කාණූවට වැටුණු අයි ෆෝනය සොයා ගැනීමට කාණුවට බැස එහි හිරවු තරුණියක් පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වේ. ඇය 16 හැවිරිදි එලා සැන්කි නැමැති තරුණිය ගොඩ ගැනීමට ලන්ඩනයේ ගිනි නිවන භටයන් කැඳවීමට සිදු විය.
දිනක් සැන්කි තම බල්ලා සමග පාරේ ව්‍යායාම කරමින් දුරකථන ඇමතුමක් අවසන දුරකථනය තම සාක්කුවට දමද්දී අසල කාණුවකට වැටිණි. එය සති දෙකකට පෙර මිලඳී ගත්තකි.
ඇය කාණුවෙහි පියන ගලවා කාණුවට බැස්සාය. දුරකථනය සොයා ගැනීමට නොහැකි විය.ඇයට නැවත ගොඩ ඒමට ද නොහැකි විය.
ඇයගේ කෑ ගැසීම ඇසී එහි පැමිණි මව ජොවෑන් බි්රචිනෆ් (36) හදිසි ඇමතුම් අංශයට (999) දුරකථන ඇමතුමක් දුන්නාය. වහා ගිනි නිවන භටයෝද ආහ. ඇය කාණුවෙන් ගොඩ ගත්හ. අසල සිටියෙක් රහි ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරියේය.
මෙය තමාට කිසිදින අමතක නොවන අත්දැකීමක් වන අතර දැන් එම ස්ථානය තමාට හාස්‍ය උපදන ස්ථානයක් වී ඇති බව සැන්කි සිනාසෙමින් පැවසීය. ‘දැරිවියට අනතුරක් නැති නමුත් දුරකථනය කම්මුතුයි’ යනුවෙන් විදුහලේ ඇගේ යෙහෙළියෝ විහිලූ කරති.
වත්මන් තරුණ පරපුරට දුරකථනය කොපමණ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වී ඇත්ද යත් තම ජීවිතය ගැන පවා නොසිතන අන්දම පෙන්වීමට මෙය කදිම නිදසුනක් බවට එරට බලධාරීන් පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පා එංගලන්තේ තියා දැන් ලංකාවේ ළමයින්ටත් ඔය අටමගලේ නැතිවම බැහැනේ.(නදී)
තාක්ෂණය සමග ඉපදෙන්න, එයත් සමග ජිවත් වෙන්න අවසානයේ තාක්ෂණයත් සමග මියයන්න.(නදී)
මා ළඟත් අයි ෆෝන් දෙකක්ම තිබෙනවා (නි)
ජිවිතයට වඩා දුරකථනය වටිනා යුගයක අපි ඉන්නේ (දී)
අයියෝ තව පොඩ්ඩෙන් ෆෝන් එකක් නිසා හැමදෙමනති වෙනවා (දී)
අයියෝ මෙහෙමත් මෝඩ වැඩක් (දී)
එයාට 16ද? (නි)
චන්දී, ඔයා පුංචි ළමයෙක් වගේනේ. අයියෝ! අපේ ගෙදර කාර් දෙකක්, ශීතකරන දෙකක් තිබෙනවා. තව මොනවද එහෙම තියෙන්නේ කියලා මම මේ කල්පනා කළේ. (නි)
චන්දී, ප්‍රවේශම් කරලා තියාගන්න හොඳේ (නි)
අනේ මෙහෙමත් ආශාවන්? (නි)
ඇඟේ හැටියට මොලේ නෑනේ? තාප්පයක පොඩි කව්ලුවකින් රිංගපු පසුව තණ කොළ කාලා නැවත එලියට එන්න බැරිවුණ එළුවා මතකද?(දිල්)
ලක්ෂ්මන් ජයවර්ධන කාටද මටද ඔය කිවුවේ. (ස)
තමන්ගෙ ඇඟේ සයිස් එක දැනගෙන එපාද කාණු වලට බහින්න! (ස)