අයර්ලන්තයේ ජිවත්වන බෞද්ධ සැදැහැවතුන්ගේ උත්සාහයක් මත මහමෙව්නාව භාවනා අසපු ශාඛාවක් අයර්ලන්ත අගනුවර වන ඩබ්ලින් නඟරයට ආසන්න නිසසල පෙදෙසක ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
අසපුව සඟ සතුකොට පුජා කිරීමේ උත්සවය මෙම මස 10 වැනි ඉරුදින පැවැත්වේ. නව අසපුව පිහිටියේ කිල්ඩෙයාර් ප්‍රාන්තයේ ප්‍රොස්පරස් නඟරයේ මේපල් ටෝෆ්ට්ස් ක්ලෝස් මාවතේ අංක 57 දරන ස්ථානයේය. පින්කමෙහි කටයුතු සඳහා මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව භාවනා අසපුවේ කටුනේරියේ ධම්මදේව හිමි ඇතුළු මහා සංඝ රත්නය වැඩමකරවීමට නියමිතය.
එදින සංඝගත දක්ෂිනාවක්ද පිරිනැමේ. දහවල් 12 සිට ධර්ම දේශනාව සහ සෙත් පිරිත් සජ්ජායනාව පැවැත්වේ.
අයර්ලන්තයේ බෞද්ධ විහාරස්ථානයක් හෝ අසපුවක් ආරම්භ කිරීමේ අදහසින් ශ්‍රී ලාංකිකන් 11 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පිහිටුවා ගෙන එමඟින් ඔවුනගේ පෞද්ගලික මුල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් පසුගිය මැදින් මාසයේදී ඩබ්ලින්,කොර්ක් සහ වෙක්ස්ඵර්ඩ් යන නඟර වල ලන්ඩන් නුවර මහමෙව්නාව භාවනා අසපු වාසි ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවා ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කළ බව කමිටු සාමාජිකයකු පැවසීය.
නව අසපුවේ පැවැත්ම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන උපයාගැනීම සඳහා උපකාරිවිමට www.mahamevnawa.ag හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයන්ගෙන් විස්තර ලබාගත හැකිය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාභයකි සැබවින්ම පින්වත ඔබට (හේ)
සාදු සාදු ...පින් කැමති සියල්ලෝම අනුමෝදන් වෙත්වා..! සසුන බැබලේවා !! (බ)
රට රටවල අලුත් පන්සල් වීවෘත වන බව අසන්නට ලැබීමත් පිනකි. දහම් අසන්නට අවස්ථාවක් ලැබීමෙන් කුසල් සිත් ඇතිවේ. පස්පවින් වැළකීමට උපකාර වේ. (නි)
ඉතා වටිනා පුණ්‍යකර්මයක්. (නි)
සාදූ.. සාදූ.. සාදූ..සතුටු සිතින් අනුමෝදන් වෙමි. (හේ)
සදහම් පණිවිඩය ලොව පුරා පැතිරේවා! බුදු සසුන බැබලේවා!! ලොකු ස්වාමින්වහන්සේ ඇතුලු අප සැමට අමා නිවන් සුව දුර නොවේවා මෙත් සිතින් (අ)
අපගේ ගුරු දෙවිඳුන් විසින් අසරණ අප කෙරෙහි අනුකම්පාවෙන් නිමවන ලද එ් අමාපැන් පොකුණ පිරී ඉතිරී, ලොව පුරා සිටින සුපින්වත් මිනිසුන්ගේ දහම් පිපාසය සංසිඳවන අයුරු අප හද පිරි සොම්නසින් අසා, දැන දැක සතුටු සිතින් අනුමෝදන් වෙන්නෙමු. අප සියලු දෙනාට උතුම් ගුණධර්ම වැඩිදියුණු කරගැනීමට වීර්ය ලැබේවා! සාදු සාදු සාදු! මහමෙව්නා අසපු සංචිත චිරාත් කාලයක් දෙවි මිනිසුන්ගේ යහපත පිණිස පැවතේවා!!! (නි)