සුසුම්නාවට හානි වීමෙන්,මාංශ පේෂි දුර්වල වීමෙන්,හෝ වෙනයම් රෝගයක් නිසාවෙන් තම සිතැගි පරිදි අත් පා චලනය කිරීමට නොහැකි පුද්ගලයින් හට ආධාර විය හැකි රොබෝවරුන් විශේෂයක් නිපදවීමට ජපානයේ සයිබර්ඩයින් නම් රොබෝ නිශ්පාදක සමාගමක් කටයුතු කර ඇත.
මෙම රොබෝවරුන් ඇඳුමක් සේ ‘ඇඟලා‘ ගත යුතු වන අතර ඔවුන් පාලනය වන්නේ එසේ ඇගලාගෙන සිටින පුද්ගලයාගේ මොළයෙන් නිකුත් වන සංඥා වලිනි.
සයිබර්ඩයින් සමාගම පවසන ආකාරයට අත් පා වල චලනය අහිමි බොහෝ දෙනාට එම තත්ත්වය උදා වී ඇත්තේ මොළයෙන් ලැඛෙන පණිවිඩ ඒවාට නොලැබීම නිසාවෙන්ය.
මෙම රොබෝවා කරන්නේ මොළයෙන් එසේ ලැබෙන සංඥා ග්‍රහණය කරගෙන එහි ඇති ලීවර හා මෝටර වල කි්‍රයාකාරීත්වය ආධාරයෙන් අත් පා චලනය කරවීමයි.
මෙනිසා රොබෝවාගේ කි්‍රයාකාරීත්වය සිරුරින් පිටත පිහිටි ඇටසැකිල්ලක ක්‍රියාකාරීත්වය හා සමාන වන්නේ යැයි සයිබර්ඩයින් සමාගම පෙන්වා දේ.
ඉදිරියේදී මෙම රොබෝවරුන් ජපානයේ ප්‍රචලිත කරවීම ඔවුන්ගේ අදහසයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුසුම්නාවේ වැඩට රොබෝවෙක්
වීර් Thursday, 26 June 2014 09:23 AM
ලංකාව ගොඩක් අයට මෙම රෝගය තියනෙ. හැකි ඉක්මනින් ලංකාවට හඳුන්වා දෙන්න. (ස)
ජයත් Thursday, 26 June 2014 12:07 PM
ටිකක් අරන් අපේ දේශපාලන කට්ටියට දුන්නනම් මරු ! (ස)
ටෙරාන් Thursday, 26 June 2014 06:24 PM
අම්මෝ දැන් තියෙන තාක්ෂණයේ දියුණුව (දී)