කියුබාවේ සිට ෆ්ලෝරිඩා දක්වා සැතපුම් 103ක් මුහුදු තීරය තරණය කරමින් නව වාර්තාවක් පිහිටුවීමට ඇමරිකා කාන්තාවක සමත් වුවාය. ඇය 64 හැවිරිදි ඩයනා නයඩ්ය. කියුබාවේ හෙමින්ග්වේ මරිනා වෙරළෙන් පිහිනීම ආරම්භ කළ ඇයට ෆ්ලෝරීඩාවේ කී වෙස්ට් වෙරළට ළගා වීමට පැය 53ක පමණ ගත විය.
මෝරුන්ගෙන් ආරක්ෂාවීම සඳහා ආරක්ෂිත කූඩුවක් නොපළඳාම, කියුබාවේ සිට ෆ්ලෝරිඩා දක්වා මෙම වෙළර තීරය තරණය කළ පළමු වැන්නා වීමේ වාර්තාව තැබීමට ඇය සමත් වූවාය.
මීට පෙරත් ඩයනා 2011, 2012 සහ 1978දී මෙම මුහුදු තීරය තරණය කිරීමට උත්සහ කර ඇතත් එම අවස්ථාවන් තුනම අසාර්ථක වී ඇත.
64 වියැති ආච්චි අම්මාගේ වාර්තාව ගැන ට්විටර් සමාජ ජාලයේ දෙස් විදෙස් සුභ පැතුම් පණ්විඩ විශාල සංඛ්‍යාවක් ලැබී තිබේ. මේ අතරින් ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා ‘කිසිදාක තම සිහිනයන් අත් නොහරින්න’ ලෙස පවසමින් ඇයට සුභ පැතුම් නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම රූපවති ලංකාවේ ඇයි මේ මිනිස්සු සුළු ගැඹුරු ජලයෙදීත් මරණයට පත් වෙන්නේ. මම නම් හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ට හිතේ ශක්තිය අඩුයි මෙච්චර සමුද්‍රයෙන් වට වෙච්ච රටක උනත් සුළු ගැඹුරකදී වුවත් ඔවුන් ජීවිතක්ෂයට පත් වෙනවා. .(නදී)
මේක පුදුම රටක්. දියට බැහැපු ගමන් මැරිල ගොඩ එන මේ රටේ මිනිස්සු, හැතැප්ම 103 ක් මෝරු ඉන්න මූදේ පැය 53 ක් පීනලා ලෝක වාර්තාවක් තියපු ශක්තිමත් නීරෝගී කාන්තාවට කට පුරා 'ආච්චි' කියන්න තියෙන කෑදරකම දැක්කහම, අපේ උන්දැලා ගැන දුක හිතෙනවා. (ස)
අනේ ආච්චියෙ, මුහුදු 07ක් පිහිනුවත් ලංකාවේ තංගල්ල මුහුදේ පිහිනන්න නම් එන්න එපා. එහෙ ඉන්නවා මුහුදු සිංහයෙක්. මෝරන්ට වඩා දරුණුයි (නි)
අපේ එක්කෙනෙකුත් පළවැනියා වෙලා තිබෙනවා, තවම නිල වශයෙන් ආච්චි කෙනෙක් නොවුණත්. එයා වතුර යටින් ගිනි ගෙනිහිල්ලා වාර්තා තියලා තිබෙනවා. (නි)
කැත කතා නොකියා එතරම් වයසකදිත් ඒ කාන්තාව කළ වික්‍රමාන්විත ක්‍රියාව අගය කරන්න.අපේ රටේ සමහර මිනිස්සු තමන්ට කළ නොහැකි දෙයක් වෙන කෙනෙක් කළොත් එයට ප්‍රතිචාර දක්වන්නේ ඔය විදියට තමා. (නි)
සජිත් මල්ලි, ඒක නොවේ මම හිතන්නේ ? අපේ ලංකාවේ බොහෝ ඉස්ථාන දිය නෑමට නුසුදුසු ස්ථාන, මේවා ජනතාවට නොතේරෙනවා සේම වගකිව යුත්තෝ ජනතාවට දැනුම් නොදීම ..? අනික තරුණ ළමයි කවදාවත් වැවකට ඔයකට ,පිහිනුම් තටාකයකට බැහැල නැති ,නුපුරුදු අය තරුණ උන්මාදයෙන් මත්වෙලා ,යහළුවොත් සමග, විනෝද වෙන්න යනවා හරියට තේරුමක් නැතිව ,ඒ කෙන් දෙමාපියෝ වියෝ දුකින් හුල්ලනවා ..? අපි කුඩා කල වැව් වල පීනලා පීනලා ලබපු පන්නරය අද අපිට අපේ ජීවිත ආරක්ෂා කරගන්නා වගේම, හදිසියකට කෙනෙක් උවදුරකින් බෙර ගන්න දක්ෂ හැකියාවක්,වගේ මිරිදියේහි කරදියෙහි පිහිනීමේ දක්ෂ හැකියාවක් අපි ලබල තියනවා ...?අපේ රටේ ළමයිට අද පොත පතෙහි දැනුමට වැඩි යමක් ජීවිතේට එක් කරගන්න ඔවුන්ට කාලයක් නැහැ, අධ්යායාපනයෙන් , සමුගන්නේ ..සමාජ අධයයනය පරිසර දැනුම බිදුවට බැහැපු පළපුරුද්දක් නොමැති දරුවෝ. ඒ නිසා අපිට හැමදාම දුක් බර නිව්ස් අහන්න ලැබේවි ජීවිතේ පුරාවටම.(නදී)
රට වටේම මුහුද තිබුණත් අපේ රටේ 95% කට පීනන්න බැහැ. ඒ ගැන අපි ලැජ්ජා විය යුතුයි. ඔබ හරිම දිරිය කාන්තාවක් .... (නි)
අගය කලයුතු දෙයක් කුමන රටක කෙනෙක් උනත්, වයසට ගියත් දහිරියමත් කාන්තාවක්. හොද පිහිනුම් සුරියක් දෙවිපිහිටයි ඔබට.(නදී)
ආච්චිගේ නංගි කොහොමද දන්නේ නෑ. එයත් හොඳ ඇති.(නදී)
මේකේ කියල තියෙනවද මේ ආච්චි එක දිගටම පිනුව කියල මෙයා බෝට්ටු වලත් ගිය කියල මේක දැකපු මගේ යාලුවෙක් කිව්වා(දී)
මේකේ කියල තියෙනවද මේ ආච්ච එක දිකටම පිනුවා කියා. මෙයා බෝට්ටු වලත් ගියා කියලා මේක දැකපු මගේ යාලුවෙක් කිව්වා.(නදී)
කිසිදාක තම උත්සාහය අත් නොහරින්න.මගෙනුත් සුබ පැතුම්. (දී)
සරසි නැන්දේ ...ඇත්තටම එයා අපිට වඩා වයසින් වැඩි උනත්, එයා දීල තියෙන්නේ... අපි වගේ හිස් මිනිසුන්ට ගොඩාක් ...වැදගත් තරුණ පාඩමක්... සහ ආදර්ශයක්.(නදී)
මෙයින් ආච්චිට වෙන යහපතක් තියෙනවද? (දී)
රුපවති මෙයාට අත්තම්ම කියන්න එපා, නංගි කියන්න (දී)
අද්විතීය වාර්තාවක්, මුහුදේ සැතැපුම් 103,ජිවිත ආරක්ෂක කූඩුව නැතිව, පැය 53, වයස 64, පුදුම විය යුතුය, ඇයගේ උත්සහවන්ත දෛරවන්ත ක්‍රියාවලිය ශ්‍රේෂ්ටය (දී)
සත්තකින්ම අගේ කල යුතුයි ආච්චි අම්මාගේ කි‍්‍රයාව (දී)
එල් ,සිල්වා ..? බුද්දිමත් දැසකින් ලෝකය දෙස බලන්න , අප රටේ තරුණයෙක් තම තාරුණ්‍ය ,කැලැ මාරු ගාලක පටලවන්,තම ආත්මය නින්දා අපහාසයන්ට විහින් ලගාවන ,මකුළුදැල් පිරුණු ජීවිත, එක වතාවක් දිය ඇල්ලකට බැස්සොත් මළමිනිය හොයාගන්න වෙහෙසෙන රටක ජීවත්වෙන ඔයාට, මේ අත්තම්ම කියාදුන් පණිවිඩය නම්...?උත්සාහය ඇත්නම්...වයස නෙමේ ප්රශ්නය ...? තම අදිෂ්ඨනයන් කරා ,උත්සාහය නමැති දෙපා ගමන් කර වීමයි......!!!!ඇයට මගේ සුබ පැතුම් ...!!!! (දී)
අපේ සීයා මේක දැකලා අපෙන් ඇහුවා ' හැටත් වයසක්ද නංගී කියලා ' මම අහන්නේ බොරුවටද කියලා.. (ස)
මෝඩ කතා කියන්න එපා.(නදී)
"මේකිට නාකි විසේ ඔබාමට ගෙටත් උසේ".(නදී)