බි්රතාන්ය රජ පවුලට එක් වුණු අලූත් පුත් කුමරු ද රැගෙන කේට් කුමරිය සහ විලියම් කුමරු පෙරේදා (23) ලන්ඩන් නුවර පෙඩින්ටන්හි ශාන්ත මේරී රෝහලෙන් පිටව ගියහ.
රෝහලෙන් පිටවීමට පෙර, අලූත් කුමරු ද සමඟ රෝහල ඉදිරිපිට රැස්ව සිටි දහස් ගණනක් බි්රතාන්ය වැසියන් සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ සුහදව කතාබහ කිරීමට ද විලියම් කේට් යුවළ අමතක නොකළහ.
අලූත් කුමරුගේ ඡුායාරූප ගැනීමට කැමරා ශිල්පීන් පොරකන්න වූ බව ද බි්රතාන්ය පුවත් සේවා වාර්තා කළේය.
‘බාබා අම්මා වගේ. හරිම සද්දයි. කෑ ගහලා අඬන්න හපනා’ යැයි විලියම් කුමරු මාධ්‍යවේදීන්ට කීවේය. ‘බබාට තවම නමක් දැම්මේ නැහැ. ඒක ඉදිරි දිනවලදී සිදුවේවි. ඒ කටයුතු සිදුවෙමින් පවතිනවා’ යැයි ද විලියම් කුමරු මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.
පුංචි පුත් කුමරුන් ද සමඟ විලියම් සහ කේට් යුවළ ගියේ ඔවුන් ජීවත් වන කෙන්සින්ටන් මාලිගයටය.
කේට් කුමරිය සහ පුංචි පුතු රෝහලේ සිට රැගෙන ගියේ ද විලියම් කුමරුන්ය. ඔවුන්ගේ මෝටර් රථයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද ලැබුණි.
රෝහල ඉදිරිපිට පමණක් නොව, ඔවුන් ගමන් කළ මඟ දෙපස ද දහස් ගණනින් බි්රතාන්ය වැසියන් රැස්ව සිටි අතර ඔවුහු පී‍්‍රතිඝෝෂා කරන්න වූහ.
කේට් කුමරියගේ සොහොයුරිය පිපා මිඞ්ල්ටන් පුංචි පුත් කුමරුන් පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් මාලිගයේ කටයුතු සූදානම් කරමින් සිටි බව ද වාර්තා විය.
විලියම් කුමරු සහ කේට් කුමරිය රෝහලෙන් පිටවීමට පෙර විලියම් කුමරුන්ගේ පියා චාල්ස් කුමරු, කුඩම්මා පැමලා පාකර්
ආදිපාදවරිය මෙන්ම, කේට් කුමරිගේ මවුපියන් වන කැරොල් සහ මයිකල් මිඞ්ල්ටන් ද රෝහලට පැමිණ සිටියහ.
|
|
|
|
කේට් කුමරිය අලූත උපන් පුත් කුමරු රැගෙන රෝහලෙන් පිටවී යමින්., මෝටර් රථය පදවාගෙන යනු ලැබුවේ විලියම් කුමරු විසිනි... |
|
අලූත් පුත් කුමරුද සමඟ විලියම්-කේට් යුවළ මාධ්‍යවේදීන් ඉදිරියේ පෙනී සිටි අයුරු. |
අලූත් රජ කුමරු රෝහලෙන් පිටවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේ වෙනුවෙන් අදහස් පලකරන එකත් නිෂ්ඵලයි. නමුත්,අපේ රටේ අන්ත අසරණ අම්මා කෙනෙකුට උපදින දරුපැටියෙක් පත්වන තත්වය ගැන කිසිම හැගීමක් නැති සුද්දාගෙන් පැවත එන්නන් අපේ රට මංකොල්ල කාපු පරම්පරාවේ මේ එක දරුවෙක් ගැන පලකරන අදහස් දැක්කාම දුක හිතෙනවා. (නි)
අළුත් කුමරුට සුභ පැතුම්! (නි)
උපාලි අයියේ,ඔබයි නියම උපාධිකාරයා. ඔබ ලියු ඔවදන් ටිකට හිසනමා ඔබට ආචාර කරමි. මුදල් හොයාගෙන පිටරට ගිහින්, අනුන් යටතේ උපාදිය තියා මොන විශ්ව විද්‍යාල සහතිකේ තිබුනත් අපි රජයේ සේවය කරන්නෙත් මෙහෙ,රටේ ඔවුන්ගේ නීති රීති වලට යටත්ව. අපිට වැඩිය ජාතික මෙහෙයක් අපේ රටට කරන්නේ, මැද පෙරදිග ගිහින් දහදිය කදුලු වගුරන අපේ දිරිය ශ්‍රී ලංකික කාන්තාවෝ.උඩ බලන් කෙළගහනවා , කාටවත් යටත්වෙන්න එපාලු. ඔලුව නමන්න එපාලු. අපේ රටේ ඉදන් පිටරටවලට ගිහින් අනුන්ගේ සල්ලි වලින් පොහොසත් වුන, අධිමානසිකත්වයෙන් සමාජය දිහා බලන ඇතැමුන්ට ඔය උඩගුකම පිහිටනවා.අපි නිතරම යටහත් පහත බව අගයනවා වගේම, වැදිය යුත්තට වදිනවා , ගරුසරුවෙන් ජීවත් වෙනවා, ඒ වගේම අපිටත් මිනිසුන් උස් පහත් බේදයක් නොමැතිව ගරුකරනවා . (නි)
තමන් අකමැති නම් නිකම් ඉන්න එකනේ ඇත්තේ, සුභ නොපතා (අ)
මොකද රූපවති "දෙවිපිහිටයි" කියන්නේ බුදු සරනයි නොකියා.ඔතන තමයි රහස.අන්තිමට බළලා මල්ලෙන් එලියට පැන්නා නේද ? "මුලින් ආව කනට වඩා පස්සේ ආව අග ලොකුවෙනවා" කියලා කියමනක් තියනවනේ.අහලා තියනවද ? බුදු සරනයි! (නි)
සුභ පැතුම්! (නි)
දිනේෂ්... කොහොමත් උපාදියක් ගත්ත පලියට ඔයා සියල්ලන්ගේම ආත්මයට නින්දා අපහස කරන්න එපා , මැද පෙරදිග සේවය කරන අපේ අසරණ කාන්තාවන්ට නිගා වෙන්න කවදාවත් අපි මෙහි විහිළුවක් වත් නොලියන අතර ,, ඔයා වගේ මමත් ගොඩක් දුක් විදලා, එක සුදුගවුම පාසල් ඇදල, කුප්පි ලාම්පුවේ තෙල් නැතිව හද එළියේ පාඩම් කරලා , විභාග පාස්වෙලා, බ්‍රිටිෂ් රජයේ අධ්‍යපනයෙන් විභාග පාස්වෙලා , අද මම පරසුද්දන්ගේ බැලමෙහෙවර කරනව නම්..! ඔබත් කරන්නේ ශ්‍රිලංකාවේ අධ්‍යාපනය ලබල පරදේශක්කාරයින්ගේ බැලමෙහෙවර කිරීමකි ...? උඩ බලාගෙන කෙල ගසන්නත් පෙර දෙපාරක් සිතාබලන්න....? ඔබට දෙවිපිහිටයි ..? (අ)
සමාව දීම, සුහදසීලි වීම, සිනා මුසු මුහුණ, ආගන්තුක සත්කාරය අපේ උතුම් සිරිත් සැමටම එකයි ඒ ගුණය. එංගලන්තය ඇමෙරිකාව කැනඩාව ප්රංසය වැනි රටවල් තාම අපේ මෘදු ප්‍රතිපත්ති හදුනාගෙන නැතිවාක් මෙන්ම අපිට එරෙහි වැඩ තාම නවතා ද නැත. කනගාටුව ඒ නිසයි (නි)
බුදුසරණයි පුතේ. දීර්ඝායුෂ! (නි)
උපාලි, අපි වැඩකරන විදිහ,හැසිරෙන විදිහ නිසා ලංකාවේ මිනිස්සු ගැන වැඩකරන තැන හොද නමක් තිබෙනවා.එහෙමයි අපි රටට සේවය කරන්නේ.ගොඩක් සුද්දෝ අපේ හොද යහළුවෝ.මම සුද්දන්ට තරහ නැහැ.මම කියන්නේ වදින්න එපා කියල විතරමයි.ඔවුනුත් ඔබලාට දෙවිවරු,රජවරු ලෙස පෙනුනට අපිට වඩා කිසිම වෙනසක් නැහැ කියලා දන්නා නිසා ඔවුන් ඉදිරියේ නිවටයන් ලෙස හැසිරෙන්න එපා කියනවා විතරමයි.එහෙම උනාම අපිත් නිවටයන් ලෙස පිටරැටියන් හිතනවා."නිවට ඇම්බට්ටයට එළුවාත් නිකට පානවා" කියල අහලා තියනවද.ඔබට තේරෙන්නේ නැත්නම් මෙම විවිධ අයගේ අදහස් තව කිහිපදෙනෙකුට පෙන්නලා අහන්න ඔබ කවුද කියලා. (නි)
තුවාලෙටම වැදුනම හරියට රිදිලා රුපවති අක්කට නේද ? (නි)
මමත් ලෑස්ති වුණේ සුභ පතන්න කියල. මේ ප්‍රතිචාර කියවපුවහම ඕනේ නැහැ කියල හිතුනා.(අ)
මේ දරුවට සුබපැතුවහම සිංහලයෝ වහල්ලු බවට, අධිරාජ්‍යවාදී ගැත්තන් බවට, පිට රටට දත නියවන්නන් බවට පත්වෙනවා කියලද දිනේෂ් ලා හිතන බව පේනවා. ඒක සුද්දන්ට වන්දනා කිරීමක් හැටියටද ඔබ දකින්නේ? ඒ තරම්ම ඔබ අන්තවාදී නම් මං අහන්න කැමතියි ඔය පිටරට ඉන්න කට්ටිය ඒ රටවලදී සිංහලෙන්ද කතා කරන්නේ, සිංහලෙන්ද රස්සාවල් කරන්නේ, රෙද්ද බනියමද අඳින්නේ? සුද්දගේ භාෂාවත් ඇඳුමත් අපි පිළිකුල් කරමු නේද, අන්තවාදය යටතේ? ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබල, රටට පිටුපාල සුද්දන්ගේ රටවලට වරප්‍රසාද උදෙසා ගිය ඔබ, රජ පවුලේ දරුවෙකුට සුබපතුවාම අපට කියනවා සුද්දන්ට වඳිනවා කියල. මහත්වරුනි, සිංහලකම රැඳිල තියෙන්නේ ඉස්සර හිටපු සුද්දෝ අපිව සුරා කාව කියල දැන් ඉන්න සුද්දන්ව පිළිකුල් කිරීම මත නෙමෙයි. ඔබ වගේ මුවහමට තඩි බෑමෙන් "ජාතික වීරයන්" වෙන්න බැහැ. සිංහල රට දැය බස රැකගන්න අපි කරන කියන දේ මතයි සිංහලකම රැඳෙන්නේ. . (ස)
ලුම්බිණි, "කල් තැබුමුත් බලු වලිගය උණ පුරුකේ, ස්වල්පයකුත් ඇද යන්නේ නැත ඒකේ" කියනවනේ. ඔහොමම වැද වැද ඉන්න. ඔයාලට කාට හරි වැන්දේ නැත්නම් නින්ද යන්නේ නෑ. පස්වාන් දහසකට බුදුවෙන්න විලියොන් දේවයන් වහන්ස, කේට් දේවියනි කුමාරයට සුභ පතන්නට අපට අවසර දී සමාවුව මැනවි කියලා වැදලා පැදුරු කඩමාල්ල එලලා හොදට බුදියාගන්න. එතකොට හොදට නින්ද යාවී.(නදී)
හේතුව මහත්තයා ඔයාගේ කියමන නම් 100% හරි.(නදී)
මෙතන අන්‍ය ආගමිකයන් බ්‍රිතාන්‍ය රට පවුල වන්දනා කරලා තියනවා. එකට අපේ තරහක් නැහැ. නමුත් තමුන්ගේ ආගම ඔවුන්ගෙන් ලැබුන කියල ඔවුන් තමුන්ගේත් රජු විදිහට සැලකීම බුද්දිමත් නැහැ. ඔබේ ආගම ඔවුන්ගෙන් ලැබුනත් ඔබත් ශ්‍රී ලාංකිකයින්. ඔබේ ශ්‍රී ලංකික මුතුන් මිත්ටන්ට ඔවුන් සැහෙන්න හිරිහැර කල බවත් මතක තිය ගන්න.(නදී)
දිනේෂ්, තමන් කැමති නම් අලුත් උපන් ඒ ළමයට සුබ පතන එකයි ඇත්තේ. තමන් අකමැති නම් නිකම් ඉන්න පුළුවන්. (නි)
චන්දි, මෙයා විතරද දරුපැටිය ? දිනපතා ඉපදෙන අහිංසක දරු පැටවූ කොපමණද ? අඩුම ගන්නේ ඔහෙලගෙ ගෙවල් ලග ඉපදුන දරුවන් කී දෙනෙකුට ඔයාල සුබපතල තිබෙනවද ? මම මැද පෙරදිග දහදිය කදුළු හෙලන මගේ රටේ අහිංසක අම්මලට ,අක්කලට,නංගිලට ආදරෙයි. ඔය දහදිය කදුළු නිසා අපේ රට අද ආර්ථික ලෙස යහපත් තැනක තිබෙන්නේ. මම රුපවතිට උත්තර දුන්නේ එයා කියපු " උනබට වල එල්ලිලා පොල්කටු හැන්දෙන් හබල් ගාගෙන හොරෙන් ඕස්ට්‍රේලියා ගියාට " කතාවට. මම තවමත් කියන්න හදන්නේ මොන රැකියාව කලත් කිසිම වෙනත් ජාතියකට,හමේ පාටකට අපි වන්දනා කරන්නට හෝ ඉහලට ඔසවා තබන්නට නොව ජාතියක් රටක් ලෙස අපි අනුන්ගෙන් ගරු සැලකිලි ලබන්නට සුදුසු බවය. කාගෙවත් රජෙක් අපේ රජෙක් නොවන බවය. අපේ රජෙකුට ලැබෙන දරුවෙකුට ඔය කිසිම රටක අය ගරු නොකරන බවය. එහෙම නම් අපි සුදු වන්දනාව නැවත්විය යුතු බවය. මැද පෙරදිගදී අපේ සේවිකාවන්ට අරාබි ජාතිකයන් නිතර හිරිහැර කරනුයේද අපේ ඇගේම ඇති අනවශ්‍ය යටහත් පහත බව නිසා බව 1996 සිට 2002 දක්වා මැදපෙරදිග සේවයකළ මම දන්නා නිසාමය. ඔවුන් වෙනුවෙන් මා විවිද සටන්කර, ප්රසිද්දකර, අවධානයට ලක්කර, සමහර ජයග්‍රහනද ලබාදී ඇති නිසාමය.(නදී)
දිනේෂ්,ප්‍රසන්න,තවත් කිහිප දෙනෙක් මෙතන අදහස් දාල තියෙන්නේ පුංචි දෙයක් මහා ලොකු කරලා තමන් තමන් ගැනම වර්ණනා කරලා මේ පුංචි දරු පැටියෙකුට සුබ පතන්නවත් ඉඩක් නැති කරලා. මැදපෙරදිග සේවය කරන අයගෙන් තමයි ලංකාවට ගොඩක්ම විදේශ විනිමය යන්නේ බැලමෙහෙවර කරනවා කියලා අපහාස කරන්න එපා. මොකද අද අපිට නම් හෙට ඔයාට වෙන්න පුළුවන්. හොදට ඉගෙනගෙන තිබුනට අහල නැද්ද (රජා දුගියාවේ ..!! දුගීයා රජාවේ කියල ) ඔයා උගත් මෝඩයෙක් මට හිතෙන්නේ (ඉරිසියාවට බෙහෙත් නැහැ ).(නදී)
ඔය කෑගහන හැමෝම පිටරටවල ඉදන් උජාරුවට කෑමොරදෙන්නේ රස්සාවල් ටික අකුලාගෙන යන්නකෝ ලංකාවට. එතකොට කාටවත් හිස නොනමා, උජාරුවට ජීවත් වෙනපුළුවනි, අපි නම් උපන් රටවත් , ජීවත් වෙන්න රුපියලක් උපාය ගන්න රටට ජාතියටවත් කවදාවත් ගරහන් නැහැ , අපි උපයන මුදලින් ලංකාවේ තවත් අසරණ වෙච්චි හෝ ඉගන ගන්න වත් කමක් නැති දරුවන්ට අපි පිහිට වෙන්නේ ගොඩක් ආඩම්බරයෙන් සතුටින්, බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන් නැහැ , ඔයාල ඉගන ගත්තට තාමත් සමාජය දිහා බලන්නේ අන්ද ඇසකින්,අනුන්ට මඩටිකක් ගහල සිතට පුංචි සතුටක් ලබාගන්න තරමේ, පහත් මානසිකත් වයකින් ...? මේ අදහස් කිවම මට බඩ අල්ලන් හිනා ..උදේම අර ඇක්සිඩන්ට් වෙලා තිබුන වාහන වල නිව්ස් කියවල හිත කම්පවෙලා තිබුනේ , ඔයාලට ගොඩක් පින් කෙනෙක්ව සතුටට පත් කිරීම ගැන,,,?අපි හැමෝගෙම හිත්වල තියන පීඩනයට හොදම දේතමා, මෙහෙම අදහස් පල කෙරීම,,,,හිතට දැනෙන්නේ ලොකූ සැහැල්ලුවක් ,කට හරි බැන්නම, බැනල තියන දෙයක් කියවපුවම,,,?හිතට සතුටක් දැනෙනවා ..හැමටම බුදුසරණයි? (අ)
රවින්ද්, උත්සාහ කලොත් කරන්න බැරි කිසිම දෙයක් නැහැ. ඒත් මම ඉතින් එහෙම කලත් ඔයාලට පුලුවන් ඒකෙත් වැරද්දක් කියලා මෝඩකමට හිනාවෙන්න විතරයි (නි)
රුපවති ඔයාට පුළුවන් තනි කකුලෙන් එංගලන්තේ රජ මආලිගව ඉස්සරහ හිට ගෙන අත් දෙක නළලේ තියාගෙන ඉදල ලෝක වාර්තාවක් තියල ලංකාවට කීර්තියක් ගෙන්න (අ)
රුපවති හොර සිල් අරගෙන.(නදී)
දිනේෂ් මාමේ, ඔයාගේ වචන ටිකට හිතට තවත් ශක්තියක් ලැබුනා. අපි ලෝකේ කොහේ හිටියත් , මොන තරාතිරමේ වුනත් අපි ශ්‍රී ලාංකිකයෝ කියන හැගීමෙන් සියල්ලම එකාවගේ ඉන්නවා දැක්කම සතුටුයි. එහෙම තමා ඉන්න ඕනෑ. අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ වෙමු, හෙට කතා කරමු බැන ගත්තු ඔයාලට අපි හැමට බුදු සරණයි (නි)
රත්තරන් රුපවති දුවේ, මම ඔයාට කිසිම තරහක් අමනාපයක් නෑ. ඔයාගේ නමින් වෙනත් අය අදහස් පළකර ඔබව අපහසුතාවයට පත්වීම ගැන හැබෑ ලෙසම කණගාටු වෙමි. ඔබගේ එකම දෙයකට විරුද්ධව දිගින් දිගටම විරෝධය පෑවා මිස අපහාස කිරීමට එසේ නොකලෙමි. ඉදිරියේදීත් මතවාදීව ගැටෙමු. අපි උපන් රට ලෝකයේ ඉහලට ඔසවා තබන්නට අපි හැම දෙනා එකතුව යමක් කරන්නට කැපවෙමු. එංගලන්තයේ රජුන් වන්දනාව ගැන ඔබ සමග කිසි ලෙසකින්වත් සතුටු නැති වුවද ගැහැනියක ලෙස නොසැලී දිගින් දිගටම අදහස් දැක්වීම ගැන සතුටුවෙමි.(නදී)
මගේ අත්දැකීම් මම කියන්නම්. මම ලංකාවේ ව්‍යාපාරයක් කරන්නේ. පිට රටවල් සමග ගොඩක් සම්බන්දතා තියනවා. අපි අපේ ජාතිය ගැන අවමානයෙන් කතා කරන්න හොද නැහැ. පිටරටවල මිනුස්සුන්ගේ සිතුම් පැතුම් ආකල්ප වලට වඩා අපේ රටේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ආකල්ප බුදු දහමින් පෝෂණය වෙලා තියෙන්නේ. අපේ මිනිස්සු එම නිසා පොඩි පොඩි අඩුපාඩු ඇතත් ඉතා ඉහල බුද්ධිමත් ජාතියක් ලෙස මම දකිනවා. වෙනත් ආගමික බලවේගයන් අපිව බේද බින්න කරන්න විවිද අදහස් පතුරනවා. අපි ඒවාට අහු වෙන්න හොද නැහැ.(නදී)
රුපවති වැඩේ වැරදුනහම ඔයා දාපු දේත් නැහැ කියනවද? ඔයාගේ වයස කීයද ? තාම ඉස්කෝලේ යනවද? බුද්ධාගම ගැන කියන්න ගිහිල්ලා එහෙන් වරද්ද ගෙන. ඔය උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්න රටවල් කියල කිව්වේ ලංකාවේ එහෙම මිනිස්සු නැහැ කියලා කියන්නද. ඉස්සෙල්ලම තමුන් උපන් රට ගැන ආඩම්බරෙන් කතා කරන්න. ඔය වගේ පිට රටවලට ආවඩන මෝඩ මිනිස්සුත් ඉන්නවා තමා. නමුත් ලංකාවේ කියන්නේ ලෝකයේ ඉතා ඉහල අධ්‍යාපනයක් තියන රටක්.(නදී)
"අපට අපේ ආගම ගෙනත් දුන් රජ පවුලට වැන්දත් ඕගොල්ලන්ට මොකද ?" කියල තියන එකනම් මට අදාල නැහැ මගේ නමින් කිසිවෙක් එවැන්නක් පළකර ඇති බවත්, මට කිසි සේත් එවැන්නක් අදාල නැතිබවත්, මම එවැන්නක් පල නොකළ බවත් හැමට දන්වා සිටිමි..!(නදී)
අපේ රටට නැගිටින්න බැරි ඇයි දන්නවද ? මේ අදහස් දමල තියන මනිස්සු වැනි මමත්වයෙන් ඔලුව පුම්බාගත් මිනිසුන්ගේ හැගීම් , ක්‍රියාකාරකම්,නිසා , අපේ රටයි ඉන්දියාවයි වෙන්න ඇති ලෝකෙන්ම, ආදී මානයෙන් ජීවත්වෙන මිනිසුන් ඉන්නේ. උගත් බුද්දි මත් මිනිසුන් ජීවත්වෙන රටවල මම මේ තරම් පුහු හැගීම් සමග ඔලුව උදම්මා ගත් තවත් මිනිසුන් දැකල නැහැ. බුද්දිමත් මිනිසුන් නිරහංකාරයි. ඔබත් නිරහංකාර පුද්ගලයෙක් වෙන්න එවිට සමාජය ඔබට සමගි තෝතැන්නක් වනු ඇත.(නදී)
රුපවති,ඔබ ඔය මැදපෙරදිග බ්‍රිටිෂ් කදවුරේ සුදු මහත්තුරුන්ගේ ලග වැඩකරන නිසා එයාල අමුතුම ඉහල ජාතියක් වගේ දැනෙනවා ඇති.මගේ පවුලේ අය ඔස්ට්‍රලියාවට ආවේ බිරිද සහ මගේ උපාධි සහතික විශ්වවිද්යලයෙන්ම තානාපති කාර්යාලයට ලබාගෙන පරීක්ෂ්කිරීමෙන් පසු ස්ථිර පදිංචියට වීසා ලබාගෙන මගේ දරු දෙදෙනාත් සමගමය.ඔබ තවමත් හිතන්නේ ලංකාවේ අය ඔබ වගේ සුදුමහත්තුරු ලග බැලමෙහෙවර කරන රැකියා පමණක් කරනවා කියල නේද? නැවතත් ඔබගේ ලෝකය ගැන නොදැනුවත්කම පෙනෙනවා.ලිදේම ඉන්න. (දී)
රූපවතී, නොදන්නා දේවල් නොකියා ඔහේගේ විලියොන් රජ්ජුරුවෝ දීපු ආගමත් අදහාගෙන අමාරුවෙන් පාස් වූනයි කියන බ්‍රිතාන්‍ය විභාගය නිසා ලැබුන විලියම් කුමරු ඇෆ්ගන් යනවිට නවතින බ්‍රිටිෂ් කෑම්ප් එකේ ඉන්න ඔහෙලට කියන්නේ "ඔලුව රබර්, බඩ ජර්මන්, කකුල ඉතාලි. අලුත ලැබුන දත් සැට් එක රට අබ ලෑලි" අපිට අපේ රටයි ,ආගමයි, ජාතියයි, විභාගෙයි වටිනවා. ඔයා එංගලන්තෙට කත් ඇද ඇද ඉන්න.(නදී)
"අපට අපේ ආගම ගෙනත් දීපු රජ පවුලට අපි වැන්දත් ඕගොල්ලන්ට මොකද ?-රුපවති" "මමත් ගොඩක් දුක් විදලා, බ්‍රිතාන්‍ය රජයේ අධ්‍යපනයෙන් විභාග පාස්වෙලා - රුපවති" මොනවා එහෙනම් මෙකයි මෙයාලා ගිරිය පුප්පගෙන කැගහන්නේ. වැදපල්ලා හැබයි අපි ලවා වන්දවන්න එන්න එපා.(නදී)
රූපවති, ඔය හේතුව මහත්තයාගේ ප්‍රතිචාරය කියවන්න . ඔයා මිනිස්කමේ නාමයෙන් මෙයාට සුබ පතනවා නම් ඊට කලින් ලංකාවේ එදා ඉපදිච්ච බබාලා සේරටම සුබ පතන්න (නි)
රුපවති පුහු මාන්නයෙන් පංච උපදානස්කන්ද මුදා ගන්නවැයි කියන එකේ තේරුමක් නැහැ. මේවාගේ මෝඩ කතා කියන්න එපා. නොදන්නා බුද්ධාගම නොකියා ඉන්න (නි)
රුපවති බුද්ධාගමේ කෙනෙක් බුදු සරණ යන්නේ බුද්ධාගම වැළදගැනීමත් සමගම. මම හිතන්නේ ඔයාට කියන්න ඕනෑ කලේ නිවන් යන්න පෙර දිනේෂ් තව වතාවක් ඉපදෙන්න කියලා. එහෙම කියන්න එපා. හැම බුද්ධාගමේ කෙනෙකුගේම පැතුම උපන බවයේම නිවන් යන්න. (නි)
දිනේෂ් මාමේ,ඔයාට බුදුසරණයි. බුදු සරණ යන්නට පෙර ඔයා තවත් වතාවක් මෙලොව ඉපදෙන්න. මනුෂ්‍යත්වය ඉගනගන්න,පුහුමානයෙන් ඔයාගේ පංචස්කන්දය මුදාගන්න ,ජීවන ගමනේ උපාදිය තුරුළුකරන් මිනිස්ගති බිම හලලා යන්න එපා. හොද මිනිස්කම් ජීවිත ගමනේ අහුලගෙන යන්න දරුවන්ටත් ඒවා කියා දෙන්න ,වෛරය උඩගුකම දරුවොත් ඉගන ගනී ඔයාගෙන්. ඔයා හොද තැනක උසස් ජීවිතයක් ගතකරනවා නම් තවත් අපේ රටේ දුප්පතෙකුට පිහිට වෙන්න,ඔයා මට බැනලා හිතයටින් සතුටු වෙනවට මම තරහ නැහැ, ඒ මම ඔයාතරම් මෝඩ නැති නිසා,ඔයාට නැවතත් බුදුසරනයි (නි)
අපට අපේ ආගම ගෙනත් දීපු රජ පව්ලට අපි වැන්දත් ඕගොල්ලන්ට මොකද (අ)
දිනේෂ් ,වචනය එලියට පැන්නම ඒක,අලි ඇතුන් ලව්වා වත් නැවත අද්දවා ගන්න බැරිලු .දැන් මොනවා කිවත් වැඩක් නැහැ ඔය මැද පෙරදිග ඉන්න අපේ සහෝදර ,සහෝදරියන්ට අපහාස කරලා ඉවරයි .මගේ ගෙවල් ලගපාත කාටහෝ දරුවෙක් ලැබුනොත් මන් තෑගිත් යවනවා යුතුකම් කියන්නේ මොනවද කියල ඔයාගෙන් ඉගෙනගන්න උවමනාවක් මට නැහැ ((අ)
ජෝර්ජ් ,කුමරුනි,ඔබට දිර්ඝායුෂ පතමි !!! සත්‍යපාල ,ඔයා ලෝකේ දිහා බලන්නේ පොඩි ඉරිසියාවකින් නේද? මම අහලා තියෙන්නේ නම් නම්බු දීලා නම්බු ගන්න කියලා. මේ කුමාරයා ඔයාට කුමාරයෙක් නොවුනට මුළු ලෝකෙටම මෙයා කුමාරයෙක් (නි)
"අනේ කුහුබුනේ උබලටත් රජෙක් ඇත්තේ.. " මෙය අඩන්නට කරුණක් , සෝක වෙන්නට කරුණක් බව මා දන්නා මුත්, අපේ මුතුන් මිත්තන් ඝාතනය කල ඔවුන් වෙනුවෙන් ජයපැන් කෙසේ බොන්නදැයි මම නොදනිමි. (නි)
අනේ උපාලි මල්ලියෝ, මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.ඔය ලංකාවේ ඉන්න ලුම්බිනිලට,උපාලිලාට,චන්දිලාට,රූපවතීලාට තිබෙන තරම් උණක් මෙහෙ අයට නම් නැහැ.කරුණාකර වැඩක් ඇති දෙයකට කාලය යොදවලා තමන්ගේ දරුවන්ට කීයක් හරි හොයලා ඔයාලගේ දරුවෝ රාජකුමාරයෝ කරන්න බලන්න. (නි)
මෙයා අපේ කවුද? අපිට මොකද? ළමයෙක් මෙලොවට ඉපදුනා. එච්චරයි. ලංකාවේ අපේ ළමයෙක් මෙලොවට ඉපදුනා නම් මීට වැඩිය අපිට සතුටු වෙන්න කරණයක්. (නි)
සත්‍යපාල, මම කැමති නැහැ නැවත ලියන්න. එහෙත් මට හැඟෙනවා ඔබ, ඔබ විසින්ම මුල්ලකට තල්ලු කරගන්නවා කියො. ඔබ "පොඩි පිරිස" කියන්නේ කෝටි සංඛ්‍යාත ජනතාවකට කියලා පිළිගන්නේ නැද්ද? ඒ ඔක්කොම ගෙම්බො කියලා ඔබ හිතනවද? රජ පවුලේ අයට මහජනයාගේ හිත දිනාගන්න ආකාරය කියාදෙන බව ඇත්ත. ඒක වරදක් හැටියට ඔබ දකින්නේ ඇයි? එහෙම 'පිටට පෙනෙන' නිහතමානී බවක් හරි තිබීම නරකද? (නි)
මට මතක් වෙනවා අර අපේ පැරකුම් චිත්‍රපටිය, "මම රජ කුමාරයෙක් නෙවෙයි... ගමේ කොල්ලෙක්...!" (නි)
විලියම් කුමරු ඇෆ්ගන් ගිහින් යනවිට නවාතැන් ගන්නේ අපි ඉන්න බ්‍රිටිෂ් කෑම්ප් එකේ. සමහර වෙලාවට අපිටත් දැකගන්න ලැබෙනවා, පුදුමයි. සමහරදාට අපිට සාමාන්‍ය පුද්ගලයින් අතරින් ඔහු හදුනාගැනීම අසීරුයි. හරිම නිරහන්කාර සාමාන්‍ය පුද්ගලයෙක්. අපේ රටක නම් අපි ප්‍රභූ පිරිස් දැකලා නැහැ, ටීවී එකෙන් හැර. මොකද අපිට බලන්න සුදුසුකම් නැහැ. පුංචි කුමරුනි, සුබ උපන් දිනක් වේවා..!! (නි)
මන් අහලා නැහැනේ ,සත්‍යපාල ඇත්ත කියනවා (නි)
චන්දි,මෙයා කුමාරයෙක් වන්නේ මුළු ලෝකයේම ඉන්න ඔයාලා වගේ පොඩි පිරිසකටයි.ලිදේ ඉන්න ගෙම්බා හිතන්නේ මේක තමයි ලෝකය කියලා.හැබැයි ඔබ දන්නේ ලිදේ ඉන්න කිහිපදෙනා විතරයි. ලෝකේ ගොඩක්ම ගොඩක් ලොකුයි.එලියට එන්න ලැබුන දවසක බලන්නකෝ. (නි)
දීපා,ලුම්බිණි , ඔයාලා නොදන්නවා වුනාට එයාලට හරියටම කියලා දෙනවා මොකක්ද අදින ඇදුම,කවුද කාරෙක එලවන්නේ, කොහොමද අතවනන්නේ,විනාඩි කීයක්ද මෙතන ඉන්නේ ආදී හැම දෙයක්ම.එහෙම කළහම දීපා,ලුම්බිණි වගේ අය මෙයාලව දෙවිවරු වගේ අදහනබව දන්නවා.එතකොට එයාලට තවත් බොහෝකල් රජවරු විදිහට ඉන්න පුළුවන්.එහෙම තමය බලගතු රටවල් (නි)
සුබ උපන් දිනක් කුමරානෙනි. (නි)
උපාලි,සමාවන්න.මම ඔය උපන් දරුවට තවත් අහිංසක පොඩි දරුවෙක් ලෙස ආදරෙයි.එහෙත් මට ඔහු කුමාරයෙක් නොවෙයි. (නි)
ලංකාවේ මෙගා නිළියකට දරුවෙක් ලැබුනොත් මාධ්‍යයට පෙන්නන්න හරියට ගණන් උස්සනවා. හරියට ලෝකේ පළමු දරුවා ලැබුනේ එයාට වගේ. අනේ රජ පැටියව නම් මුළු ලෝකෙටම එයාගේ දෙමව්පියෝ හරිම නිහතමානිව පෙන්නුවා. අපේ නිලි කෙල්ලන්ට ලැජ්ජා හිතෙයිද දන්නේ නැහැ (නි)
දරුවෙක් කාට ලැබුනත් වාසනාවන්. (නදී)
අනාගත රජ කුමරුවෙක් දීර්ඝා යුෂ ලැබේවා ජෝර්ජ් කුමරුනි.(නදී)
ලුම්බිණිලා වගේ අය ඉතා වංචනික අයුරින් අදහස් පළකිරීම තාම නවතා නැති හැඩයි. මොවුන් අපිට බෙදුන් වාදයට තුඩු දෙන ගැටළු හදලා වෙස්මිනිස්ටර් ක්‍රමය දීලා අපේ රජ පරම්පරාව නැති කරලා ගියා. මේ අය තාම රජ කම් පවත්වාගෙන යනවා. ඔව් අපේ රට තාම පාලනය කරන්නේ ඔවුන් තනා ගීය කළු සුද්දන් තමයි. (නදී)
සත්‍යපාල, බොහෝවිට ඔබ දක්වන බුද්ධිමත් ප්‍රතිචාර සමග මං එකගවෙනවා. මෙතැනදී සංස්කාරක තුමා මා ලියු සරල වචන කීපයක් උත්කර්ෂවත් පැත්තට බරකරලා පළකර තියෙන්නේ. හරියටම ඔබ "සාදරයෙන් පිළිගැනීමක්" 'දණ ගහල වැඳීමක්" කියල අතිශයෝක්තියෙන් කියනවා වගේ. මෙතන ලුම්බිනිගේ අදහසත් ගත්තාම මේ පොඩි එකාව "සාදරයෙන් පිළිගත්තත්" වරදක් නැහැ නේද? ඒ නිසා දැන් නම් මම සංස්කාරකතුමාගේ සංශෝධනය සමග මුළුමනින්ම එකඟයි.(නදී)
හමුදා පෙර ගමන් රථ, කොමාන්ඩෝ රථ කිසිම එකක් නැහැ නේ. විලියම් තමාම රථය එලවාගෙන යනවා. රජ පවුල් කියන්නේ කවුද කියල ඉගෙනගන්න ලංකාවට ඇවිත් බලන්න කියමු. (නදී)
අන්න උපාලි දණ ගහලා වදින්න පටන් අරන්.(නදී)
දිනේෂ් කියපු දෙය හරි. දිනේෂ් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ඔය ගැන ලොකු තැකීමක් නැහැ කියලා. ඒක ඇත්ත. අනේ මන්දා ලුම්බිණි , උපාලි ඔයාලා කවදා වහල් කමෙන් මිදෙයිද කියලා. තමන්ගේ මුතුන් මිත්තන් මරපු, තමන්ගේ බල කාමයෙන් ලෝකයම වනසපු පවුලකට මට නම් සුබ පතන්න බැහැ.(නදී)
සුභපැතුම් .......
අද සුද්දෝ මහත්තුරු වෙන්න හැදුවට මේ ගොල්ලෝ සාදාරනය ප්රජාතන්ත්රවාදය ඉගෙන ගත්තේ මහත්මා ගාන්ධිතුමන් අනගාරික ධර්මපාලතුමා වැනි අයගෙන්. මහත්මා ගාන්ධිතුමාගේ දෙනෙත් වලින් කදුළු වැටුනේ අපේ ධර්මපාලතුමන් මිය ගිය දිනයේ.අද අපේ කළු සුද්දන්ට මේ බල උන්මත්තකයන් ලොකු වෙලා (නි)
රුපවති, විහිළුවටවත් තමුන්ගේ සංකෘතියට ජාතියට ද්‍රෝහී වෙන්න එපා. සමහර අය ඒවා ඇත්තට ගනීවි (නි)
උපාලි, මේ දිනේෂ්ල උනබට වල එල්ලිලා පොල්කටු හැන්දෙන් හබල් ගාගෙන ඔස්ට්‍රේලියාවට පැනල දැන්, ලංකාවේ ඉන්න අපි එයාලට ගෙම්බෝ වගේ පෙනෙන්නේ. ඉතින් අපි එයාලගේ ගෙම්බෝ දැන්. එයාට ඊරිසියා ඇති . මේ දරුපැටියා අමම්යි තාත්තයි එක්ක ඉන්නවා දැක්කම. දිනේෂ් ළමයි ටිකයි නෝනවයි ලංකාවේ දාලා හොරෙන් ඕස්ට්‍රේලියා ගියාට අපි පලිද? දෙවියනේ ඊරිසියා නොකර ඉන්න. දිනේෂ් ඊ ලග ආත්මෙත් ඔයාට ලංකාවේ දරු පව්ල දමලා තනියම ඕස්ට්‍රේලියාවේ ඉන්න වෙයි.(නදී)
අනේ සත්‍යපාල. පස්ස තියල බිම ඉද ගන්න නම් එපා. ඔයාගේ මොලේ තැලෙයි.(නදී)
දැන්වත් උගන්වන්න අපේ ඉතිහාසය. නැත්නම් ලුම්බිණි , උපාලි වැන්නන්ගෙන් පිරුණු රටේ අනාගතය සෝදාපාලු වුන මහා කාන්තාරයක , පිටරටට දත නියවමින් , සදාකාලික වහල් බාවයෙන් මිරිකුණ හෙටක් නොමැති ,අතරමන් වුන මිනිසුන්ගෙන් පිරි පවතීවි. (නි)
අපේ හෙන්රි පේදිරිස් මැතිතුමාගේ හිසට වෙඩි තිබ්බ මේ බලු පරපුරට සුබ පතන්න ලජ්ජා නැද්ද.(නදී)
ඔය සුද්දන්ට කත් අදින වහල් මිනිසුනේ. මුල්ලේරියාවේ සටන කඩුගන්නාවේ සටන පොඩ්ඩක් කියවනවා හොඳයි. මුන් අපේ වීර කැප්පෙටිපොල නිලමේ තුමාගේ හිස ගසපු හැටි ඉස්කෝලේ 8 යනකන් ඉගනගත්ත අයත් දන්නවා ඇතිනේ. එහෙම නොගිය කට්ටිය ගෙන කරන්න දෙයක් නැහැ. (ස)
සාදරයෙන් පිළිගන්නවා රජ කුමරුනි! (නි)
මම හිතනවා දිනේෂ් කියන කෙනා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ උනාට ලංකාවේ මිනිසුන් තරමටවත් ටීවී එකක්, පත්තරයක් නොබලන, රේඩියෝ එකක් නොඅහන කෙනෙක් බවයි පෙනෙන්නේ. (නදී)
ප්‍රසන්න බය වෙන්න එපා. සිංහල කොල්ලෝ කෙලින් හිතනවා. මේ වගේ තාම සුද්දන්ට කත් අදින වහල්ලු ටිකකගේ අදහස් විචාරය කරන්න කාලේ නාස්ති කිරීමත් අපරාදේ.(නදී)
සුද්දෝ අපේ රට අල්ල ගත්ත කාලේ අපේ රටට කිව්වේ ආසියාවේ ධන්යායාගාරය කියලා. මිනිස්සුන්ට කනවා බොනවා කියන දේ හරිම සරල දෙයක්. කෑවේ ගුණදායක අලුත්ම එළවලු පලතුරු. ධාන්‍ය වර්ග. බුදු දහම මුලික කරගත් දැහැමි සමාජයක්. හැමෝම හැමෝටම කරුණාවෙන් සැලකුවා. අවශ්‍යතා හරිම සරල උනා. නෑදෑ හිතවතුන් සමග සතුටින් ජීවත් උනා. පින් දහම් කලා බන ඇහුවා ගොඩක් කල් නිරෝගීව ජීවත් උනා. මේ සේරම නැති කරලා දැම්මේ මෙන්න මේ කාලකන්නි සුද්දෝ. එදා උන් අපිව යටත් කර නොගත්තා නම් අපි ලෝකයේ දියුණු නොව අති දියුණු රටක් වන්නට ඉඩ තිබුණා.(නදී)
දිනේෂ් මහත්තයෝ, ඔබ දකින්නේ ඔබේ නිවාස අවට පරිසරය විතරයි නේද? ඔබේ රටේ ප්‍රසිද්ධ 'ද ඕස්ට්‍රේලියන් ' පත්තරේ මොකක්ද කියන්නේ බලන්න. මම කියන්නේ නැහැ "උණක්" ගැන. නමුත් 'කෝටි' සංඛ්‍යාත පිරිසක් මේ රජ පැටියට සුබපතනබවයි මම කිව්වේ. මධ්‍යස්තව සිතීම ටිකක් පුරුදු පුහුණු විය යුතු දෙයක්. (නදී)
මෙතන ඉන්න සමහරු තාමත් යටත් විජිත මානසිකත්වයකින් පෙලෙන බව පේනවා (නි)
අපි හැමදාම සුද්දෝ අපිව හුරාගෙන කෑවා කියා කියා බැන බැන ඉන්නවා. ඔවුන්ගෙන් වන්දි අය කර ගැනීමට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. අපිට බැරි මොකද හැමෝම අත්සන් යොදආ පෙත්සමක් බ්‍රිතාන්‍යයට බාර දෙන්න මෙම මුදල් අය කර ගන්න . අපේ මුතු මැණික් බිලියන් ගණන් වටිනා දේවල් තාමත් මේගොල්ලන්ගේ මාලිගා වල (නි)
මේ පරම්පරාවේ කට්ටිය තමා අපේ මුතුන් මිත්තන්ව බුරුතු පිටින් මැරුවේ. අපේ රට කාබාසිනියා කලේ. මෙතන දාලා තියන අදහස් බැලුවහම පේනවා අපේ කට්ටියගේ ඉතිහාසය පිළිබද දැනීම. ඉස්කෝලේ නොගියට ගජරාමෙට විචාර නම් දාල තියනවා. (නි)
කෙලින් ඇත්ත කතාකරන්න උඹලට කොන්ද පන නැද්ද සිංහල කොල්ලනේ? (නි)