රොබෝ කාර්යමණ්ඩලයක් සේවය සපයන හෝටලයක් පසුගියදා ජපානයේ සෙසීබෝ ප්‍රදේශයේදී විවෘත විය.
හෙන් නා යැයි නම් තබා ඇති මෙම හෝටලයේ නමෙහි අරුත වන්නේ ‘අමුතු‘ යන්නය. වැඩත් අමුතු නිසා එම නම මේ හෝටලයට හොඳීන්ම ගැලපෙන බව එහි නවාතැන් ගෙන සිටින්නෝ කියති.
හෝටලයට පැමිණෙන අමුත්තන් පිළිගැනීමට සිටින්නේ තරුණ කාන්තාවක් නොව ඩයිනෝසෝරයෙකුගේ පෙනුමට නිර්මානය කර ඇති රොබෝවෙකි. නවාතැන් පහසුකම්, ආහාර පහසුකම්, අයකිරීම් ආදී සියලූ තොරතුරු මේ රොබෝවාගෙන් ලබාගත හැකිය.
එතැන් සිට ගමන්මලූ කාමර වෙත ගෙනවිත් දීම දක්වා සියලූ කටයුතු කරන්නේ රොබෝවරුන්ය. කාමරයේ දොර ඇරීම හා වැසීම පාලනය වන්නේ පැමිණ සිටින අමුත්තාගේ මුහුණ හදුනාගෙන ක්‍රියාත්මක වීමේ සමත් විශේෂ උපකරණයකිනි.
එක් රැයක් ගතකිරීම සදහා මෙම හෝටලය යෙන් 7000 ක මුදලක් අය කරන බව සඳහන්ය.
කෙසේනමුත් හෝටලයේ සියලූ කටයුතු භාරදී ඇත්තේ රොබෝවන්ට නොවේ.ආරක්ෂක සේවය, ආහාර පිසීමේ කටයුතු, සේදුම් කටයුතු ආදිය භාරව කටයුතු කරන්නේ මිනිසුන්ය.

![480742348[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/4807423481.jpg)
![e2c702efc3134652bffa1518c90d9de6-0ad6005d4f3f435398726828feab0c7e-8[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/e2c702efc3134652bffa1518c90d9de6-0ad6005d4f3f435398726828feab0c7e-81.jpg)
![recption[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/recption1.jpg)
![628x471[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/628x4711.jpg)
![12222943[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/122229431.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිටත් යන්න ඇත්නම්... (නි)
යන්නකෝ හම්බන්තොට ඔක්ක්මෝම රොබෝලා (ම)
ගාන සැරද දන්නේ නැහැ නේද ? (නදී)
ඉතා හොඳ දෙයක් (නදී)