විවේක සුවයෙන් රාති‍්‍රය ගත කරමින් සිටි දකුණු අපි‍්‍රකා පවුලක ධ්‍යානය බිද හෙළමින් ඇත් පැටවෙකු විසිත්ත කාමරයට ඇතුල් වූවාය.
පවුලේ මූලිකයා වූ ෆ්රැන්කොයිස් මාල්ඩි ඇන්තනී මුලින් බියපත් වුවද ඇත් පැටවා මිත්‍රශීලී බව දුටු හෙයින් සන්සුන් වූවාය.
ඇත් පැටවා ෆ්රැන්කොයිස්ගේ දියණිය හා සුරතල් වන්නට පටන් ගත්තාය.පැටවා දිගු දුරක් පැමිණ ඇති බව පෙනෙන්ට තිබුණු හෙයින් ෆ්රැන්කොයිස් ඇයට ජලය පානය කිරීමට දුන්නාය.
ඇත් පැටවා තම නිවසේ විසිත්ත නිවහන කරගෙන සිටියදී තම මිතුරන් හා ප්‍රදේශය පිරික්සූ ෆ්රැන්කොයිස්ට ඇත් පැටවාගේ මව යැයි සිතිය හැකි ඇතින්නක හමුවූවාය.
ෆ්රැන්කොයිස් ඇත් පැටවා මව් ඇතින්න වෙත ගෙන ගියාය.තම දරුවා දුටු විට මව් ඇතින්න සතුටට පත්ව කුංච නාද කළාය.
පැටවාත් සමග මව් ඇතින්න යළිත් වනයට පිවිසියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපයට ස්තුතියි! (නදී)
පරණ නෑදෑයෝවත් හොයාගෙන ඇවිල්ලද? (නි)
මුළු ලෝකෙම ඉන්න අලි ඇත්තු ටික දැන් අනාරක්ෂිත වෙලා කියල දැනෙනවා. අනිත් සත්තු ටිකටත් ඒ ආනිසංසෙම තමයි. හුගාක් වේගයෙන් ගිහින් මිනිහට අන්තිමේදී සියදිවි නසාගන්නවෙන දුර පෙනෙනතෙක් මානයේ කියල දැනෙනවා.... මේ අලි පැටියයි එයාගේ අම්මයි මේ සිද්ධියේදී වාසනාවන්තයි.(ස)
අලි අම්මා නැති කර පැටවුන් ගන්නා අයට මේක හොඳ ලිපියක් (නි)
ලංකාවේ නම් මේ කතාව ලියැවෙන්නේ මෙහෙමයි. " ඇත් පැටවෙකු ගෙදරකට ආ බව දැනගත් දේශපාලු හෙන්චයියෙක් ඒ බව දේශපාලුවාට දැන්වීමෙන් පසු මොන්ටෙරෝ එකකින් පැමිණ ඒ සතාව රැගෙන ගියේය." (නි)
මම ජීවිතේ පළමු වතාවට දැක්කේ ගෙයක් ඇතුළේ අලියෙක් ඉන්නවා. හරිම හුරතල් පැටියෙක්. නෙත් පිනවන දර්ශනයක්. හැබැයි අලි පැටියෝ, ලොකු වුණාම නම් මේ ගෙදරට ඇවිල්ලා කරදර කරන්න එපා.පුංචි එකෙක් නිසා මේ මිනිසුන්ට අනතුරක් වුණේ නැත්තේ. (නි)
මේ දර්ශනය සිත් ආකර්ෂණය කරනවා. පුදුම ලෙන්ගතුකමක් .දැකීම වාසනාවක් (දී)
සෑම්, ඔයාගේ කතාව හරියටම හරි (දී)
අලියත් එක්ක ඉන්න කාලේ නම් සුන්දරයි නමුත් නැති උනාම දුකයි (දී)
පොඩිකාලේ නම් තියා ගන්න පුළුවන් ඒත් ලොකු උනාම එහෙම ඉන්න බැහැනේ (දී)
අනේ හොදයි සුරතලේට ඇති කරනවාද කොහෙද (දී)
මොනවා වුණත් අපිට බලන්න පත්තරේටත් එවලා, අලි පැටියට අනතුරක් නොකර කැළේට යවපු එකට ඒ අයට අපි ස්තූතිවන්ත වෙනවා. (නි)
අප්‍රිකාවේ කැලේ ඉන්නවාට වඩා ගෙදරකට ඇතුල් වෙලා ඉන්න එක ඇඟට ගුණයි අලි ඇතුන්ට.මොකද දළ අරගන්න පුදුම විදිහට දඩයම් කරුවන් විවිධ උපක්ක්‍රම යොදන්නේ.(දිල්)
මටත් ආසයි අලි පැටියෙක් ඇතිකරන්න.(නදී)
අපේ රටේ තමයි මේ අසරණයින්ට, පාප තරයින් විසින් හක්ක පටස් දීල මරන්නේ.(නදී)
අනේ එන්නකෝ අපේ ගෙදරටත්. (ස)