ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි යොසිමයිට් ජාතික උද්‍යානයේ කඳවුරු ලා සිටි දසදහසකට ආසන්න සංචාරකයන් පිරිසකට මරණීය වෛරසයක් වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීමට එරට සෞඛ්‍ය බලධාරීහු පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඉකුත් සතියේදී මෙම වෛරසය වැළඳුණ සංචාරකයන් දෙදෙනකු මියයෑමෙන් අනතුරුව ජාතික උද්‍යනයේ එක් ප්‍රදේශයක් වසා දැමීමට බලධාරීහු කටයුතු කළහ. හැන්ටා වෛරස් පුල්මොනරි සින්ඩ්‍රෝම් නමැති ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව වැළඳෙන දුර්ලභ ගණයේ මෙම රෝගය වැළඳුණු තවත් සංචාරකයන් හය දෙනකු වාර්තා වූ බව කැලිෆෝනියා උද්‍යාන බලධාරීහු පවසති. මෙම සිදුවීම වාර්තා වීමෙන් පසුව එම උද්‍යානයට පැමිණි සංචාරකයන් දසදහසක් පමණ එම වෛරසය වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීමට පියවරගෙන තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව මුලු ලෝකයටම වෛරසයක්. (ත)
අනුන්ට දාන වෛරස් තමයි තමන්ටම එන්නේ. මේ පටන් ගැන්ම විතරයි...(ස)
තව කොච්චර වෛරස ඇමෙරිකාවෙන් එයිද? (ත)
ලංකාවේ වගේ නෙමෙයි මෙයාලා ඉක්මනට බෙහෙත් හොයාගනීවි..(ස)
මුළු ඇමරිකාවෙම පැතිරුණත් මම නම් කැමතියි..!! අපේ රටේ සරණාගත කදවුරු ගැනයි මේ අයට කැක්කුම..!!(නු)
ලොකුකම ඔළුවෙ තියගෙන අපේරට අවතක්සේරු කරන්න එපා..!!(නු)
ත්‍රස්තවාදය පතුරවන වෛරස් එක ඇමරිකාව පමණයි..!!(නු)
මේ උද්‍යානයට මමත් ගිහිං තියෙනවා.. ලෝකයේ විශාලම ගස් ලෙස හැදින්වෙන රෙඩ්වුඩ් ගස් තියෙන්නේ මේ උයනේ...!!(නු)
බැලුවම හැම විසක් වසක් ලෝකෙට හදුන්වලා දෙන්නේ මෙගොල්ලොනේ,කොහොම උනත් තව ටික දවසකින් ඕක අපේ රටේ ඇති වෙච්ච එකක් කියලා කියයි...(ස)
මොකද මේ ලංකාවේ මිනිස්සු මේ තරම් අනෙක් රටවල් වලට සහ මනුෂ්‍යයන්ට වෛර කරන්නේ. හතුරෙකුට වුණත් ලෙඩක් දුකක් හැදුණහම හොද වැඩේ කියන එක පහත ගතියක්. " සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා" කියල මෛත්‍රීය පතුරවන බෞද්ධ අපට ඒක ගැළපෙන්නේ නැහැ නේද, මේ අතර අහිංසක කුඩා දරුවන්, වෙනත් සංචාරකයන්, ලාංකික අය කොපමණ ඉන්නවා ඇද්ද? කැලිෆොර්නියාවේ සුදු ඇමරිකානුවන් ඉන්නේ 50 % කටත් වඩා අඩුවෙන්. අනෙක් අය බහුතරයක් චීන, මෙක්සිකන්, ඉන්දියන් ජාතිකයන්. පුදුමයි ලංකාවේ බහුතරයක් බලන් ඉන්නේ ඇමෙරිකාවේ විනාශය උදා වෙනකන්. අපේ සැබැ සතුරා ඇමෙරිකාව නොවෙයි එංගලන්තය. ඇමෙරිකාව එංගලන්තයෙන් කොලනියක් විදිහට මහා පීඩාවක් වින්ද ජාතියක්. අමතක කරන්න එපා අපි කොටි එක්ක කළ යුද්ධය පහසු වුණේ ඇමෙරිකාවේ යම් යම් උදවු නිසා බව. මේක තමයි පරාජිත පරාදීන මානසිකත්වය. මේක තමයි තිත්ත ඇත්ත. අපි කළ යුත්තේ මේ රටවල හොද පැත්ත අරන් , නරක බැහැර කොට වහ වහා දියුණු වීමයි. (නි)
ඇමරිකාව ඔවුන්ගේම සාපරාධී ක්‍රියා තුළින් පාඩම් ඉගෙන ගනීවි. (නි)
ඕකට තමයි කියන්නේ සොබාදහමෙන් දඩුවම් දෙනවා කියලා..(ස)