නේවාසිකාගාර සදහා වන ඉල්ලූම අධික වීම නිසාවෙන් සිසුන් තෝරා ගැනීමට අපූරු ක‍්‍රමයක් අනුගමනය කළ විශ්වවිද්‍යාලයක් ගැන වාර්තා වන්නේ චීනයෙනි.
නැගෙනහිර චීනයේ ෂැන්ග්ඩොන්ග් පළාතේ පිහිටි ලියෝචෙන්ග් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ලබාගැනීම සදහා සිසුන් අතර පවතිනුයේ තියුණු තරගයකි.මේ දුටු බළධාරීන් සිදුකර ඇත්තේ නේවාසිකාගාර සදහා ඉල්ලූම් කර ඇති සිසුන් තරගයකට යොමු කිරීමයි.තරගයේ නීති අනුව විනාඩි 20 ක් ඇතුළත තමන්ගේ ඇද ඇතිරිලි නමා පෙන්විය යුතුය.ඉතා පිළිවෙලට ඇද ඇතිරිලි නමා ඇති සිසුවාට හෝ සිසුවියට නේවාසිකාගාරයේ කාමර පහසුකම් ලබා දීම සිදුවේ.
පසුගියදා පැවැති මේ තරගය සදහා සිසුහු 200 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.
විශ්වවිද්‍යාල බළධාරීන් පවසන පරිදි මේ තරගයේ ප‍්‍රධාන අරමුණ වූයේ පිළිවෙළට වැඩකරන සිසුන් හදුනාගැනීමයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.