පසුගිය පස් වැනි දා මුම්බායි නුවර සිට ඩුබායි වෙත පැමිණි මම වැනීසිය වෙත පිටත්වන ඊළඟ ගුවන් යානයේ වෙලාව එන තෙක් ඩුබායි ගුවන් තොටුපළේ රැදී සිටියෙමි. අලුයම හතරේ සිට ගුවන් ගමනේ යෙදීමෙන් ඇති වූ නිදිමතත් තෙහෙට්ටුවත් මඟ හැරිම සඳහා ළඟම තිබු වැසිකිළිය වෙත ගියේ මුහුණකට සෝදා ගැනීමටය. ඒත් සමග ජංගම දුරකථනය නාද වන්නට විය. මුදල් පසුම්බිය ඇතුළු වටිනා ලියකියවිලි තිබු කුඩා බෑගයෙන් ජංගම දුරකථනය එළියට ගත් මා ඇමතුමට පිළිතුරු දී අවශ්‍ය කාරණය ඉටුකර ගත්තෙමි.
නැවතත් වැනීසිය බලා පිටත්වන ගුවන් යානයට මගින් ඇතුළු කරගන්නා කවුළුව ආසන්නයට පැමිණි මා එහි තිබු පුටුවක හාන්සි වුයේ ගුවන් ගමනට තවත් පැය දෙකකට ආසන්න කාලයක් තිබු බැවිනි. නොදැනුවත්ම නිනද ගියේය. විනාඩි හතළිහකට පසු අවදි වූ මා අන්ද මන්ද වුයේ මුදල් පසුම්බියත් ජංගම දුරකථනයත් ගමන් බලපත්‍රයත් ඉතාලියේ ස්ථිර රැදී සිටීමේ බලපත්‍රයත් ඇතුළු ලියකියවිලි නොමැති කුඩා බැගය මා අසල නොමැති නිසා වෙනි. සිදු වූ අතපසුවිම මතක් වුවත් බෑගයේ ආසාව මා අත්හැර ගත්තෙමි. නැවතත් වැසිකිළිය වෙත ගිය මා බෑගය සෙව්වත් එය එහි නොතිබුණි. වැසිකිළිය හා ඒ අවට පිරිසුදු කරමින් සිටි තරුණයකුගෙන් මා නැති වූ කුඩා බැගය ගැන විමසුවෙමි.
එන්න මා සමඟ ගතවුයේ විනාඩි දෙකකි. ගිනි කන්දක් ලෙසින් ගිනියම් වූ මා ගත ඔහු සිසිල් කළේය. අසු දහසක් වටිනා ජංගම දුරකථනයත් ඉතාලියේ ස්ථිර රැදී සිටීමේ බලපත්‍රයත් ගුවන් ගමන් බලපත්‍රයත් මුදලින් යුරෝ 300ක් ඇතුළු බැංකු කාඩ් පතද එලෙසින්ම කුඩා බෑගයේ විය. මුහුණ සෝදා ගැනීමට වැසිකිළිය වෙත ගිය මා එය අවසන් වනවාත් සමග විදේශිකයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමත් සමග මා එම ස්ථානයෙන් විගස පිට වුයේ මා සතු වටිනා සියලු දේ එහි තිබියදී ලාකෙෂ් කුට්ටි නම් අවංක ඉන්දියානුවා සදා කල් මා මතකයේ රැදෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සමාජයේ මේ වගේ මිනිස්සු හොයාගන්න හරිම අමාරුයි.ලොකු උදව්වක් මේ මනුස්සයට කළගුණ සළකනවා නම්. (නි)
ඔබගේ සද්ක්‍රියාව අගයමු. ඔබට ජය. (නි)
මිනිස්කමට ජාතියක් නොමැත (නි)
හැම ශ්‍රී ලාංකිකයෙක්ම නරක නැත, හැම ඉන්දියානුවෙක්ම හොඳත් නැත (නි)
ඔව් බොහොම සන්තෝෂයි. ඔහුට තෑග්ගක් දුන්නේ නැද්ද? (නි)
ඇත්තටම මේ වගේ මිනිස්සුන්ව අනිවාර්යෙන් අගය කළ යුතුයි.අද සමාජයේ මේ වගේ අය ගොඩක් අඩුයි. ඒ වගේම සුපුන්ගේ අදහසට මමත් එකඟයි. (අ)
ඇත්තට හොද මනුස්සයෙක්, මමත් පෙර දිනක ඔය වගේ දෙයක් කළා මතකයි මම එදා ඒ පර්ස් එක නුදුන්නානම් ඔහුගේ විවාහයත් කල් දමන්න වෙනවා මොකද ඔහුගේ හැදුනුම් පතත් බැංකු කාඩ් සියල්ලක්ම තිබුනේ එම පර්ස් එකෙයි ඔහුගේ නමින් කඩවල් වලින් අහගෙන තමයි එය ඔහුට භාර දුන්නේ (බ)
සුපුන්ගේ අදහස මමත් අනුමත කරනවා. පැසසියයුත්තන් පැසසීම වැදගත් (නි)
අවංක සේවකයෙක්.ඔහුට කිසියම් කළගුණ සැලකීමක් කරන්නට වෙනවා.ඩුබායි වල නීතිරීතිත් තද නිසා කිසිකෙනෙක් අන්සතු වස්තුන් ගැනීමට බිය වෙනවා.ඩුබායි වලට ගියාම එන්න හිතෙන්නේ නැති තරම්.සුන්දර මිනිසුන් වසන සුන්දර රටක්.(බ)
ඉංදියානු සේවකයාගේ එම ක්‍රියාව අගයකොට ගුවන්තොටුපල බලදාරීන් දැනුවත් කර ඔහුට ප්‍රතිඋපකාරයක් ලෙස ඔහුගේ සේවා තත්ත්වය උසස් කිරීමේ හැකිනම් ?...!(ම)
ඇත්තටම ඔහු හොඳ කෙනෙක්. ඊටත් වඩා මේක මේ රටේ හැටි. මොකද මේ රටේ නීතිය තදයි. හැමතැනම කැමරා තියෙනවා. ඉතින් කව්රුත් වැරැද්දක් කරන්න බයයි. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් වෙලා. ඉතින් අනුන්ගේ දෙයක් ගන්න හිතෙන්නේ නේ.. ලෝකේ තියෙන හොදම රටක් ඩුබායි (බ)
කට්ටිය මොකද කියන්නේ? එහෙනම් සීපා ගිවිසුම ගහමුද? (නි)
අගය කලයුතු පුද්ගලයෙක්. ඉන්දියාවෙදි දුම්රියකින් බහිනකොට මුදල් පසුම්බිය වැටුණා. තත්පර කීපයයි ගියේ ඒක අතුරුදහන් වෙන්න. මේ ඉන්දියානුුවා අගය කළ යුතුයි. (ම)
අපිත් පුරුදු වෙමු !!! (බ)
සුපුන් ගේ යෝජනාවට මමත් කැමති.ඔබ කියන ඊමේල් බටහිර ජාතින් විසින් නිතර එවනවා පාලනාධිකාරියට.ලංකාවේ හෝටල් වල වැඩ කරන අය දන්නවා ඇති. ඇතැම් හෝටල් සේවකයෝ සුද්දෝ විදියට පාලනාධිකාරියට තමන් ගැන හොඳ කියල ඉ මේල් අරිනවා.දැන් පාලනාධිකාරිය සුද්දන්ගේ ඊමේල් ගනන්ගන්නෙත් නෑ ඒ නිසා. (බ)
මෙහෙම අය දැන් හරි අඩුයි (නි)
හරිම අවංක කෙනෙක් (නි)
රමාදී නම් විදේශ රටක නගරයකදී, එහි සාප්පුවක සේවය කළ ලංකාවේ කෙනෙකුගේ මුදල් පසුම්බියක් මට හමු වූ අතර අදාළ පුද්ගලයාට එය නැවත බාර දුන්නෙමි. එහි ඔහුගේ වැදගත් ලියකියවිලි සහ ඇමෙරිකන් ඩොලර් 5000 කට අධික මුදලක් තිබිණි. ඔහු කළුතර ප්‍රදේශයේ වාසය කරන බව දැනගත්තෙමි. එම සිදුවීම මතකයට නැඟෙන සෑම වරකදීම මගේ හිතට සතුටක් ඇතිවෙනවා... (නි)
සුපුන්ගේ අදහස හොඳයි. අවංක පුද්ගලයෙක් (නි)
මෙවැනි දේවල් පුවත්පත් වල පළකිරීම ඉතා වටිනවා. (නි)
ඇත්ටටම කතාව අදහාගන්නටත් අමාරුයි.මොන ජාතිකයෙක් වුණත් ඔහු නියම මනුස්සයෙක්. අපි ඔහුට සුබ පතමු! (නි)
හෙඳ මනුස්සයෙක්. (ම)
ඔහු වෙනුවෙන් සුපුන් කළ යෝජනාව අගය කරමි. මෙම ලිපිය ඉන්දියානු පුවත්පතක පළකළ හැකි නම් තවත් වටී. (නි)
මනුස්සකම අද දුර්ලභය (නි)
හොඳ මහත්මයෙක් (නි)
ඔහුගේ නමත් සිදුවුණ සිද්ධියත් විස්තර කර පාලනාධිකාරියට ඊ- මේල් එකක් යවන්න. එවැනි දෙයක් කළොත් පාලනාධිකාරිය එම අවංක සේවකයා ගැන පැහැදීමක් ඇතිකර ගනීවි.ඔහුගේ ඉදිරි උසස්වීම් වලදී මෙන්ම රැකියා කප්පාදුවකදී ඉන් ගැළවීමටත් ඔබේ ඊ-මේල් එක අවංක ඉන්දියානුවට වැදගත් වෙයි. (නි)
මේ වගේ හොඳ දේවල් වලට අදහස් දාන්න කට්ටිය හරිම අඩුයි (නි)
අවංක කමට ආයුෂ වැඩිවේ.(හේ)
අරාබි රටකදි කවුරු හරි සතයක් හරි හොරෙන් අරගත්තොත් ජාතිය වර්ගය නොබලා දෙන්නේ අත කපනවා වගේ උපරිම දඬුවම්. ඒ හින්දා හොරකම් කොහොමත් අඩුයි. (හේ)