ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර චෙල්සියා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අහමඩ් ඛාන් රහමානි (28) නම් අයකු සොයන බව නිව්යෝර්ක් පොලිසිය පවසයි.
ඔහු ඇමෙරිකාවේ ඇෆ්ගන් වැසියෙකියි පොලිසිය කියයි. සැකකරුගේ ඡායාරූපයක් එරට පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කළේය.
මේ අතර නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘ කූමෝ පැවසුවේ මෙම බෝම්බ ප්‍රහාරයට ත්‍රස්තවාදී සම්බන්ධයක් ඇතැයි සැක කරන බවයි. මෙම පිපිරවීම පිළිබඳව විදේශ සම්බන්ධයක් සොයා ගත හොත් එය ද පුදුමයට කරුණක් නොවන බවත් ඔහු කීවේය.
නිව්යෝර්ක් හා නිව්ජර්සි ප්‍රාන්තවල කුඩා ත්රාස්ත කණ්ඩායම් සිටිය හැකි බව බලධාරීහු විශ්වාස කරති.
ස්ථාන තුනේම පිපිරුණු බෝම්බ එකම ක්‍රමයකට සකසා ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද හලෝ බල බල ඉන්නේ කොනක ඉඳන් දෙන්නකෝ. (බ)
අන්න හරි.(හේ)
ඇමෙරිකාවේ ත්‍රස්තවාදය නැතිකර ගැනීමට අවශ්‍ය නම් මීලග ජනාධිපතිවරණයෙන් ටම්ප් සහ හිලරි අයින් කරලා ඇමරිකාව අවුරුදු 3 කට මහින්ද රාජපක්සට බාර දෙන්න. ඔය අල්කයිද, තලබන්, ජිහාඩ්, කුර්දි අයිඑස්අයිඑස් ත්‍රස්තවදින්ට හින් දාඩිය දායි. අවුරුදු 3 ට පස්සේ අමෙරිකනුවන්ටත් ලංකාවේ අපිට වගේ නිදහසේ ඉන්න පුළුවන් වේවි. කළගුණ දැක්වීම වශයෙන් ලාංකිකයන්ට ඇමෙරිකාවට නිදහස් වීසා ක්‍රමයක් දෙන්න. (හේ)
රංජිත්ගේ අදහස නම් මසුරන්. (නි)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති (නි)
අැමරිකාව තමයි ලෝකෙටම ත්‍රස්තවාදය පතුරුවන්නේ (නි)
සීසීටීවී කැමරා බලලා මිනිහව අල්ලගන්න එක සුළු දෙයක්
තවත් බේගල් එකක් මිනිස්සුන් මුලාකරන .දැන් ඉතින් කන්න, ඇමෙරිකාවටත් හොඳ පාඩම් (බ)
බටුගෙදර ඔබත් ත්‍රස්තවාදියෙක්ද නොදන්න දේවල් කතාකරන්න එපා (අ)
මේ ඔක්කොම එකයි දන්නේ පුපුරුවන්න විතරයි (අ)
රන්ජිත්, ඒ කියන්නේ ත්‍රස්තවාදින්ට සල්ලි දීලා කලින්ම අයින් වෙන්න කියලද? ලංකාව ඇතුළේ ලෝකය තියෙන්නේ කියලාද ඔයා හිතාගෙන ඉන්නේ (නි)