එබෝලා වෛරසය වැළඳී අසාධ්‍ය තත්වයේ මරණය පෙනි පෙනී සිටි ඇමෙරිකානු වෛද්‍යවරු දෙදෙනකු මෙතෙක් අනුමත නැති ඖෂධයකින් සම්පූර්ණයෙන් ම සුවය ලබා ඇමෙරිකාවට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාරාන්තික එබෝලා රෝගයට ප්‍රතිකාරයක් සොයා ගැනීමට ඉතා රහසිගත පර්යේෂණක් පැවැත්වෙමින් තිබිණි. එම ඖෂධය විවිධ අවස්ථාවලදී ක්ෂීරපායී සතුන්ට ලබා දී සාර්ථක ප්‍රතිඵල ලැබී තිබුණු අතර චිම්පන්සි සඳහා ද ලබා දී සාර්ථක වීම හේතුවෙන් සායනික ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට අවශ්‍ය අවසරය ද ඉල්ලා තිබිණි.
එසේ වුව ද ඖෂධය සඳහා ප්‍රතිකාර අනුමත වීමට පෙර ඇමෙරිකා ජාතික වෛද්‍යවරුන් වන බ්රන්ට්ලි හා නැන්සි රයිට්බෝල් දෙදෙනා එබෝලා වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්වීම වෛද්‍යවරුන් බරපතල ගැටළුවක් වී තිබිණි.
ඔවුන් දෙදෙනාගේ ජීවිතය බේරාගැනීමට නම් පරීක්ෂණ මට්ටමේ තිබූ ඉසඩ්මැප් නමැති ප්‍රතිකාරය ලබා දීමට හැකි බව පවසමින් ජාතික සෞඛ්‍ය විද්‍යායතන ඒ වෛදයවරු දෙදෙනා දැනුම්වත් කරනු ලැබිණි. එම ඖෂධය එතෙක් කිසිදු මනුෂ්‍යයකුට ලබා නොදුන් බව දැන දැනත් වෛද්‍යවරු දෙදෙනාම අත්හදා බැලීමක් ලෙස එය ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළෙන් අනුමත නොවූ ඖෂධය ඔවුන් දෙදෙනාට ලබා දී ඇත.
මියැදෙමින් සිටි බ්රන්ට්ලි ඖෂධය ලබාදිමෙන් පසු දින තනිවම ස්නානය කළ හැකි මට්ටමට සුව වී සිටියේය. රයිබෝල්ට් ද ඖෂධ ගැනීමෙන් පසු ඉක්මණින් සුවපත් වූවාය. දැන් දෙදෙනා ම විශේෂ ගුවන් යානයකින් ඇමෙරිකාවට ගොස් සිටිති.
එබෝලා සඳහා සොයාගෙන ඇති නව ප්‍රතිකාරය වන ඉසඩ්මැප් මිනිස් පරිභෝජනය සඳහා තවමත් අනුමත වී නැත. සායනික කටයුතු සඳහා එය යොදා ගත හැකිවන්නේ අනුමත කිරිමේ බලය ඇති ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ නිර්දේශය හිමිවුවහොත් පමණි. එසේ වුව ද දැනටමත් ඇමෙරිකානු වෛද්‍යවරු දෙදෙනෙක් සුවපත්ව සිටිති. මේ නිසා අප්‍රිකාවේ දහස් ගණනක් මිනිසුන් බේරා ගැනීමට ඉසඩ්මැප් ඖෂධය ඉක්මණින් ම සායනික කටයුතු සඳහා යොදාගනු ඇතැයි අපේක්ෂිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත හදපු කොම්පැණි එකේ වැඩක්ද දන්නේ නෑ..ඔය බෙහෙත් සමාගම් වල තියෙන්නෙම ඕවගේ යටිකුට්ටු වැඩ තම.(දී)
ඇත්තටම සුබ ආරංචියක්.(අ)
ඇමරිකවම වෛරස් හදලා යවල, වෛරස් හැදුන මිනිස්සුන්ටම ඒවා විකුනනවා (දී)
1900 දීජීවිත අපේක්ෂාව සියයට 50යි. ළමා මරණ අනුපාතය ඉතා ඉහලයි. බොහෝ ඖෂධ සංයෝගසොයා ගත්තේ පරිසරයෙනි. අපට නොමිලේ දෙන එන්නත් නොතිබුනා නම් කිසිම මිනිසෙකු ඉතිරි වන්නේ නැත. (ස)
සුව වුණා නම් සතුටුයි (නි)
ඇමරිකාවට ජයවේවා! (නි)
හොඳ දේ හොඳයි කියාපන් මහේෂ් මලයෝ... ඔය මදිකමක් පුංචිකමක් වගේ දැනෙන්නේ කුහකකමක් නිසාවෙන්.අපේ පුංචි රටේ මේ ලෝකයේ හැමදේටම බෙහෙත් නැහැ. (නි)
ලොකයේ බෙහෙත් ව්‍යාපාරය මාෆියාවක්. මාෆියා කාරයන්ගේ කොම්පැනියෙ නෙමෙයි නම් කොහොමටත් අවසරය නොලැබේ. අපේ පුචි රටේ ඔනෙ තරම් හෙල ඔසු තියෙනවා සුව කල නොහැකි යැයි බටහිර වෙදුන් කියන අසනීප සදහා. නමුත් කිසිම අවසරයක් නැත. තවද බ්‍රොකර් දොස්තරලා එම ඔසු කන්ඩෙම් කර නැතිම කරලා දානවා. අපේ රජයේ ආයතන හා දේපාර්ථමෙන්තු නිදි. (දී)
දේශීය වෙදකමට ගහන්න තවත් වෙද කමක් නැහැ (දී)
පින තියෙන්න ඕනේ (දී)
ඒ දෙන්න තවම සම්පුර්නයම සුව වෙලා නැහැ . අනික තවම කව්රුවත් දන්නේ නැහැ ඔය බේත් වල අතුරු ප්‍රතිපල මොනවාද කියල (දී)
ලලීන්ද මෝඩ කතා කියන්න එපා මැරුණට පස්සෙ වගකියල මොකටද ඔයාටවඩා මොලේ තියන කට්ටිය තමයි ඕව හදන්නෙ අනුමතකරපු එන්නත් දීල මිනිස්සු මැරිල නැද්ද (දී)
පෙර පිනකට උන වැඩක්ද කොහෙද (දී)
හැමෝම මෙවන් වැඩ කරන්න එපා වග කියන්න කවුරුත් නැහැ (දී)
ඉබා ගාතේ බෙහෙත් ගන්න පුරුදු වෙන්න එපා (දී)
ඈමරිකාවට පුලුවන් තරම් බනිනවා අපේ මිනිස්සු මරනය පෙනි පෙනිත් මිනිසුන් ගලවගන්න යන්නෙත් ඔවුන්ම නේද? (දී)
හොද පුවතක් (දී)