අදින් වසර ලක්ෂ හතරකට පෙරාතුව මිහිමත ඇවිද ගිය මානවයකුගේ ඩී.එන්.ඒ. පරීක්ෂා කැර බැලීමේ දී පරිනාමය පළිබඳ තවත් ගැටළුවක් ඇතිවී තිබේයැයි ස්පාඤ්ඤයේ මානව විද්‍යාඥ ජුවන් ලුවිස් අර්ගුසා ඇතුළු කණ්ඩායම පවසයි.
ස්පාඤ්ඤයේ ඒටර්පූකා කන්දේ මීටර 12ක් ගැඹුරින් හමුවූ පොසිල එකතුවක තිබී මේ මානව අස්ථි හමුවි ඇත. එය මානවයකුගේ පාදයේ ඉහළ කොටසේ අස්ථියකි. මයිට්රොකොන්ඩියම විශ්ලේෂණ තාක්ෂණය භාවිතා කරමින් හා ජානමය ද්‍රව්‍ය උපයෝගී කැරගනිමින් අස්ථිය යළි ගොඩනැගීමට සමත්වූ විද්‍යාඥයන් එය ඩී.එන්.ඒ. පරීක්ෂාවකට බඳුන් කළේය.
ඒ අනුව පෙනීගියේ එය ලොව මෙතෙක් සොයාගත් පැරණිතම මානව අස්ථිය විය හැකි බවයි. මෙය පැරණි හොමොනින් මානවයාගේ හෝ බොහෝ දෙනකු විද්‍යාත්මකව හඳුන්වන හෙඩෙල්බෙර්ගෙන්සිස් ගේ විය හැකි බව පර්යේෂකයෝ කියති. කෙසේ වෙතත් ඩී.එන්.ඒ. පරීක්ෂාවේ දී පෙනී ගොස් ඇත්තේ පුරාණ හොමිනි මානවයා හා නියැන්ඩර්තාල් මානවයා අතර ජානමය බන්ධුතාවක් ඇති බවයි. මෙය මෙතෙක් මානව පරිනාමය පිලිබඳව තිබූ මතවාදයන් යළිත් අභියෝගයට ලක්කරන්නක් බවට පත්ව ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යාවේ දියුණුවත් සමග තවත් බොහෝ කරුණු සොයාගත හැකිවේවි (නි)
අවසානයේ කුමක් සිදුවේවිද මන්දා? (නි)
අපි නොදන්නා දේ ඉතිහාසය තුළ තව කොපමණ සැගවී ඇද්ද? (නි)
ඕකේ අවසානයක් දකින්න බෑ (ත)
බුදු හාමුදුරුවෝ දෙසු දහම සත්‍යයි.(නදී)
නැති දෙයක් උපකල්පනය කරගෙන පරීක්ෂණ කලොත් මෙහෙම තමයි වෙන්නේ.(නදී)
විද්‍යාවට දෙවියන්ගේ ප්‍රඥාව ඉක්මවා යා හැකිද? (නදී)
ලෝකයේ, විශ්වයේ සත්‍යය කුමක්ද? ගවේශකයින්ට කවදා නිවැරදි පිළිතුරක් දිය හැකිද? (නදී)
චන්ද්‍රසිරි, අවසානය දැනගන්නම ඕනනම් බයිබලයේ අවසාන පොත "හෙළිදරව්ව" කියවන්න.(නදී)