අයි එස් ත්‍රස්තවාදියෙකු විසින් තම මව හිස ගසා දමා මැරූ බව කියන පුවතකින් ලෝකයේ බොහෝ දෙනෙක් කම්පාවට පත්වූහ.
විසි හැවිරිදි පුත්‍රයා තම මව මරා දමනු ලැබුවේ ඔහු රාජකාරි කරන තැපැල් කාර්යාලයය ඉදිරිපිට දී ය.
බොහෝ දෙනෙක් එය බලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මව මරා දැමීමට හේතුවී ඇත්තේ තම පුතු අයිඑස් කණ්ඩායමට බැඳීම පිළිබඳ මව මැසිවිලි නැගීම බව ද විදෙස් මාධ්‍යය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිත්‍යාදෘෂ්ටියේ ආදීනව තමා (නි)
මෙහෙම දරුවන් කුමටද මේ ලොවට? (නි)
ඉස්ලාම් දහමට අනුව ස්වර්ගය තියෙන්නේ තම මවගේ පාමුල කියලයි. ඉතින් අම්ම මරල මෙය කරගෙන තියෙන්නේ නිරයට යන එක අනේ පව්. . (කෞ)
සැබවින්ම මවක් නැත , පියෙක් නැත, කියල උගන්වද්දී ඉතින් කොහෙන්ද මවුගුණයක් දන්නේ, තමන්ගේ උප්පත්තිය නොදකින නොදන්නා කෙනෙකුට බාර කරලා ඇත්තටම තමන්ව මේ ලෝකෙට ජාතක කරපු දෙමවුපියන් දෙමවුපියන් විදියට නොදකින්න උපතේදී ඉදන් පුරුදු කරවපුවම ඉතින් මේ දේවල් තමයි සිද්ද වෙන්නේ, කලකිරෙන්න ඕනේ මේ කරපු දේට නෙවෙයි . සංසාරේ අපි අතිනුත් මේ වගේ දේවල් නොවෙන තැනටයි පත්වෙන්න ඕනේ, (බ)
මොනතරම් කුරිරු හිතක්ද? (නි)
මොවුන්ට යන්න වෙනම අපායක් මැවෙනු ඇත (නි)
නිශාර්ඩ් ප්රීනාගේ ප්රශ්නය අපට පැහැදිලි නැහැ. සසර යනුවෙන් හඳුන්වන දේ එකයි. පිළිගත්තත් නොපිළිගත්තත් එහි ඉපිද මැරෙන වාර ගණන ගිනිය නොහැකියි. ජාතිය, ආගම, කුලය, උස්පහත් බව එයට අදාළ නැහැ. ලෝක ධර්මතාවය කාහටත් පොදුයි ප්‍රීනා (නි)
අහෝ! මෙවන් ලොවක ජීවත්වීමට ලැබීම කළකිරීමට හේතුවකි (නි)
විප්ලවයක් වෙනුවෙන් ඔය වගේ දේවල් වුණ කාලයක් අපේ රටෙත් තිබුණා (නි)
නාලාගිරි ඇතාට රා පෙවූ කෙනාටද පවු? ඇතාටද පවු? මේ ළමයින්ට විස පොවන අයට තමයි පවු (නි)
මේවට හොඳ නරක ලියන්න ගියොත් අපි ජාතින් අතර බේද ඇතිකරනවා කියලා කියයි. (නි)
මේ පුතාට කවුරුවත් දඬුවම් කරන්න ඕනෑ නැහැ. බලන්න ටික දවසකින් කියයි පුතාම වෙඩි තියාගෙන මැරුනා කියලා (නි)
මේ වගේ මතවාදයක් නිසා මිනිසුන්ට ලැබෙන දේ පැහැදිලියි. මවුවරුන් පියවරුන් මරා දැමෙනු ඇත. කියන දේ නොඅසන දරුවන්ද, අසල්වාසින්ද මරාදැමෙනු ඇත. අන් මත ගරුනොකරනු ඇත. ජිවිතයේ විවිධත්වය හා වින්දනාත්මකබාවය සිඳීගොස්, රොබෝවන් මෙන් එකම මතයක් අසාගෙන යාන්ත්‍රික වහල්බාවයකට පත්වී මියැදෙනු ඇත. අපේ රටෙත් මෙවන් මතවාද වලට කැමති මෝඩ පුද්ගලයන් සිටින බව අසන්නට ලැබීම අභාග්‍යයට කරුණකි. (නි)
සමහරවිට මේ පුතා කාලයකට ඉහතදී තම මවට ආදරයෙන් සිටි කෙනෙක් වෙන්නත් පුළුවනි..ත්රස්තවාදීන්ට මුණගැසුනාම ඔවුන් ඔහුගේ " බුද්ධිය ශෝධනයට " ලක්කලා වෙන්නත් පුළුවනි.." බ්‍රේන් වොෂ් " හෙවත් බුද්ධිය ශෝධනයට ලක්කළ කෙනෙක් ගේ මතකයේ තියෙන්නේ එකම අරමුනයි ..ඒ තම ඉලක්කයයි..එයට විරුද්ධවන සියලුදෙනාවම ඔහුට පෙනෙන්නේ තම සතුරන් ලෙසයි. ඒ සියලුදෙනාවම විනාශකරන්න ඔහුගේ මනසට විධානයක් කරලයි තිබෙන්නේ.අපේ රටේ හිටිය මරාගෙනමැරෙන " කොටි"න් පවා බුද්ධි ශෝධනයට ලක්කළ අයයි.ඒ සටනේදී අවසන් අදියරට යනකොට හමුදාවේ පවා බුද්ධි ශෝදනයට ලක්කළ අය සිටියා කියා හමුදාවේම සිටිය නිලධාරියෙක් පැවසුවා ඔබට මතකද.., තම කාර්ය සාර්ථවක අවසන් කල පසු ..අවශ්‍යයනම් මනොවිද්යනුකුලව නැවත ප්‍රකුර්ති තත්වයට ඒ පුද්ගලයාව ගෙන ආ හැකියි..එසේ නැතිව ඔහුව සමාජයට අතහැර දැම්මොතින් වෙන්නේ මහා විනාශයක්.මතකයි නේද අපේ රටේ යුද්ධය අවසන්වුන පසු, හමුදාවෙන් ආ සමහරු හොරකමට , ඒ වගේම දුෂණයන්ට යොමුවන්නට මේ කරුණත් බලපෑවා..කෙසේවෙතත් මව මැරූ පාපය නිසා මොහු කල්ප ගණනක් විඳවාවි. (අ)
මෘග පුතෙක් (නි)
මේ පුතා මව මරා සොයන විමුක්තිය මොකක්ද?කව්රු වෙනුවෙන්ද?ආගම වෙනුවෙන්ද ? (අ)
මේවා අහනකොට අපිට දරුවන් නැති එකම හොඳයි කියලා හිතෙනවා. (අ)
ඔය ටිකම අපේ රටට එන්න වැඩි කාලයක් නැහැ කියලයි මේ වෙන දේවල් දැක්කහම හිතෙන්නේ (නි)
මේ ලොවට දායාද කළ තම මව මරාදාලා මේ පුත්‍රයා හොයන විමුක්තිය කුමක්ද? මෙවන් මිනිසුන් තවත් මේ මිහිපිට නොඉපදේවා! (නි)
මිනිසුන් බොහෝ විට දෙවියන් යදිනවා නොයෙක් ආකාරයේ විශ්වසයන්ම් තියෙනවා ඔක්කොටොම හැදෙන්න්නේ එකම ලෙඩ කොලස්ටරෝල් රුධිර පීඩන , පිලිකා අධිය ඔක්කෝටම පොදුයි එසේ නම් මිනිසා සත්‍යට වඩා තම විශ්වාස තහවුරු කරමින් සිතේ මවාගත් ලෝකයක ජීවත් වෙනවා නොවේද ? දෙවියනි ඔබ කොහිද මිනිසා සොයමින් සිටී (අ)
සසර ගණනාවකට බේරෙන්නට බැරි මහා පාප කර්මයක් කරලා තියෙන්නේ. කොයි රටේද කියල සඳහන් කර නෑ(අ)
මනුෂ්‍ය හිත ප්‍රාණ ඇපයට අරගෙන කරන වැඩ! (නි)
අනේ දෙවියනේ! (නි)
වැඩි දවසක් නොගිහින්ම මොවුන්ට නියම දඬුවම් දෙවියන් විසින්ම ලබාදේවි. (නි)
ආනන්තරීය පාපකර්මයක් කරගත් පාපතරයෙක්... (නි)
රුපියල් 1500ක් නොදුන්නාට කොටකෙතන මව මැරූ පුතෙක් සිටින රටකි මෙය. ඉතින් මේ ක්‍රියාවට කුමට පුදුමවෙන්නද? අසත්පුරුෂයෝ ලෝකයේ හැමතැනම ඉන්නවා (නි)
මොවුන්ට අණක් ගුණක් නැත (නි)
මොහුට මේ ආනන්තරීය පාපකර්මයෙන් මිදෙන්න අවුරුදු කල්ප කෝටි ගණනක් අවීචි මහා නර්කාදියේදී විනාඩියකට එක වාරයක් ගානෙ බෙල්ල කපලා මැරුම් කන්න වෙනවා අනිවාර්යයෙන්ම. (නි)
අල්කයිඩා , හමාස්, බෝකෝහරාම්, තලේබාන්, අයිඑස් වගේ ලෝකයේ හැම ත්‍රස්ත සංවිධානයක්ම පදනම්වෙලා තිබෙන්නේ එකම දෙයක් මූලික කරගෙන (නි)
ආනන්තරීය පාපකර්මයක් කරගත් මොහු චිරාත් කාලයක් නිරයේ පැසෙනු ඇත. (නි)