ඇතිවී ඇති වෙනස්කම් මගින් ඇමරිකාවේ වැසියන්ට යහපත් අනාගතයක් උදාවනු ඇතැයි ජනපති ධූරයේ සිටිමින් අවසන් වරට ජාතිය ඇමැතූ බැරක් ඔබාමා මහතා ප්‍රකාශ කළේය.
තමන්ට සහයෝගය පළ කළ සියලු දෙනාට ස්තූතිය පළ කරන බවද ඔබාමා මහතා අවසන් කථාවේදී සඳහන් කළේය. හැඬුම්බරව සංවේදීව ඇමරිකා ජනපතිවරයා සිදුකළ සමුගැනීමේ කථාව ලොව පුරා බොහෝ පිරිසකට ද සංවේදී අවස්ථාවක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
‘ඔව් අපිට පුළුවන්‘ යැයි ඔබාමා අවසාන වශයෙන් කීවේය. ‘ඔව් අපි කළා‘ යැයි රැස්ව සිටි පිරිස හඬ නැගූහ. ඔබාමා ජනපති පදවියේ සිට කළ අවසන් කථාව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එලෙසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම්, එහෙම ගිය නායකයට පින් සිද්ද වෙන්න තමයි තමුනුත් මමත් අනිත් අයත් අද බයක් සැකක නැතුව පාරේ බැහැලා යන්නේ. (හේ)
කොහොම වුනත් ඇමෙරිකානු ඉතිහාසයේ හිටපු හොඳ ජනාධිපතිවරුන්ගෙන් කෙනෙක් ඔබාමා. (බ)
ඔහු නියම මහත්මයෙක් (නි)
මෙයාලා විඳි සැප මතක්වෙනකොට දුකට ඇඬෙනවා. (නි)
ඔබාමා පමණක් නොව දැන් බලයට පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් පිළිබද දරන්නේ එකම විදේශ ප්‍රතිපතියක්. යථා කාලයේ බොහොම පැහැදිලිව කාට කාටත් බලාගන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත හැටියට නිකී හෙළී පත්කිරීමෙන්ම එය මනාව පැහැදිලි වෙනවා (නි)
ඔබාමා ගැන තක්සේරුවක් කරන්න ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු 43 කුගේ කාර්ය සාඵල්‍යතාවය ගැන තොරතුරු හොයලා බලන්න වෙනවා. (නි)
හේවා, ඔබාමා විතරක් නොවෙයි, හිලරි වගේ අයත් බිහිනොවේවා කියා ප්‍රාර්ථනා කරමි (නි)
සුසිල්, එහෙනම් කොහොමද ට්‍රම්ප් දිනන්නේ. එ්කත් කියන්නකෝ. (නි)
සුනිල්, කියන්නකෝ එයා ගැන විස්තර ටිකක් අපටත් දැනගන්න. කොහොමද එයා විශිෂ්ටතම නායකයෙක් වුණේ කියලා. (නි)
ඔබාමා අමෙරිකාවෙන් බිහිවූ විශිෂ්ටතම නායකයෙක්. (අ)
ඔබාමා වැනි අය නැවත බිහිනොවේවි (නි)
දමිළ ජාතිකයන් සනසන්න ලංකාවට කරපු දේවල් ඔබාමා සහ ඔහුගේ සහයෙන් පැරදුන හිලරි ගැන දන්නා සිංහල ලාංකිකයකු මොහු ගැන උදම් අනන්නේ නැහැ. එහෙම කරන්නේ නොදන්නා අය. ලංකාව පමණක් නොව මොහුගේ බලය කාලයේ කොපමණ රටවල් මොහු අස්ථාවර කර සිටි නායකයන් මරා හෝ රජයන් වෙනස කළාද දන්නේ සුළුතර කොටසක් (නි)
කාට වුණත් තමාගේ බලය නැතිවන විට, විඳපු සැප සම්පත් නැතිවන විට දුකක් සිතෙනවා කඳුළු එනවා. (නි)
එයාගේ අනුමැතියෙන් මරපු අහිංසක මිනිස්සු ගැන මතක්වෙලා වෙන්නැති අඩන්නේ. (අ)
මෙහි තිබෙන පාඨක අදහස් කියවනකොට හරිම කණගාටු හිතෙනවා. ඇමරිකන් ජනාධිපතිවරුන් ගැන හොඳ අධ්‍යයනයක් නැහැ (නි)
ඔබාමා ඇමෙරිකාවේ පහළ වූ හොඳම නායකයෙක්. ඔහුගේ අගය දැන් බලයට පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩ පටන් ගත්තහම තවත් කැපිලා පෙනේවි
ලංකාවේ ඉන්න සමහර අයට උතුම් මිනිසෙකුගේ වටිනාකමක් වැටහෙන්නේ කොහොමද? (හේ)
බලය දාල යනකොට තියන දුක...!!! අන්න ආර්යාව එනවලු 2020 දී..!! (අ) 9
ඇමෙරිකාවේ සිටින අය තමයි දන්නෙ ඔබාමා හොඳද නැද්ද කියන එක. අද වනවිටත් 57% ක් ඇමෙරිකානුවෝ ඔබාමාව අනුමත කරනවා හොඳ ජනාධිපති කෙනෙක් හැටියට (නි)
මෙතුමාගේ දේශපාලනය ගැන මටත් ප්‍රශ්න තියනවා. නමුත් මෙයා සංවේදී මනුෂ්‍යයෙක්. මීට කලිනුත් වතාවක් ප්‍රශ්නෙකදී මෙතුමා සංවේදී වුණා (නි)
ඔබාමා කියන්නේ ආදර්ශවත් නායකයෙක් (නි)
කොහොම වුණත් ඔබාමා හොඳ නායකයෙක් (නි)
මම දුටුව දුර්වලම පාලකයින්ගෙන් කෙනෙක්. (නි)
බලයෙන් යෑමට සිදුවීමත්, තිබු වරප්‍රසාද නොමැතිවීමත් නිසා ඇතිවූ දුකට වෙන්න පුලුවන් (නි)
කොට්ට පැදුරුත් අරන් උදෙන්ම පැනලාගිය නායකයෝ ඉන්න අපේ රටේ ඔබාමා නියම නායකයෙක් (නි)
මෙයාල ලංකාවට දුන්න ඩබල් ගේම් වලට හරිනම් අවසන් කතාවේදී සිහි විකල් ව ඇදගෙන වැටෙන්න ඕනේ ඉන්න තැනම. (අ)