
ඔබාමා කියන්නේ අහිංසක රටවල් විනාශ කරලා දාපු කෙනෙක්. එවැනි අයට තමයි ඇමෙරිකාවේ මිනිස්සු බහුතරයක් කැමති. අපේ රටේ අයත් ඇමෙරිකාව කිව්වොත් අම්මෝ ඊට වැඩිය දෙයක් නැහැ. (නි)
ඔහුගේ හැසිරීමට අනුව මෙවැනි දේවල් වියහැකිය. (නි)
ප්‍රදීප් - හැබැයි ඔබාමා කියන්නේ උගත් මනුස්සයෙක් , මම නම් හිතන්නේ එයා හිටපු ජනාධිපති විදියට වැදගත් මහත්තයෙක් ලෙස ඉඳියි. (අ)
දැන් ඔබාමට කරන්න තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට පාර්ලිමේන්තු ඇවිල්ල , නැවත ජනාධිපති කමට ඉල්ලන්න ඇමෙරිකානු ව්‍යවස්ථාවෙන් බලය නැති නිසා තමන්ගේ පවුලේ කෙනකු දේශපාලනයට ගෙනත් ප්‍රමෝට් කරලා ඒකාබද්ධ විපක්ෂයක් හදාගෙන ලබන ඡන්දෙට ලක ලැස්ති වෙන්න (අ),
ඔබාමා දැන් පන්සල් යන්න පටන් ගනීවිද දන්නේ නැහැ. (අ)
ඔබාමා කියන්නේ නළුවෙක්. දේශපාලනය කරන අය හොඳට රඟපාන්න දන්නවා. ඔබමා අමෙරිකාව තවත් භයානක තත්වයකට පත්කළා විතරයි (නි)
සුනිල්, මෝඩ කතා කියන්න එපා. ඇමරිකාවේ මිනිස්සු තමන්ගේ ජනාධිපතිවරු ගැන හොඳ නරක දෙකම කියන්න පැකිළෙන්නෙ නැහැ (නි)
මේ නාමල් නිව්යෝර්ක් හොඳට මලු අරන් ඇමරිකාවට කඩේ යනවා. එහි සිටින අපේ තවත් ආර්ථික රැකවරණකරුවෙක් වගේ (නි)
නාමල් - නිව්යෝර්ක්, ට්‍රම්ප්ට ඇයි ඇමරිකාවේ මිනිස්සු කැමති නැත්තේ? ට්විටර් ගිණුමේ බැනලා තියෙන විදිය දැක්කහම මට අපේ රටේ මනුස්සයෙක්ව මතක් වෙනවා. මට පෙනෙන්නේ ඔබාමා වගේ අනිත් රටවල් ගිනිතියන අයට තමා ඒ අය කැමති (නි)
ඔබාමාට මිනිස්සු කැමති ඔහු පොඩි මිනිහගේ පැත්තෙන් හැමදාම බලපු නිහතමානි නායකයෙක් නිසා. ඔහු ගෙවල් අහිමි වුණු මිලියන් ගණනාවක මිනිසුන්ගේ ගෙවල් බේරා දී 2008 ආර්ථික අර්බුදයෙන් ඇමෙරිකාව බේරා දුන්නා. ඔහු අතින් යම් වැරදි සිද්ධවුණ බව ඇත්ත. විශේෂයෙන් මැදපෙරදිග කලාපය තව තවත් අස්ථිර කිරීමට ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ඉවහල්වුණා. නමුත් මේ රටේ මිනිසුන්ට ඒවා එතරම් වැදගත් නැහැ. අවාසනාවකට ඔවුන් වෙන රටවල් ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ (නි)
රටට හොදක් වනකොට සමහර මෝඩයෝ ඉන්නවා ඔය වගේ 52% ක් ලංකාවට උන්නා වගේ (බ)
හොඳ වෙලාවට එහේ වයඹ පළාත කියලා ප්‍රාන්තයක් නැත්තේ (නි)
දෙපැත්තේම ඉන්නේ මහජන මුදල් හොරකම් කරන අය බව අදහස් දමන ඡන්දදායකයෝ දන්නේ නැති හැටි? මේක පුදුම රටක් (නි)
තමන්ගේ සාක්කුවට බහින නිල් කොළ කහ දම් පාට හොරුන්ට සත්‍යට වඩා තම විශ්වාසය තහවුරු කරන නිසා අපමණ සෙනෙහසක් දක්වන ජාතියක් කිසිදා එඩිතර නොවේ (නි)
සමහරු මහින්දට කඩේ යනවා. තවත් අය රනිල් රවී කිරිඇල්ල, අජිත් සහ මෛත්‍රී නඩය පසුපස යනවා. මේ ඔක්කොම මුට්ටිය අල්ලලා අන්තිමට හොඳින් නා ගන්නවා පමණි. ඔවුන් හැදෙනවා, එතනෝල් ගේනවා, මහබැංකු කොල්ලකනවා, දුප්පත් ජනතාවගේ ලේ උරා බොනවා, තරුණ පරම්පරාවම මත්පැනට ලොල් වෙලා ඉවරයි (නි)
ඔබාමා ගෙදර ගිහින්. ඇමරිකානු ව්‍යවස්ථාව කියවලා එන්න. ට්‍රම්ප් මහතාට විරුද්ධව කටයුතු කරලා නයාට ගහලා පොල්ල වරද්දා ගන්න එපා. (නි)
අපේ රටවල විතරක් නොවේ, ඇමරිකාව, එංගලන්තේ වගේ දියුණු රටවලත් කරපු මෝඩකම් තේරෙන්නේ පස්සේ! (නි)
අපේ සමහරු කලබල වෙයිද දන්නේ නැහැ මේක දැකලා (නි)
හරියටම ලංකාවේ වගේනේ (නි)
මේ ප්‍රවෘත්තිය දයාසිරි ඇමතිතුමාට පෙන්නුවා නම් වඩාත් හොඳයි (නි)
මම නම් ඒ ගොඩට අයිතිවෙන්නෙ නැහැ (නි)
මෙහෙ මිනිසුන්ට ට්‍රම්ප් හිටියත් එකයි. ඔබමා හිටියත් එකයි. ඔය සමීක්ෂණ ගණන් ගන්නේ නැහැ. (නි)
ඔය සමීක්ෂණය තියපු කට්ටියම නේද ට්‍රම්ප් පරදිනවා කියලා සමීක්ෂණ ප්‍රතිපල නිකුත් කළෙත්? (නි)
ඇමෙරිකාවේ සහ බටහිර රටවල නිදහස් පුවත්පත් හෝ මාධ්‍ය නාලිකා නොමැත. සියලු මාධ්‍ය සියයට 99 ක් අයිතිය එකතරා සුළු කොටසකටය. එම කොටසට අවශ්‍ය විදියට තමා ඇමරිකාවේ සියල්ල සිදුවෙන්නේ. එමනිසා මේවාත් නිදහස් මත හැටියට සිතන්න අමාරුයි (නි)
කෝටි 32 ක් ජනගහණයෙන් සුළු පිරිසක් අරගෙන කරන සමීක්ෂණය මොකක්ද? (නි)
කෝ ඔබාමා තාම ජාතිය ඇමතුවේ නැහැනේ. (නි)
ට්‍රම්ප් දිනලා. එ්කට අකුල් හෙළන එකද ප්රජතන්ත්රවාදය? ස්ටාර්ස්ලා වගේ තේරුමක් නැතුව කෑගහලා වැඩක් තියේද. බලන්න පූටින්! එහෙට (රුසියාවට) සංක්‍රමණිකයන්ට කාටවත් ලේසියෙන් යන්න බැහැ. ඒ නිසා ඔය කරදර නැහැ. ඕක තමා ට්‍රම්ප් කරන්න යන්නේත්. (නි)
ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. තව ඉස්සරහට යනකොට ඔබාමාගේ අගය ඇමෙරිකානුවන්ට තවත් තදට දැනේවි! (නි)
‘ඔබාමා සමඟ නැගිටිමු‘ කියලා බස් වල නැඟලා සෙනඟ ගිහින් ඔබාමාගේ ගෙදර පිරුනොත්, ජනේලෙක එල්ලිලා කතාවක් කරයිද දන්නේ නැහැ. ඔබාමාට විශ්‍රාම සුවය ලබන්න දෙනවා නම් තමා හොඳ. (නි)
ප්‍රදීප්, ඇයි අපේ අය සිංදුත් ලිව්වනේ ඔබාමා වෙනුවෙන්. ‘ඔබමා සතුවෙයි කියා, ඔබමා හැර ගිය දා..‘ ඒ අයටත් දුක ඇති, පවු. (නි)
දැන් මේ මිනිස්සු ලංකාව කොපි කරනවා වගෙයි (නි)
ඇමරිකාවේ ඉන්න ජනගහණයත් එක්ක මේක මොකක්ද? (නි)
ප්‍රදීප්, අපේ ඔබාමා නැගිට්ටොත් මොකද කරන්නේ.. (නි)
මහින්ද රාජපක්ෂ ඉල්ලන්නෙත් ඔය වගේ තමා (නි)