හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු පසුගියදා වෙනිසියුලාවේ පැවැති ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ හිටපු උප ජනපති නිකලස් මදුරෝගේ නව රජයේ ඇමැති ධුරයක් ප‍්‍රථම වරට කාන්තාවකට හිමි වී ඇත.
ප‍්‍රථම ඇමැතිනිය 32 හැවිරිදි සුරූපිනියක වන අලෙහෙන්ද්‍රා බෙන්ටිස්ය. ඇය වෙනිසියුලාව වෙනුවෙන් ඔලිම්පික් කී‍්‍රඩා තරග නියෝජනය කළ කඩු සටන් කී‍්‍රඩිකාවකි. ඇයට හිමිවී ඇත්තේ කී‍්‍රඩා අමාත්‍යාංශයයි.
2004, 2008 සහ 2012 ඔලිම්පික් කී‍්‍රඩා උළෙලවලදී වෙනිසියුලාව නියෝජනය කළ කඩු සටන් ශූරිය වූයේ ද ඇයයි. ‘කී‍්‍රඩාවේදී මට නොයෙක් අභියෝග හමුවී තිබෙනවා. දැන් මට රට වෙනුවෙන් විශාල අභියෝගයක් බාර ගන්න සිදුවෙලා. මා උපරිමයෙන් මගේ සේවය රටට ලබා දෙනවා. වෙනිසියුලාවේ සියලූම කාන්තාවන් වෙනුවෙන්.’ යැයි අලෙහෙන්ද්‍රා අන්තර් ජාලයේ ට්විටර් වෙබ් අඩවියට අදහස් දක්වා ඇත.
අලෙහෙන්ද්‍රා උපන්නේ කැරැකස් අගනුවරට දකුණින් පිහිටි ඇන්ටිමානෝ නගරයේය. ඇය දේශපාලනයට පිවිසියේ මීට දෙවසරකට පෙරය. එහෙත් චාවේස්ගේ නායකත්වය යටතේ ඇයට හෝ වෙන කිසිදු කාන්තාවකට හෝ සමාජ මෙහෙවරක් ඉටු කිරීමට අවස්ථාවක් උදා වූයේ නැත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වෙනිසියුලා කාන්තාවකට ප‍්‍රථම වරට ඇමැති ධුරයක්