වසර 24,000 ට පෙරාතුව දකුණු මධ්‍යම සයිබීරියාවේ දී මියගිය වයස අවුරුදු හතරක් පමණ වූ පිරිමි ළමයකුගේ ඇට සැකිල්ලක කොටසක් ගෙන ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ ඇමෙරිකානුවන්ගේ මුල් සම්භවය සිදුව ඇත්තේ යුරෝපයේ බවයි. ඔවුන් පවසන්නේ අතීත හිමයුගයේ දී යුරෝපයේ සිට සංක්‍රමණය වූ මුතුන් මිත්තන්ගෙන් ඇමෙරිකාව ජනාවාස වී ඇති බවයි.
පර්යේෂකයන් පවසන්නේ වර්තමාන ඇමෙරිකානුවන්ගෙන් සියයට 30 ට වැඩි පිරිසක් පැවත එන්නේ සයිබීරියාවේ දී වසර 24,000 පෙර මියගිය මේ දරුවාගේ ජාන සැකසුමට අනුව බවයි.
මෙම අධ්‍යයනය කළ ඩෙන්මාර්කයේ කෝපන්හේජන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්කි විලර්සි පවසන්නේ මේ සොයා ගැනීම පුදුමයට කරුණක් බවයි. ඔහු පෙන්වාදෙන්නේ නූතන ඇමෙරිකානුවන් සම්භවය වී ඇත්තේ නැගෙනහිර ආසියානුවන්ගේ සහ යුරෝපීය මිශ්‍ර ජාතියක් ලෙස බවයි.
සයිබිරියාවේදී මේ ඇටසැකිල්ල හමුවී ඇත්තේ 1920 දී ය. රුසියාවේ පුරාවිද්‍යාඥයන් විසින් එය ගොඩගෙන ඇත්තේ සයිබීරියාවේ මෝල්ටා ගමට නුදුරින් වූ බෙලයා නමැති නදිය ආසන්නයෙනි. කෝපන්හේජන් සරසවියේ විද්‍යාඥයන් එම ඇටසැකිල්ලේ අස්ථි කොටසකින් ඩී.එන්.ඒ. ලබාගෙන ඇමෙරිකා ජනතාවගේ ඩී.එන්.ඒ. සමග සන්සන්දන කැර ඇත
වසර 24,000 ට පෙර මියගිය මේ දරුවාගේ ඩී.එන්.ඒ.වල ඇති වර්ණ දේහ සහ සෛලවල ශක්තිය නිපදවන මයිටකොන්ඩ්රම අද යුරෝපීය ප්‍රදේශ වටකරගෙන ජීවත්වන බටහිර ආසියාවේ සහ අප්‍රිකාවේ කලාපවල ජනතාවට සමානත්වයක් දක්වන බව ද තහවුරු වී ඇත. ඔවුන් චීන, කොරියන් හෝ ජපාන ජනතාව සමග සමානතාක් නොදක්වයි. කෙසේ වෙතත් මේ පර්යේෂණයෙන් පෙනීගොස් ඇත්තේ ඇමෙරිකානුවන් නැගෙනහිර ආසියාවේ මිනිසුන්ට බොහෝ දුරට සමාන බවයි. මේ ළමයාගේ මරණයෙන් පසු ගතවූ කාලයේ දී නැගෙනහිර ආසියානුවන් හා යුරෝපීයයන් සම්මිශ්‍රණය වී ඇති බව ද පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. ඔහුගේ ප්රවේණි ද්‍රව්‍ය අනුව පැහැදිලි වන්නේ අදින් වසර 24,000 ට පෙරාතුව සයිබිරියාවේ ජීවත්වූවන්ගේ වර්ණ දේහ පළමු ඇමෙරිකානුවන්ගේ වර්ණ දේහ වලට දායක වන්නට ඇති බවයි.
පර්යේෂකයන් පවසන්නේ මේ ළමයාගේ අස්ථි කොටසින් ලබාගත් ඩී.එන්.ඒ. තොරතුරු අනුව ඇමෙරිකානුවන් සයිබීරියාවෙන් පැමිණි මිනිසුන් කොට්ඨාශයක් ද යන්න තහවුරු කැර ගත යුතු බවයි. ඇමෙරිකානුවන්ගේ සම්භවය පිළිබද පුදුමසහගත හා ඇදහිය නොහැකි ආකාරයේ මතවාදයක් ආරම්භ කිීමට මේ පර්යේෂණය ඉවහල් වී ඇත. කෙසේ වෙතත් මෙම පර්යේෂණය සිදු කිරීමට පෙර ද හමුවූ අවුරුදු 9000ට පෙර මියගිය නෙත්මික් මිනිසාගේ සැකිල්ල සම්බන්ධ පරීක්ෂණ කළ විද්‍යාඥයන් කියා සිටියේ ද ඇමෙරිකානුවන් යුරෝපයෙන් සම්භවය වූවන් බවයි.
අදින් වසර 15,000 ක් දක්වා ඇමෙරිකාවත් නැගෙනහිර ආසියාවත් අතර මුහුදේ තිබූ අයිස් මතින් නැගෙනිහිර ආසියාවේ මිනිස් කණ්ඩායම් ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇමෙරිකාව ප්‍රථම මිනිස් වාසස්ථාන පිහිටුවාගන්නට ඇතැයි පර්යේෂකයන් පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ගේ ඇඟේ ලේ නම් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ගිනි (නි)
වන්නි තිලක් කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. ඇබෝරිජින් වරු සහ වැදි ජනතාවගේ කිසිම වෙනසක් නැහැ.හැබැයි ඉතින් කැලේ හිටියත් අපේ වැදි ජනතාවට ඇබෝරිජින්ලට වඩා චාරයක් තියෙනවා. (ස)
අපේ ඇඟේ නම් අරාබි ලේ නැහැ (නි)
අපි මේ ගැන වැඩිය කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
අපෝ ඕව මොනවද ජැක්සන් ගෙන් ඇහුවා නම් අපිටත් නෑ කමක් හදල දේවි.(නදී)
වන්නි තිලක් හරි, ඔයා කියන එළුවාගේ පිටේ නැගල ආපු කොලුවාගේ පොසිල වෙන්න බැරිද මේ හම්බ වෙලා තියෙන්නේ.(නදී)
සෑම් කොහොමද දන්නේ ආදම් ඉපදුනේ මිට වසර 7000 කලින් කියලා. උපන් දින පාටියට යන්න දිනෙත් කියනවද ? නිකන් මෝඩ කතා කියන්න එපා අපි නොදන්නා දේවල් ගැන බොරුවට කියවන නරක පුරුද්ද නැති කර ගන්න ඕනා. මේ නිවුස් එක නම් අපි දන්නේ ගොඩක් කල්.(නදී)
අපේ ඉන්දියාව නිසා බටහිර මිනිස්සු ඇමෙරිකාව සොයා ගත්තා.(නදී)
කිම් හරි. (නි)
මෙතන ඇමෙරිකානුවන් කියන්නෙ මුල් පදිංචි කාරයන් වන රතු ඉන්දියානු වරුන්ටයි. .අපි දැන් අමෙරිකානුවන් කියන්නෙ බටහිර යුරොපයෙන් මෑතකදි සංක්‍රමනය උන අයට..(ස)
මගේ නමින් ප්‍රතිචාර දාන්නේ කවුද? අනෙක දෙවියන් ගැන අනවශ්‍ය දේවල් කියන්න එපා (නි)
එතකොට පරිණාමවාදයට මොකද වෙන්නේ? (නි)
පොසිල හම්බ වුනා නම් තමා කෙලිය. නිජබිම් කිය කිය අර තමිල්නාඩු කාරයින්ගේ බේරිල්ලක් නැතිවෙයි.. (නදී)
අනේ සෑම්, ඔයා දැන්වත් ඕක ඔලුවට අරගෙන හිතා බලන්න කුමක්ද ඇත්ත කියලා? (නි)
අපොයි වෙලා තියෙන අපරාධයක්? (නි)
ලෝකය මැවූ දෙවියන් වහන්සේටවත් මතක නැතුව ඇති එය කළ දින වතවානු... (නි)
ඕස්ට්‍රේලියාවේ ස්වදේශික මිනිසුන්ගේ (ඇබෝරිජින්) සහ ලංකාවේ වැඩි ජනතාවගේ ජාන සමානයි. මධ්‍යම ඇමරිකාවේ බිහිවූ කුඩා එළුවෙක් වැනි සතෙක් සයිබීරියානු ප්‍රදේශ වලට සංක්‍රමණය වෙලා අද සිටින අශ්වයා දක්වා පරිණාමනය වෙලා තිබෙනවා. අතීතයේ ලෝකේ යම් යම් විධි වලින් මහාද්වීප අතර සම්බන්ධකම් තිබූ බවයි මින් පෙනෙන්නේ. (නි)
ඇමරිකානුවන් කියා වෙනම ජාතියක් නිශ්චිත නැහැ.වෙන රටවලින් සංක්‍රමණය වූ අය තමයි ගොඩක් ඉන්නේ.ස්වදේශිකයින් නම් ඇත්ත ඇමරිකානු ජාතිකයින් කියන්න පුලුවන්.වයිකින්වරුත් ඉස්සර ඇමරිකාවට පය ගහලා තියෙනවා. (නි)
දන්නේ නැද්ද ශ්‍රී ලාංකිකයන්ට , පකිස්තානුවන්ට ,ඇෆ්ගනියන්ට තියෙන්නේ එකම ජාන කියලා බටහිර වෛද්‍යවරු සොයාගෙන තිබෙන බව. (නි)
ඕකනේ කියන්නේ. ආසියාවෙන් ලැබුන ලේ වල ණය ගෙවන්න ඒ අය වියට්නාමයේ ලේ නෑයෝ කොච්චර නම් බිහිකරලා ගියාද? ඉතින් නරකද? (නි)
වටිනා ලිපියක්, ස්තුතියි (නි)
මම අහලා තිබෙන විදිහට දෙවියන් වහන්සේ ආදම්ව මැව්වේ ලෝකය මවපු කාලයේමයි. ලෝකය මැව්වේ කවදාද කියලා මම නම් දන්නේ නැහැ. නමුත් වසර 24000 කට වැඩිය පෘථිවියට වයස බව නම් දන්නවා. (නි)
එතකොට ආදම් නේද පලවෙනි මිනිසා කියන්නේ.ආදම් නම් ඉපදිලා තිබෙන්නේ වසර 7000 කට පෙරනේ .ඒ කියන්නේ දෙවියන් වහන්සේ මිනිසාව මවන ලදී කියන එක පුස්සක් වෙනවා කියන එකනේ .මේ ළමයාගේ වයස 24000 වසරකට කිට්ටුයිනේ .(ස)