වසරේ මේ දක්වා ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙන සංචාරකයින් ප‍්‍රමාණය පසුගිය වසර හා සැසදීමේදී සැළකිය යුතු ප‍්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බව ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
සංචාරකයින් පැමිණි රටවල් සැළකීමේදී වැඩිම පිරිසක් පැමිණ තිබෙන්නේ බටහිර යුරෝපයේ සිටය.නැගෙනහිරදිග ආසියාතික රටවල් හා මැදපෙරදිග රටවල් ශී‍්‍ර ලංකාවට සංචාරකයින් පැමිණීම අතින් දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගෙන ඇත.
ශී‍්‍ර ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබෙන රට වන්නේ චීනයයි.ප‍්‍රතිශතයක් ලෙස සැළකුවහොත් පසුගිය වසර හා සැළකිමේදී එම ප‍්‍රමාණය සියයට සියයකටත් වඩා ඉහළ ගොස් තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
අධිකාරියේ වාර්තා වලට අනුව වසරේ මේ දක්වා ගෙවී තිබෙන කාලයේදී සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 1.6 ක මුදලක් උපයා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව තිබේ.එය පසුගිය වසර හා සැසදීමේදී සියයට 31.4 ක ඉහළ යාමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය ආපු ඔක්කොම වීස ඉවර වෙනකොටම ගිහින්ද කියල හොයල බැලුවද? (ම)
දැන් ඔය ආපු ඔක්කොම වීසා ඉවර වෙනකොටම ගිහින්ද කියල හොයල බැලුවද? (නදී)
ඒක නම් හොඳ ආරංචියක් (නි)
මාත් ඇවිල්ලා ගියා සංචාරකයෙක් විදියට. (නදී)
එන සංචාරකයන් ප්‍රමාණය වැඩි ඌවා මෙන්ම , සංචාරකයන්ට සිදුවන අසාදාරන කම් ඔවුන්ට සිදුවන අඩම්තේට්ටම් ප්‍රමාණයද වැඩි ඌවා කියා මට සිතේ (නදී)