මියන්මාරයේ සංචාරයක යෙදෙන තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත්රා සහ මියන්මාර ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කී අතර විශේෂ හමුවක් පෙරේදා (21) පැවැත්වුණු අතර ඉදිරි මැතිවරණ කටයුතුවලදී සූ කීට සහාය ලබා දීමට තායිලන්ත අගමැතිනිය පොරොන්දු වූවාය.එම හමුව පැවැත්වූයේ මියන්මාරයේ යැංගොන් නුවර පිහිටි තායිලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදීය.මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී රජය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයේදීසූ කී ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටින්නීය.දැනට මියන්මාර පාර්ලිමේන්තුවේ උභය මන්තී‍්‍ර මණ්ඩලවල ආසන 40 ක් පුරප්පාඩු වී ඇත. අතුරු මැතිවරණ පැවැත්වෙන්නේ එහෙයිනි. එම මැතිවරණයවලින් සූ කීට නියත ජයක් හිමි වනු ඇතැයි ද තායිලන්ත අගමැතිනිය සූ කී හමුවූ අවස්ථාවේදී කියා සිටියාය. අසල්වැසි රාජ්‍යයන් දෙකක් වන මියන්මාරය සහ තායිලන්තය මුහුණ දී සිටින බෙදුම්වාදීන් අර්බුදය ගැනද සූ කී සහ අගමැතිනී යිංග්ලක් අතර කතාබහට ලක් වූ බව රොයිටර් පුවත් සේවය පවසයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd